දිව්යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්රශ්න 2008 පෙබරවාරි 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2008 ජනවාරි 7 සිට පෙබරවාරි 25 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. බයිබල් පදවල අර්ථය තේරුම්ගැනීමට සබයට උපකාර කිරීම සඳහා කුමක් කළ යුතුද? මෙසේ කළ යුත්තේ ඇයි? [be 228 පි. 2-3 ඡේ.]
2. සබය දැනුවත් කරවන තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ ඇයි? අපිට මෙය කළ හැක්කේ කෙසේද? [be 230 පි. 3-5 ඡේ., කොටුව]
3. සබය දැනුවත් කරවන තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා පර්යේෂණ කිරීම උපකාරවත් වන්නේ කෙසේද? [be 231 පි. 1-3 ඡේ.]
4. සබයට හුරුපුරුදු බයිබල් පද කියවන විට සබය දැනුවත් කරන ආකාරයකින් ඒවා ඉදිරිපත් කළ හැක්කේ කෙසේද? [be 231 පි. 4-5 ඡේ.]
5. අපි කියවන බයිබල් පද තර්කානුකූලව පහදා දීම වැදගත් වන්නේ ඇයි? [be 232 පි. 3-4 ඡේ.]
පැවරුම් අංක 1
6. මතෙව් පොත මූලිකව ලියා තිබෙන්නේ යුදෙව්වන් සඳහා බව පෙනී යන්නේ කුමකින්ද? [bsi08-1-SN 4 පි. 6-7 ඡේ.]
7. දෙවි රැස්වීම් මාර්ගයෙන් උගන්වන දේවලින් ප්රයෝජන ගැනීම සඳහා සිත සූදානම් කරගැනීමට අපට කළ හැකි දේවල් මොනවාද? (2 ලේක. 20:33) [be 13 පි. 4 ජේ.–14 පි. 4 ඡේ.]
8. ‘ගැලවීම ලබාගැනීම සඳහා නැණවත්’ පුද්ගලයන් බවට තම දරුවන්ව පත් කිරීමට දෙමාපියන්ට කුමක් කළ හැකිද? (2 තිමෝ. 3:15) [be 16 පි. 3-4 ඡේ.]
9. මතෙව්ගේ ශුභාරංචිය මගින් බයිබල් අනාවැකිවල ඉටුවීම කැපීපෙනෙන්න සලස්වන්නේ කෙසේද? [bsi08-1-SN 5 පි. 32 ඡේ.]
10. මතෙව් යේසුස්ව හඳුන්වන්නේ පොරොන්දු වූ ගැලවුම්කරු ලෙසයි. නමුත් මාක් යේසුස්ව හඳුන්වන්නේ කෙසේද? [bsi08-1-SN 7 පි. 7-8 ඡේ.]
සතියේ බයිබල් කියවීම
11. කෝපය පිට කිරීම එය තබාගෙන සිටීමට වඩා බරපතළද? (මතෙ. 5:21, 22) [w08 1/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—මතෙව් පොතෙන් විශේෂාංග”]
12. ‘සරල ඇසක්’ තබාගැනීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (මතෙ. 6:22, 23) [w06 10/1, 29 පි.]
13. “ඔබට මේ සියල්ලේ හරය වැටහුණාද” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් ඇසීමෙන් ඔහු පෙන්වා දෙමින් සිටියේ කුමක්ද? (මතෙ. 13:51, 52) [w08 1/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—මතෙව් පොතෙන් විශේෂාංග”]
14. “තමන්ව ප්රසිද්ධ නොකරන ලෙස” යේසුස් සුව කළ අයගෙන් ඉල්ලා සිටියේ ඇයි? (මතෙ. 12:16) [cl 93-94 පි.]
15. යමෙක් “මනින මිම්මෙන්ම” ඔහුටත් ‘මැන දෙයි’ කියා සඳහන් කිරීමෙන් යේසුස් පෙන්වා දීමට උත්සාහ කළේ කුමක්ද? (මාක් 4:24, 25) [gt 43 පරි.]