ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/09 3 පි.
  • පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් පුනරීක්ෂණය
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 4/09 3 පි.

පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2009 අප්‍රියෙල් 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2009 මාර්තු 2 සිට අප්‍රියෙල් 27 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවයි.

1. දවසක් දවසක් පාසා පැමිණි පරීක්ෂාවලට යෝසෙප් මුහුණ දුන් ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (උත්. 39:9) [w04 1/15 29 පි. 5 ඡේ.]

2. සැබෑ ක්‍රිස්තියානීන් උපන් දින උත්සව සමරන්නේ නැත්තේ ඇයි? (උත්. 40:20-22) [bh 157 පි. 7 ඡේ.]

3. අපට විරුද්ධව පව් කර තිබෙන අයට සමාව දීම සම්බන්ධයෙන් යෝසෙප් කදිම ආදර්ශයක් වන්නේ කෙසේද? (උත්. 45:4, 5) [w99 1/1 31 පි. 2-3 ඡේ.]

4. “ඔබ මේ දේශයෙන් පිට වී යද්දී මගේ ඇටකටු මෙතැනින් ගෙන යන්න” කියා යෝසෙප් දුන් ආඥාව සෙනඟට බලපෑවේ කෙසේද? (උත්. 50:25, NW) [w07 6/1 28 පි. 10 ඡේ.]

5. අපට අභියෝගාත්මක පැවරුමක් ලැබුණු විට එය හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය අපට ලැබෙන්නේ කොහෙන්ද? (නික්. 4:10, 13) [w04 3/15 25 පි. 4 ඡේ.]

6. යෙහෝවා දෙවි පාරාවෝට ඔහුගේ බලය පෙන්වීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද? එය අපට බලපෑ යුත්තේ කෙසේද? (නික්. 9:13-16) [w05 5/15 21 පි. 8 ඡේ.]

7. නික්මයාම 14:30, 31හි සඳහන් වදන් මේ කාලයේ සිටින අපට වැදගත් වන්නේ ඇයි? [w04 3/15 26 පි. 5 ඡේ.]

8. නික්මයාම 16:1-3හි සඳහන් සිද්ධියෙන් පෙනී යන ආකාරයට මැසිවිලි නැඟීමෙන් සිදු වන හානි මොනවාද? [w93 3/15 20 පි. 2 ඡේ.–21 පි. 2 ඡේ.]

9. නික්මයාම 19:5, 6හි [NW] සඳහන් නීතික ගිවිසුමට අනුව ඊශ්‍රායෙල්වරුන්, “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්” කියා පැවසිය හැක්කේ කොතෙක් දුරටද? [w95 7/1 16 පි. 8 ඡේ.]

10. තණ්හාව හා සම්බන්ධ දසවන පනත මිනිසුන් සාදා තිබෙන නීතිවලට වඩා උසස් වන්නේ කෙසේද? (නික්. 20:17) [w06 6/15 23-24 පි. 16 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න