ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/08 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 5/08 3 පි.

නිවේදන

◼ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහරින්න. සිහි කිරීමට සහ විශේෂ කතාවට පැමිණි අයව නැවත හමු වන්න. එහි අරමුණ වන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට දැඩි වෑයමක් දරන්න. ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක් හා සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට දැඩි වෑයමක් දරන්න. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් එයින් බයිබල් පාඩමක් පටන්ගැනීමෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න.

◼ ස්වභාවික විපතකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය ගැන 2005 අගෝස්තු 1වනදා එවූ ලිපිය වැඩිමහල්ලන් විසින් යළි සලකා බැලිය යුතුයි. සෑම ප්‍රචාරකයෙකුම පදිංචි ස්ථානයත්, දුරකථන අංකයත් වැඩිමහල්ලන් දැන සිටිය යුතුයි. පහසුවෙන්ම විපත්ති සිදු විය හැකි ප්‍රදේශවල වෙසෙන ප්‍රචාරකයන්ව ඉක්මනින්ම සොයාගැනීමට හැකිවීම සඳහා ඔවුන්ගෙන් වැඩි විස්තර ලබාගත යුතුයි. ඊට අමතරව, නිවාඩුවකට හෝ ව්‍යාපාර කටයුත්තකට දිගු කලකට වෙනත් ප්‍රදේශයකට යනවා නම් නැතහොත් රෝහල් ගත වෙනවා නම් එම ප්‍රචාරකයන් තමන්ගේ පොත් පාඩම් අවේක්ෂකට හෝ වෙනත් වැඩිමහල්ලෙකුට ඒ බව දැනුම් දීම සුදුසුයි.

◼ වසර 2008 පවත්වනු ලබන දිස්ත්‍රික් සමුළුව සඳහා ආරාධනාපත් බෙදාහරින්නේ නැති බව සලකන්න. කෙසේවෙතත් ළඟදී ලොව පුරාම විශේෂ පත්‍රිකාවක් බෙදාහැරීමට සැලසුම් කරනවා. ඒ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න