අප කළ සේවය
පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව බෙදාහැරීමෙන් අපි සතුටක් ලැබුවා. එම පත්‍රිකාවේ තිබෙන ප්‍රශ්න ගැන හැමෝම උනන්දු වන බව වාර්තා වෙනවා. සංවාදයකින් පසුව පත්‍රිකාවේ අවසන් පිටුවේ සඳහන් බයිබලයේ ඉගැන්වීම් පොත පහසුවෙන් හඳුන්වා දීමට හැකි වී තිබෙනවා. මෙවැනි පත්‍රිකා අපගේ දේවසේවයට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ ගැන අප සතුටු වෙනවා. ඒ නිසා දිගටම උනන්දුව දක්වන අයට බයිබල් පාඩම් පවත්වන ආකාරය පෙන්වා දෙන්න.