සේවා රැස්වීම් වැඩසටහන
අප්‍රියෙල් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 183
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: “ස්තුතිවන්ත වන බව පෙන්වන්න”a කාලය අනුව සඳහන් කර තිබෙන බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: “වියෝ දුකෙන් පෙළෙන අයව සනසමු”b වියෝ දුකෙන් සිටි කෙනෙකුව සැනසීමෙන් ලැබූ කැපී පෙනන අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 42
අප්‍රියෙල් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 171
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් දැමීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. හයවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන අප්‍රියෙල් 1 මුරටැඹ හා අප්‍රියෙල් පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: අපි රැස්වීම්වලට යා යුත්තේ ඇයි? වසර 2007 මැයි 15 මුරටැඹ සඟරාවේ 11-13 දක්වා පිටුවල තොරතුරු පදනම් කරගනිමින් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. රැස්වීම්වලට පැමිණීමෙන් ලබා තිබෙන ප්‍රයෝජන ගැනත් නිතිපතා රැස්වීම්වලට පැමිණීමට තිබූ බාධක ජය ගත් ආකාරය ගැනත් පැවසීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 197
අප්‍රියෙල් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 55
විනා. 10: සභා නිවේදන. අප්‍රියෙල් මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ඊළඟ සතියේ පැමිණෙන විට මැයි 1 මුරටැඹ සහ මැයි පිබිදෙව්! සඟරා ගෙන ඒමටත් බලප්‍රදේශයට ගැළපෙන ආකාරයට එම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන කරන සාකච්ඡාවේදී අදහස් ඉදිරිපත් කිරීමටත් සූදානම් වී පැමිණෙන්න කියා මතක් කරන්න.
විනා. 15: ශුභාරංචියක් ප්‍රකාශ කිරීම. විනාඩියකට වඩා අඩු කාලයකින් හැඳින්වීම ඉදිරිපත් කර 2005 ජූලි 1 මුරටැඹ සඟරාවේ 18-19 පිටුවල තිබෙන 10-14 ඡේද පදනම් කරගෙන වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. ශුභාරංචිය ගැන මුලින්ම ඇසූ අවස්ථාවේදී ලැබූ සැනසිල්ල හා අනාගතය ගැන ඇති වූ බලාපොරොත්තුව ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: වර්ෂ 2008 වාර්ෂික පොතින් ප්‍රයෝජන ගනිමු. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව කියවිය හැකි අයට 2008 වාර්ෂික පොතක් ගෙන, එහි සඳහන් ඇදහිල්ල ශක්තිමත් කරන තොරතුරු කියවීමට දිරිගන්වන්න. මෙහි 3-4 පිටුවල සඳහන් “පාලක මණ්ඩලයෙන් ලිපියක්” නැමති කොටස සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 65
මැයි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 217
විනා. 10: සභා නිවේදන. මැයි 1 මුරටැඹ සහ මැයි පිබිදෙව්! සඟරාවල ලිපි ගැන සමස්ත අදහස කෙටියෙන් ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රදේශයේ මිනිසුන්ගේ සිත්ගන්නා ලිපි මොනවාද කියාත් එසේ පැවසීමට හේතු ගැනත් සබයෙන් අසන්න. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලිපිවල විශේෂ කරුණු ගැන සඳහන් කිරීමට ආරාධනා කරන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයක්ද? ඉන්පසු කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද? ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා ඒ බයිබල් පදය අදාළ කළ හැක්කේ කෙසේද? සබයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් හෝ අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් යෝජනාවක් යොදාගනිමින් මැයි 1 මුරටැඹ හා මැයි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: යෙහෝවා ඔබව කිසිසේත් අත්හරින්නේ නැහැ. වසර 2005 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ 8-11 දක්වා පිටු පදනම් කරගෙන ඉදිරිපත් කරන දිරිගන්වනසුලු කතාවක්.
විනා. 20: “ඔබ දේවසේවය තුළ ප්‍රගතියක් ලබමින් සිටිනවාද?”c තුන්වන ඡේදය සාකච්ඡා කරද්දී, සේවා පාසැල් පොතේ 6-8 පිටුවල සඳහන් “උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට මඟ” නමැති උපමාතෘකාව යටතේ තොරතුරු පදනම් කරගෙන අදහස් කිහිපයක් දක්වන්න.
ගීතිකා අංක 11
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.