දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2007 දෙසැම්බර් 31න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2007 නොවැම්බර් 5 සිට දෙසැම්බර් 31 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. කතාවක අවසානය බලපෑමෙන් යුක්තව ඉදිරිපත් කිරීම සඳහා මතක තබාගත යුතු කරුණු මොනවාද? [be 220 පි. 4 ඡේ.–221 පි. 3 ඡේ.]
2. දේවසේවයේදී අපි පවසන දේවල් නිවැරදි බවට සහතික විය හැක්කේ කෙසේද? [be 223 පි. 2-4 ඡේ.]
3. අපි සභා රැස්වීම්වලදී කතා ඉදිරිපත් කරන විට සභාව “සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද” වශයෙන් ඉටු කරන කාර්යය කෙරෙහි ගෞරවය පෙන්විය හැක්කේ කෙසේද? (1 තිමෝ. 3:15) [be 224 පි. 1-4 ඡේ.]
4. අපි ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කළ යුත්තේ ඇයි? අපිට මෙය කළ හැක්කේ කෙසේද? [be 225 පි. 1-2 ඡේ.]
අපි අන් අයට උගන්වන විට තොරතුරු පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ හැක්කේ කෙසේද? [be 226 පි. 3 ඡේ.–227 පි. 1 ඡේ.]
පැවරුම් අංක 1
6. යෝනාගේ පොතේ අඩංගු වාර්තාවේ විශ්වාසවන්ත බව ඔප්පු වන්නේ කුමකින්ද? [bsi07-SN 18 පි. 3 ඡේ.]
7. දේවරාජ්‍යයේ රජු වන යේසුස් ගැන සඳහන් මීකා පොතේ අඩංගු අනාවැකිය කුමක්ද? [bsi07-SN 21 පි. 18 ඡේ.]
8. හබක්කුක් පොත දේවානුභාවයෙන් ලියා තිබෙන බව තහවුරු වන්නේ කුමකින්ද? [bsi07-SN 23 පි. 4 ඡේ.]
9. තමන් නිදහස ලබා යළි තම මව් බිමට පැමිණි අරමුණ ක්‍රි.පූ. 520වන විටත් යුදෙව්වන් ඉටු කර තිබුණේ නැහැ කියා පැවසිය හැක්කේ ඇයි? (හග්. 1:4) [bsi07-SN 27 පි. 3 ඡේ.]
10. සෙකරියා නැවත නැවතත් කතා කරන්නේ කුමන කාල පරිච්ඡේදය ගැනද? [bsi07-SN 30 පි. 26 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. කෘමි ආක්‍රමණය ගැන සඳහන් යෝවෙල්ගේ අනාවැකිය පළමු සියවසේදී ඉටු වූයේ කෙසේද? එය මේ කාලයේදී ඉටු වන්නේ කෙසේද? (යෝවෙල් 2:1-10, 28) [[w07 10/1 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යෝවෙල් සහ ආමොස් පොත්වල විශේෂාංග”]
12. ‘පලතුරු කූඩයෙන්’ අදහස් කළේ කුමක්ද? (ආමො. 8:1, 2) [[w07 10/1 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යෝවෙල් සහ ආමොස් පොත්වල විශේෂාංග”]
13. යෙහෝවා දෙවි නිනිවයේ වැසියන්ට ‘දඬුවම් කරන්න ගත් තීරණය වෙනස් කළේ’ ඇයි? මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (යෝනා 3:10, NW) [w03 7/15, 17-18 පි.]
14. යෙහෝවා දෙවිගේ නාමයෙන් ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මීකා 4:5) [w03 8/15, 17 පි. 19 ඡේ.]
15. යෙහෝවා දෙවි නවීන කාලයේ විනිශ්චය සඳහා ඔහුගේ “මාලිගාවට” පැමිණියේ කවදාද? කෙසේද? (මලා. 3:1-3) [re 32 පි. කොටුව; jd-E 179 පි. 3 ඡේ.–181 පි. 6 ඡේ.]