නිවේදන
◼ ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත මුල් හමුවීමේදීම ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් එයින් පාඩමක් පටන්ගැනීමෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට බයිබල් පාඩම් පටන්ගැනීමේ අරමුණින් බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාවේ පිටපතක් ලබා දී එය සාකච්ඡා කරන්න. නොවැම්බර්: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න.
◼ අගෝස්තු මාසයේ සම්පූර්ණ සති අන්ත පහක් තිබෙන නිසා එය උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයක්.
◼ සැප්තැම්බර් මාසයේ සිට චාරිකා අවේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව “නිර්දෝෂව ජීවත් වන්න” යන්නයි.
◼ ශාඛා කාර්යාලය පෞද්ගලික පොත් පත් ඇණවුම් භාරගන්නේ නැහැ. මාසික සභා පොත් පත් ඇණවුම සමිතියට යැවීමට පෙර මුලසුන භාර අවේක්ෂක ඒ බව සෑම මසකම සභාවට දැනුම් දීමට සැලසුම් කළ යුතුයි. එසේ කරන විට පෞද්ගලිකව පොත් පත් ඇණවුම් කිරීමට කැමති අයට ඒ බව පොත් පත් සේවකට දැන්වීමට හැකි වෙයි. ඇණවුම් කිරීමකින් තොරව විශේෂ අයිතම සභාවේ පොත් පත් තොගයේ තබාගන්නේ නැති මතක තබාගන්න.
◼ සභාව සතු සියලුම පොත් පත්වල හා සඟරාවල වාර්ෂික තොග ගණන් ගැනීම 2008 අගෝස්තු 31වන දින හෝ එදිනට ආසන්න දිනයකදී කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකාරක සහෝදරයා විසින් මාසිකව කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතුව පොත් පත් තොග ලේඛන පෝරමයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව සඟරා සේවක(යන්)ගෙන් දැනගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොගය අධීක්ෂණය කළ යුතුයි. සම්බන්ධීකරණ සභාවේ මුලසුන භාර අවේක්ෂක සහ ලේකම් මෙම පෝරමයට අත්සන් තැබිය යුතුයි. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝරම තුනක් ලැබෙනු ඇත. මුල් පිටපත සැප්තැම්බර් 6වනදාට කලින් ශාඛා කාර්යාලයට තැපැල් කරන්න කියා අප ඉල්ලා සිටිනවා. පිටපතක් ඔබේ සභාවේ ලිපි ගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගණන් කරන විට සටහන් කිරීමට යොදාගත හැකියි.
◼ බයිබල් පාඩම් පැවැත්වීම සඳහා ඕනෑ කරන්නේ විවරණිකාව වෙනුවට අප යොදාගන්නේ බයිබලයේ ඉගැන්වීම් පොතයි. නමුත් සභාවේ තිබෙන එම විවරණිකා තොගය අවසන් වන තුරු එය දිගටම බෙදාහැරිය හැකියි.
◼ අපගේ පොත් පත් සඟරාවල භාවිත කර ඇති සම්මත යෙදුම් කිහිපයක්ම වෙනස් කිරීම සුදුසු බව කලක සිට පෙනී ගොස් තිබෙනවා. එසේ වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපගේ පරිවර්තන වඩාත් නිවැරදි වනු ඇත. නිදසුනකට “ශුද්ධාත්මය” යන්න භාවිත කරනවා වෙනුවට “දෙවිගේ බලය” ලෙසට එය වෙනස් කර ඇත. මෙම යෙදුම මෙන්ම වෙනත් යෙදුම් වෙනස් කර තිබෙන්නේ පාලක මණ්ඩලයේ අනුදැනුම ඇතිව බව මතක තබාගන්න.