ප්‍රශ්න පෙට්ටිය
◼ අපි බෙදාහරින සඟරා පොත් පත්වල අපේ ලිපිනය හෝ පෞද්ගලික විද්‍යුත් තැපැල් (e-mail) ලිපිනය සඳහන් කිරීම සුදුසුද?
සමහර ප්‍රචාරකයන් අන් අයට ලබා දෙන සඟරා හා පත්‍රිකාවල තමන්ගේ ලිපිනය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය සඳහන් කරනවා. පොත් පත් සඟරා ලබාගන්න අයට වැඩි විස්තර තමන්ගේ ලිපිනයට ලියා දැනගන්න පුළුවන් කියා ඒ ප්‍රචාරකයන් සිතනවා. ඔවුන් එසේ කරන්නේ උනන්දුව දක්වන අයට උපකාර කිරීමේ යහපත් චේතනාව ඇතුවයි. එහෙත් අපේ සමිතියට අයිති වෙබ් අඩවියේ ලිපිනය සඟරා, පත්‍රිකා හා පොත් පත්වල සඳහන් කර තිබෙන නිසා අපේ පෞද්ගලික ලිපිනය පොත් පත්වල සඳහන් නොකර සිටිනවා නම් හොඳයි.
විශේෂයෙන්ම නැවත බැලීම්වලදී, තමන්ගේ ලිපිනය හෝ නැවත හමු විය හැකි ආකාරය ගැන තම බලප්‍රදේශයේ ජනයාට වෙනම කොළයක ලියා දීම සුදුසුද නැද්ද කියා තීරණය කිරීම එක් එක් ප්‍රචාරකයාට හැකියි. උනන්දුව දක්වන අයව හමු වූ විට අපිට ලියන්න කියා පවසමින් අපේ ලිපිනය දෙනවා වෙනුවට කළ යුතු හොඳම දෙය වන්නේ අපි මුල් පියවර ගෙන ඔවුන්ව හමුවීමයි. උනන්දුව දක්වන පුද්ගලයාව මුහුණට මුහුණලා හමු වී කතා කරන විට අපි අවංකව දක්වන පෞද්ගලික සැලකිල්ල දකින්න ඔහුට හැකියි.