නිවේදන
◼ මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීම ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි අයව නැවත හමු වීමට යන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මෙහි අරමුණ විය යුත්තේ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම හෝ කලකට පෙර මුද්‍රණය කළ පිටු 192කින් යුත් වෙනත් පොතක් ඉදිරිපත් කරන්න. ජූලි: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, සියලුම ජනයා සඳහා පොතක් සහ සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ අලුත් මුරටැඹ හා පිබිදෙව්! සඟරා ලැබුණු විගස සහෝදරයන්ට ලැබෙන්න සලස්වන්න. දේවසේවයේදී ඒවා බෙදාහැරීමට පෙර එහි අඩංගු තොරතුරු කියවා ඉදිරිපත් කරන ආකාරය සූදානම් වීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙයි.