පෙබරවාරි 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 118
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 25-28
අංක 1: උත්පත්ති 25:1-18
අංක 2: උතුම් ගුරුවරයා අනුන්ට සේවය කළා (lr 6 පරි.)
අංක 3: රාජ්‍යය: ක්‍රිස්තුස්ගේ සතුරන් ක්‍රියාකාරීව සිටියදීම රාජ්‍යය ක්‍රියාත්මක වීමට පටන්ගනී (34ආ, බයිබලයේ 1700 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 211
විනා. 5: සභා නිවේදන.
විනා. 8: සභා රැස්වීම් ගැන හඳුන්වා දෙන නව පත්‍රිකාව. මෙම පත්‍රිකාව ගැන පැහැදිලි කරන කතාවක්. අපගේ පණිවිඩයට උනන්දුවක් දක්වන සියලුදෙනාටම පත්‍රිකාවක් දෙන්න. දේවසේවයේදී හා නැවත බැලීම්වලදී මෙම පත්‍රිකාව යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: බයිබල් පාඩම් ආරම්භ කිරීම ගැන ලබා තිබෙන අද්දැකීම්. ඔබේ සභාව පසුගිය මාසයේ බයිබල් පාඩම් ඉදිරිපත් කිරීමට තෝරාගත් සති අන්තයේදී අත් කරගත් ප්‍රතිඵල ගැන පවසන්න. ඒ සඳහා වෙන් කළ සති අන්තයේදී බයිබල් පාඩම් ඉදිරිපත් කිරීමට සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 12: “සිහි කිරීමට ඇරයුම් කරමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. පැමිණ සිටින සෑම කෙනෙකුටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් ලබා දී එහි සඳහන් තොරතුරු සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 87