ජනවාරි 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 162
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 6-10
අංක 1: උත්පත්ති 9:1-17
අංක 2: යෙහෝවා දෙවි: සියලුදෙනාම සේවය කරන්නේ එකම දෙවිට නොවේ (31ඈ, බයිබලයේ 1699 පි.)
අංක 3: ආදරණීය දෙවි කෙනෙකුගෙන් ලියුමක් (lr 2 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 16
විනා. 5: සභා නිවේදන.
විනා. 10: නිසි ආකල්පයකින් යුතුව දේවසේවයේ හවුල් වීමේ ඇති ප්‍රයෝජන. සබය සමඟ සාකච්ඡාවක්. මේ පිළිබඳ හොඳ ආදර්ශයක් තැබූ යේසුස් තමන් දේශනා කළ අයව සැලකුවේ උපකාරය අවශ්‍ය බැටළුවන් ලෙසයි. (මතෙ. 9:36-38) අනනියස් මුලින්ම සාවුල්ව හමු වීමට අදිමදි කළත් පසුව ඔහුට ඔහුගේ ආකල්පය වෙනස් කරගැනීමට උපකාරවත් වූයේ කුමක්ද? (ක්‍රියා 9:13-15) තමන්ට නිසි ආකල්පයක් තිබූ බව අනනියස් පෙන්වූයේ කෙසේද? (ක්‍රියා 9:17) අපගේ බලප්‍රදේශයේ සිටින ජනයාවත් එවැනිම යහපත් ආකල්පයකින් යුතුව හමු විය යුත්තේ ඇයි? නිසි ආකල්පයකින් යුතුව දේවසේවයේ හවුල් වීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? නිසි ආකල්පයකින් යුතුව දේවසේවයේ හවුල් වී හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබෙන ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
විනා. 10: වර්ෂ 2007 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ පළමුවන පිටුවේ පළ වූ “අපේ බලාපොරොත්තුව ගැන අන් අයට පවසමු” නමැති ලිපිය පදනම් කරගෙන සේවා අවේක්ෂක හෝ වෙනත් වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කරන කතාවක්. ක්ෂේත්‍ර සේවය සඳහා හොඳින් සූදානම් වන විට බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ යෝග්‍ය හැඳින්වීම් යොදාගන්නවා නම් අප ‘උගන්වන දේවල් ශුද්ධ ලියවිල්ලෙන් තර්කානුකූලව පහදා දෙන්න’ අපට හැකියි.—ක්‍රියා 17:2, 3.
විනා. 10: “ඔවුන් අසන්නේ කෙසේද?”a
ගීතිකා අංක 38
[පාදසටහන]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.