සේවා රැස්වීම් වැඩසටහන
අගෝස්තු 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63
විනා. 10: සභා නිවේදන. අලුත් සඟරාවල තිබෙන ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නා ලිපි මොනවාද කියා සබයෙන් අසන්න. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලිපිවල විශේෂ කරුණු ගැන සඳහන් කිරීමට සබයට ආරාධනා කරන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයක්ද? ඉන්පසු කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද? එම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ කිරීමට සැලසුම් කරන්න.
විනා. 15: අවධානය වෙනතකට යොමු නොකර දෙවිගේ කැමැත්ත කරන්න. වර්ෂ 1998 මාර්තු 1 මුරටැඹ සඟරාවේ 30වන පිටුවේ 4 ඡේදයේ සිට 31 පිටුවේ 4 ඡේදය දක්වා පදනම් කතාවක්.
විනා. 20: “ඔබ පොදු කලාපයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද?”a මුරටැඹ සඟරාවේ පොදු කලාපයේ නව අංගවලින් එකක් යොදාගැනීම ගැන අද්දැකීමක් තිබෙන ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. එම අද්දැකීම යළි නිරූපණය කර දක්වන්න පුළුවන්. එමෙන්ම දෙවන ඡේදය සලකා බලන විට අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ පළ වී තිබෙන “යේසුස්ගෙන් ඉගෙනගනිමු” නමැති ලිපිය යොදාගෙන පාඩමක් පටන්ගත හැකි ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 26
අගෝස්තු 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 135
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. “චාරිකා එක්රැස්වීම් වැඩසටහන” සාකච්ඡා කරන්න. එය පත්වන දිනය දන්නවා නම් සබයට දැනුම් දෙන්න. ඊළඟ සතියේ පැමිණෙන විට සැප්තැම්බර් 1 මුරටැඹ හා සැප්තැම්බර් පිබිදෙව්! සඟරා ගෙන ඒමටත් ප්‍රදේශයේ ජනයාට ගැළපෙන ආකාරයට එම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන කරන සාකච්ඡාවේදී අදහස් දැක්වීමටත් සූදානම් වී පැමිණෙන්න කියා මතක් කරන්න.
විනා. 20: අප අඳින පළඳින ආකාරයෙන් දෙවිව ගෞරවයට පත් වෙයි. වැඩිමහල්ලෙක් කරන කතාවක්. දෙවි ශුද්ධ නිසා ඔහුගේ සෙනඟද පවිත්‍රව සිටීමට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. (නික්. 30:17-21; 40:30-32) සේවයේ නිරත වන විට අප ආදර්ශවත් ලෙස ඇඳ පැළඳ ප්‍රසන්න ලෙස පෙනුම සකස් කරගෙන සිටීමෙන් දෙවි සතුටු වන අතර එමගින් ඔහුව ගෞරවයටද පත් වෙයි. (1 පේතෘ. 2:12) අප එසේ ක්‍රියා නොකළොත් මිනිසුන් “දෙවිගේ වචනය ගැන නිග්‍රහාත්මක ලෙස කතා කිරීමට” ඉඩ තිබෙනවා. (තීත. 2:5) ප්‍රචාරකයෙක් ආදර්ශවත් ලෙස ඇඳ පැළඳ සිටීම නිසා සාක්ෂියක් දැරීමට හැකි වූ ආකාරය පෙන්වා දෙන සභාවේ හෝ අපේ ප්‍රකාශනවල පළ වූ අද්දැකීමක් ඉදිරිපත් කරන්න.
විනා. 15: ප්‍රබල සාක්ෂියක් දරන දරුවන්. දෙමාපියන්ට මෙන්ම නව පාසැල් වාරයට සූදානම් වන දරුවන්ටද දිරිගැන්වීමක් ලැබෙන කතාවක්. සාක්ෂි දැරීමට උදාවන ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගැනීමට දරුවන්ට මතක් කරන්න. කාලය තිබෙනවා නම් පාසැලේදී සාක්ෂි දැරීම ගැන අද්දැකීමක් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 61
අගෝස්තු 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 24
විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් කිරීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. “විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන” සාකච්ඡා කර එය පවත්වන දිනය දන්නවා නම් සබයට දැනුම් දෙන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 15: සැප්තැම්බර් 1 මුරටැඹ සහ සැප්තැම්බර් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. සබය සමඟ සාකච්ඡාවක්. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහස කෙටියෙන් ඉදිරිපත් කරන්න. ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නා ලිපි මොනවාද කියා සබයෙන් අසන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයක්ද? ඉන්පසු කියවිය හැක්කේ කුමන බයිබල් පදයද? අපගේ රාජ්‍යය සේවාවේ සඳහන් යෝජනාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ප්‍රදේශයට ගැළපෙන පරිදි තමන් සූදානම් කරගෙන සිටින ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය වැඩිමහල්ලෙක් ලවා කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 196
සැප්තැම්බර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 112
විනා. 10: සභා නිවේදන. අගෝස්තු මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 20: තනිව සිටියත් තනි නොකරමු. වර්ෂ 2008 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ 25-28 දක්වා පිටු මත පදනම් කතාවක්. සභාවේ ඇතැම් අය වැඩිහිටි නිවෙස්වල සිටිනවා නම් ඒ ගැන සඳහන් කරන්න. සභාවේ එවැනි අය කිසිවෙක් නැත්නම්, සභාවේ සිටින රැස්වීම්වලට හා සේවයේ සහභාගි විය නොහැකි දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසුවන අයට උපකාර කිරීම සඳහා සභාවේ සිටින අයව දිරිගැන්වීමට මේ ලිපියේ සඳහන් ප්‍රතිපත්ති යොදාගන්න.
විනා. 15: සැප්තැම්බර් මාසයේ සේවයේ යන විට මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් පටන්ගනිමු. සබය සමඟ සාකච්ඡාවක්. සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්නේ බයිබලයේ ඉගැන්වීම් පොතයි. මුල් හමුවීමේදී ගෙවැසියා සමඟ ඡේද කිහිපයක් සාකච්ඡා කිරීමට වෑයම් කරන්න. වර්ෂ 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ යෝජනා යළි සලකා බලා මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් පටන්ගත හැකි ආකාරය ගැන නිරූපණයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න.
ගීතිකා අංක 74
[පාදසටහන]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.