ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/08 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • පෙබරවාරි 11න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 18න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 25න් පටන්ගන්නා සතිය
  • මාර්තු 3න් පටන්ගන්නා සතිය
2008 අපගේ රාජ්‍ය සේවාව
km 2/08 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

පෙබරවාරි 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 168

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. වර්ෂ 2007 අගෝස්තු අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ පළ වූ “නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන” නමැති ලිපිය සාකච්ඡා කරන්න. මෙය පවත්වන දිනය දන්නවා නම් නිවේදනය කරන්න.

විනා. 15: අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබට හැකිද? කතාවක් හා සබය සමඟ සාකච්ඡාවක්. මෙය පදනම් වන්නේ 2003 ජූලි 15 මුරටැඹ සඟරාවේ 20වන පිටුව මතයි. වර්ෂ 2007 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ 4-5 දක්වා පිටුවල ඇති අදහස්ද ඇතුළත් කරන්න. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන කෙනෙකු හෝ දෙදෙනෙකු කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන්ගෙන් මෙසේ අසන්න: මුහුණු දුන් අභියෝග මොනවාද? ඒවා ජය ගත්තේ කෙසේද? අද්දැක තිබෙන ආශීර්වාද මොනවාද?

විනා. 20: දේවසේවකයන් ලෙස ප්‍රගතියක් ලැබීමට නවකයන්ට උපකාර කරන්න. හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කරන්න. වර්ෂ 2005 දෙසැම්බර් 1 මුරටැඹ සඟරාවේ 31වන පිටුවේ ඇති තොරතුරු මුද්‍රිත ප්‍රශ්න යොදාගනිමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. දහඅටවන ඡේදය සාකච්ඡා කිරීමෙන් පසු අද්දැකීම් ලත් ප්‍රචාරකයෙකු සමඟ සේවය කරමින් සිටින නවක ප්‍රචාරකයෙකුට ගෙවැසියෙක් විරුද්ධත්වය පළ කරන ආකාරය නිරූපණය කරන්න. නවක ප්‍රචාරකයාගේ ප්‍රතිචාරය සාර්ථක නැහැ. ගෙවැසියා සවන් දීමට අකමැත්ත පළ කරයි. නිවසින් පිට වූ පසු අද්දැකීම් ලත් ප්‍රචාරකයා නවක ප්‍රචාරකයාගේ වෑයමට ප්‍රශංසා කරයි. එවැනි ගෙවැසියන්ව හමු වන විට බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ ඇති යෝජනා යොදාගත හැකි ආකාරය ඔහු පෙන්වා දෙයි.

ගීතිකා අංක 50

පෙබරවාරි 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 17

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන පෙබරවාරි 1 මුරටැඹ හා පෙබරවාරි පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 10: සභා අවශ්‍යතා.

විනා. 25: “විශිෂ්ට ඇදහිල්ලක්!”aසේවා අවේක්ෂක මෙහෙයවයි. අවසානයේදී පසුගිය සේවා වසරේදී සභාව අත් කරගත් දේවල් ගැන හොඳ පැති පෙන්වා දෙන්න.

ගීතිකා අංක 194

පෙබරවාරි 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 81

විනා. 10: සභා නිවේදන. පෙබරවාරි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න. යම් පවුලකට හෝ අසල්වැසියෙකුට සිහි කිරීමේ ආරාධනා පත්‍රය යොදාගනිමින් සිහි කිරීමට ආරාධනා කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 20: “අගය කිරීමෙන් යුතුව සිහි කරමු.”bකාලය තිබෙන පරිදි සඳහන් කර තිබෙන බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 15: ප්‍රශ්නවලට උත්තර දෙන විට බයිබලය යොදාගන්න. සේවා පාසැල් පොතේ 143-144 දක්වා පිටු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ඔබේ බලප්‍රදේශයේ ජනයා අසන ප්‍රශ්නයකට ප්‍රචාරකයෙක් බයිබලය යොදාගෙන උත්තර දෙන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න.

ගීතිකා අංක 119

මාර්තු 3න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 223

විනා. 10: සභා නිවේදන. “සිහි කිරීම ගැන මතක් කිරීම්” නමැති කොටුව සලකා බලන්න.

විනා. 20: මාර්තු මාසයේදී බයිබල් පාඩමක් පටන්ගන්න ඔබට පුළුවන්ද? සබය සමඟ සාකච්ඡාවක්. මාර්තු මාසයේ අපි ඉදිරිපත් කරන්නේ බයිබලයේ ඉගැන්වීම් පොතයි. මෙහි අරමුණ බයිබල් පාඩම් පටන්ගැනීමයි. මේ පොතේ ඇති විශේෂාංග කිහිපයක් සලකා බලන්න. සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් ලබා දුන් අවස්ථාවේදී හෝ සඟරා ලබා දුන් අවස්ථාවලදී උනන්දුව දැක්වූ කෙනෙකුව නැවත හමු වීමට යන විට හෝ මාර්තු 22න් පසුව මේ පොත බෙදාහරින විට හෝ එය ජනයාට ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. (km 8/07 7 පි.; km 3/06 1 පි. 3 ඡේ.; km 1/06 3-6 පි. බලන්න.) ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.

විනා. 15: අලුත් සඟරා ඉදිරිපත් කරන ආකාරය සූදානම් වන්න. මාර්තු 1 මුරටැඹ හා මාර්තු පිබිදෙව්! සඟරා මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. මේ සඟරාවල ඇති මූලික කරුණු කෙටියෙන් සලකා බලන්න. තම බලප්‍රදේශයේ ජනයාගේ සිත්ගනියි කියා සිතන ලිපි මොනවාද කියාත් එසේ පැවසීමට හේතු ගැනත් සබයෙන් අසන්න. තමන් මේ සඟරාවලින් ගෙවැසියන්ට ගෙනහැර දැක්වීමට අදහස් කරන කරුණු ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයක්ද, ඉන්පසු කියවන්නේ තෝරාගත් ලිපියේ කුමන බයිබල් පදයද කියාත් සබයෙන් අසන්න. දී තිබෙන යෝජනා යොදාගනිමින් මාර්තු 1 මුරටැඹ හා මාර්තු පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

ගීතිකා අංක 145

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න