ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/07 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
2007 අපගේ රාජ්‍ය සේවාව
km 11/07 3 පි.

නිවේදන

◼ නොවැම්බර්: ඉදිරිපත් කරන්නේ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතයි. තමන්ට දරුවන් නැහැ කියා පවසන අයට සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාව දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ යෙහෝවාට ළං වන්න හෝ පවුලේ සන්තෝෂයට රහස යන පොත්වලින් එකක් ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: දැනුම පොත (තිබෙනවා නම්) සහ සෝදිසියෙන් සිටින්න හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකා දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න. නැතහොත් 1991ට පෙර ප්‍රකාශිත පිටු 192කින් යුත් පොතක් ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත බෙදා දෙන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ උත්සාහයක් දරන්න.

◼ අප ගෙයින් ගෙට සේවයේ හවුල් වන විට, මාසයට අදාළ ප්‍රකාශනය ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය දෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ව දිරිගන්වන්න කැමතියි. මාසයට නියමිත ප්‍රකාශනය හැර වෙනත් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට ඉඳහිට සිදු වුවත් පොත් පත් බෙදාහැරීම මනා සැලැස්මකින් කිරීම සඳහා දී ඇති මඟ පෙන්වීම් අනුගමනය කරන්න.

◼ අදාළ මාසවලට අයත් ඉදිරිපත් කිරීම් අපගේ රාජ්‍ය සේවාවේ නිවේදනය යටතේ පළ වෙනවා. ඔබේ පොත් පත් නියමිත වේලාවට ලබාගැනීමට නම්, එම නිවේදනය දුටු වහාම පොත් පත් ඉල්ලුම් පෝරමය පුරවා එවන්න.

◼ දෙසැම්බර් මාසයේ සම්පූර්ණ සති අන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න එය කදිම මාසයක් වේවි.

◼ විවිධ සංස්කෘතීන් සහ ආගම්වල සිටින මිනිසුන්ට සාක්ෂි දැරීම සඳහා බයිබලය මත පදනම් ප්‍රකාශන කිහිපයක්ම ලබාගත හැකියි. මෙම ප්‍රකාශන පිළිබඳ ලැයිස්තුවක් පොත් පත් අංශය භාර සහෝදරයා සතුව තිබෙනවා.

◼ ලෝක ව්‍යාප්ත වැඩය සඳහා දෙනු ලබන පරිත්‍යාගයන් දිස්ත්‍රික් සමුළුවලදී චෙක්පත්වලින් පරිත්‍යාග කරන්නේ නම් හෝ සමිතියට චෙක්පතකින් එවන්නේ නම්, එය “Watch Tower Bible and Tract Society of Lanka” යනුවෙන් ලියන්න.

◼ “සෞඛ්‍ය ප්‍රතිකාරවලට අදාළ ස්ථාවර ඇටෝනි බලපත්‍රය” (DPA) නමැති පෝරමය ඔබ තවමත් පුරවා නැත්නම් ඉක්මනින්ම එය සම්පූර්ණ කරන්න. මෙම DPA පෝරමය මගින් රුධිර ප්‍රවේශනයකින් වැළකීම සඳහා නෛතික ආරක්ෂාවක් ලබා දෙනවා. වැඩිමහල්ලන් අවශ්‍ය විටදී පෞද්ගලික උපකාරය සපයනු ලබයි.—2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකය බලන්න.

◼ ප්‍රචාරකයන් මාසය තුළ පවත්වන සෑම බයිබල් පාඩමක් සඳහාම බයිබල් පාඩම් වාර්තාව (S-3) පිරවීම මින් ඉදිරියට අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් තමන් කරනු ලබන බයිබල් පාඩම් සංඛ්‍යාව ක්ෂේත්‍ර සේවා වාර්තාවේ (S-4) නියමිත තීරුවේ පුරුදු පරිදි දිගටම සඳහන් කළ යුතුයි. මින් ඉදිරියට S-3 පෝරමය භාවිත කරන්නේ සභා රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව වාර්තා කිරීම සඳහා පමණයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න