සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්‍රි. 1
“අද පොළොවේ සම්පත් හුඟාක් දුෂණය වෙනවා. අනාගතයේදී අපේ පොළොවට මොනවා වෙයිද කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සැනසිල්ල ගෙන දෙන පොරොන්දුවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. [ගීතාවලිය 104:5 කියවන්න.] අනාගතයේදී මේ පොළොවට සිදු වන දෙය ගැන බයිබලයේ සඳහන් දෙය මේ ලිපියේ පැහැදිලි කරනවා.” දහවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! අප්‍රි.
“අපි සෑම කෙනෙක්ම ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ නිසා හුඟදෙනෙක් හිතනවා තමන්ට නමස්කාර කටයුතු සඳහා කාලයක් නැහැයි කියලා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු එෆීස 5:15-17 කියවන්න.] නමස්කාරයේ කටයුතු සඳහා දෙවි අපෙන් කොතරම් කාලයක් බලාපොරොත්තු වෙනවාද කියා මේ ලිපියේ කතා කර තිබෙනවා.” විසිවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ මැයි 1
“තමන් විශ්වාස කරන්නේ තමන්ට පෙනෙන දේවල් විතරයි කියලා හුඟදෙනෙක් කියනවා. ඔබත් එයට එකඟද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු රෝම 1:20 කියවන්න.] දෙවිගේ නිර්මාණවලින් පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්, දෙවිගේ ගතිලක්ෂණ තුනක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා. ඒ වගේම ඒ ගතිලක්ෂණ ගැන අධ්‍යයනය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් මේ සඟරාවේ පෙන්වා දෙනවා.”
පිබිදෙව්! මැයි
“අද හුඟදෙනෙක් ඉන්නේ අනාගතය ගැන බියෙන්. ඔබ හිතන විදිහට මේ තත්වය හොඳ අතට හැරෙයිද, නැත්නම් තවත් දරුණු වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු එළිදරව් 21:3, 4 කියවන්න.] මිනිසුන්ට විසඳන්න බැරි බරපතළ ගැටලු ළඟදීම විසඳන්න දෙවිට හැකි බව විශ්වාස කරන්න පුළුවන් හේතු මේ සඟරාවේ විස්තර කරනවා.”