සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැ. 1
“මේ උපදෙස පිළිපැදීමෙන් විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ නැද්ද? [යෝබ් 31:1 කියවා ප්රතිචාරයට ඉඩහරින්න.] විවාහ බැඳීම ශක්තිමත්ව තබාගන්න යුවළකට උපකාරවත් වන බයිබල් ප්රතිපත්ති මේ ලිපියේ සඳහන් වෙනවා.” දහඅටවන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! නොවැ.
“සයුරේ සම්පත් විශාල ප්රමාණයෙන් විනාශ වෙමින් තිබෙන බව බොහෝදෙනෙක් පිළිගන්නවා. මේ ප්රශ්නය විසඳන්න ආණ්ඩුවලට හැකියි කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහැර මතෙව් 6:10 කියවන්න.] මුහුදේ සිදු වන මේ විනාශයට හේතු ගැනත් දෙවි ගෙනෙන විසඳුම ගැනත් මේ ලිපියේ පෙන්වා දෙනවා.” විසිවන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ දෙසැ. 1
“අවුරුද්දේ මේ කාලයේ හුඟදෙනෙක් යේසුස් ගැන කල්පනා කරනවා. යේසුස්ගේ ජීවිතය ඔබට බලපා තිබෙන්නේ කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න කියලා බයිබලයේ අපව උනන්දු කරනවා. [1 පේතෘස් 2:21 කියවන්න.] යේසුස්ව අනුගමනය කිරීමෙන් වඩා යහපත් සන්තෝෂවත් කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! දෙසැ.
“මිනිසුන් ඈත අතීතයේ සිටම මේ ප්රශ්නය ගැන හිතනවා. [කවරයේ තිබෙන ප්රශ්නය පෙන්වන්න.] ඔබ හිතන විදිහට මේ ප්රශ්නයට සෑහීම ගෙන දෙන උත්තරයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඒ සඳහා අපි දෙවිගේ උපකාරය ලබාගත යුත්තේ ඇයි කියලා මේ බයිබල් පදයේ පෙන්වා දෙනවා. [ගීතාවලිය 100:3 කියවන්න.] මේ කාරණා ගැන බයිබලයේ සඳහන් දේ මේ සඟරාවේ පැහැදිලි කරනවා.”