නිවේදන
◼ දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත. නැත්නම් යෙහෝවාට ළං වන්න හෝ පවුලේ සන්තෝෂයට රහස යන පොත්වලින් එකක් ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: දැනුම පොත (තිබෙනවා නම්) සහ සෝදිසියෙන් සිටින්න හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකා දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න. වර්ෂ 1991ට කලින් පළ කළ පිටු 192කින් යුත් ඕනෑම පොතක් ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදා දෙන්න. සිහි කිරීමට සහ විශේෂ කතාවට පැමිණි අයව නැවත හමු වන්න. එහි අරමුණ වන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමයි.
◼ මුලසුන භාර අවේක්ෂක විසින් පත් කරනු ලබන කෙනෙක් සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස සඳහා සභා ගිණුම් විගණනය කළ යුතුයි. එකම පුද්ගලයෙකුව විගණනය සඳහා දිගටම යොදා නොගත යුතුයි. ඉන්පසු සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.—Instructions for Congregation Accounting (S-27) බලන්න.
◼ දෙසැම්බර් මාසයේ සේවා රැස්වීමේදී ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ (Jehovah’s Witnesses—Organized to Share the Good News) නමැති DVD තැටියේ තොරතුරු සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා. නමුත් මෙය සලකා බලන්නේ තව මාස කිහිපයකට පසුවයි. මෙය අවශ්‍ය අය හැකි ඉක්මනින් එය සභාව මාර්ගයෙන් ඉල්ලුම් කරන්න.
◼ වර්ෂ 2008 ජනවාරි පටන් චාරිකා සතියේ පත්වනු ලබන සේවා රැස්වීමෙන් පසු, චාරිකා අවේක්ෂකගේ කතාවට කලින් ගායනා කරනු ලබන ගීතිකාව විය යුත්තේ සේවා රැස්වීම් වැඩසටහනේ අවසාන ගීතිකාවයි. මේ ගීතිකාවෙන් පසු සේවා රැස්වීමේ අවසන් කොටස මෙහෙයවූ සහෝදරයා චාරිකා අවේක්ෂකව කෙටියෙන් හඳුන්වා දෙයි. අනතුරුව චාරිකා අවේක්ෂක මුල්ම සේවා කතාව ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවට පැමිණෙයි. මේ කතාව අවසානයේදී චාරිකා අවේක්ෂකට හැකියි ඔහු තෝරාගත් ගීතිකාවක් ගායනා කිරීමට සබයට ආරාධනා කර ඉන්පසු රැස්වීම අවසන් කරන්න. මේ හා සමානව සභා පොත් පාඩම පත්වන සහෝදරයාද ගීතිකාවකින් හා යාච්ඤාවකින් රැස්වීම ආරම්භ කර පොත් පාඩම අවසානයේදී තවත් ගීතිකාවක් හඳුන්වා දෙයි. මෙම ගීතිකාවෙන් පසු ඔහු චාරිකා අවේක්ෂකට ඔහුගේ දෙවන සේවා කතාව ඉදිරිපත් කිරීමට ආරාධනා කරයි. මේ සේවා කතාවෙන් පසු තමන් තෝරාගත් ගීතිකාවක් හඳුන්වා දී රැස්වීම අවසන් කිරීමට චාරිකා අවේක්ෂකට හැකියි.