සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ඔක්.
“අපි ආදරය කළ හුඟක් අය මරණය නිසා අපට අහිමි වෙලා තියෙනවා නේද? ඒ අය කොහේ හරි ඉඳලා අපි දිහා බලාගෙන ඉන්නවා කියලා ඔබ හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ලාසරුස් මැරුණ වෙලාවේ යේසුස් කිව්ව දේ ඔබ දන්නවාද? [යොහන් 11:11 කියවන්න.] මරණයෙන් පස්සේ කෙනෙක් වෙන කොහේ හරි ජීවත් වෙනවද නැත්නම් නැවත නැඟිටුවනකම් තද නින්දේ ඉන්නවද කියලා මේ ලිපියේ පැහැදිලි කරනවා.” මෙහි 28වන පිටුවේ ලිපිය පෙන්වන්න.
මුරටැඹ නොවැ. 1
“මිනිසුන් නිහතමානී නම් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගුණාංගය ගැන යේසුස් කිව්ව දේ බලන්න. [මතෙව් 23:12 කියවන්න.] මේ වගේ කාලයක නිහතමානිකම ඇතුව සිටීම කොයි තරම් වටිනවාද කියලා මේ ලිපියේ පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! නොවැ.
“අතීතයේදී මිනිසුන් බයිබලයෙන් නිතරම මඟ පෙන්වීම් ලබාගත්තා. නමුත් අද සිටින හුඟක් අය ඒක විශ්වාස කරන්න පුළුවන් පොතක්ද කියලා සැක කරනවා. ඒ ගැන ඔබ මොකක්ද හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහැර, 2 තිමෝති 3:16 කියවන්න.] බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බව විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි මේ විශේෂ පිබිදෙව් කලාපයේ පැහැදිලි කරනවා.”
මුරටැඹ නොවැ. 15
“අපි හැම කෙනෙක්ම කැමති ජීවිතය අරමුණක් ඇතුව සතුටින් ගත කරන්නයි. සැබෑ සතුට ලබාගන්න පුළුවන් ආකාරය ගැන යේසුස් කිව්ව මේ දේට ඔබ එකඟ වෙනවද? [මතෙව් 5:3 කියවා ප්‍රතිචාරයට ඉඩහරින්න.] සතුටින් පිරි ජීවිතයක් ලබන්න නම් අපි සැබෑ දෙවිව හඳුනාගෙන ඔහුට නමස්කාර කිරීම අත්‍යවශ්‍යයි කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”