නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීම ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි අයව නැවත හමු වීමට යන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. එහි අරමුණ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම හෝ කලකට පෙර මුද්‍රණය කළ පිටු 192කින් යුත් වෙනත් පොතක් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, සියලුම ජනයා සඳහා පොතක් සහ සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ වර්ෂ 2009 දිස්ත්‍රික් සමුළුව ගැන ජනයාට දැනුම් දීම සඳහා ලෝක ව්‍යාප්තව විශේෂ වෑයමක් දරනවා. ඔබේ ප්‍රදේශයේ සිටින ජනයාට බෙදාහැරීම සඳහා විශේෂ ආරාධනා පතක් සියලුම ප්‍රචාරකයන්ට ලැබෙයි. බෙදාහැරීම ආරම්භ කරන්නේ දිස්ත්‍රික් සමුළුවට සති තුනකට පෙරයි.
◼ ප්‍රචාරකයන්ට සමුළු බැජ් කාඩ්පත් ලබා දෙන්නේ සභාව මගිනුයි. ජාත්‍යන්තර සමුළු සඳහා පළඳින්නේද එම බැජ් කාඩ්පත්මයි.