නිවේදන
◼ සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් අවස්ථාවේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිවැසියන් ළඟ මෙම ප්‍රකාශනය තිබේ නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය ගැන තේරුම්ගැනීම සඳහා බයිබල් පාඩමක් කරන ආකාරය කෙටි වේලාවක් ගෙන පෙන්වන්න. ඔක්තෝබර්: ඉඳ හිට සේවයේ යෙදෙන බලප්‍රදේශවල තිබෙන සභාවන්ට සහයෝගයක් වශයෙන් ඔවුන් සමඟ සේවයේ හවුල් වන විට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ උත්තර දෙති යන පත්‍රිකාව යොදාගත හැකියි. ඒ සමඟම මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් ඉදිරිපත් කළ හැකියි. උනන්දුවක් දක්වන්නේ නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව දී, බයිබල් පාඩමක් ඇරඹීමේ අදහස ඇතුව සංවාදයක යෙදෙන්න. නොවැම්බර්: ඉදිරිපත් කරන්නේ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතයි. තමන්ට දරුවන් නැහැ කියා පවසන අයට සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාව දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ යෙහෝවාට ළං වන්න හෝ පවුලේ සන්තෝෂයට රහස යන පොත්වලින් එකක් ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: දැනුම පොත (තිබෙනවා නම්) සහ සෝදිසියෙන් සිටින්න හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකා දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න. නැතහොත් 1991ට පෙර ප්‍රකාශිත පිටු 192කින් යුත් පොතක් ඉදිරිපත් කළ හැකියි.
◼ සැප්තැම්බර් මාසයේ සම්පූර්ණ සතිඅන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න එය කදිම මාසයක් වේවි.
◼ වර්ෂ 2007 සඳහා මුරටැඹ සහ පිබිදෙව්! වෙළුම්, Watch Tower Publications Index 2007 සහ සංයුක්ත තැටිවල තිබෙන මුරටැඹ පුස්තකාලය (Watchtower Library—2007 Edition on CD-ROM) සභාවන් විසින් ඊළඟ පොත් පත් ඉල්ලුමේ සඳහන් කළ යුතුයි. මේවා ලබාගත හැකි භාෂා පිළිබඳ ලැයිස්තුවක් සෑම මසකම සභාවන්ට එවන “Announcement to all congregations” යන නිවේදනයේ දක්නට ලැබෙනවා. මෙම Watchtower Library—2007 Edition යන තැටිය සභාවේ බව්තීස්ම ලත් සාමාජිකයන්ට පමණක් සභාව මගින් ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න.
◼ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය බෙදාහැරීමට සංවිධානය වී නමැති වීඩියෝ පටය දෙසැම්බර් මාසයේ සේවා රැස්වීමකදී සාකච්ඡා කරනු ලබයි. අවශ්‍ය නම්, හැකි තරම් ඉක්මනින් සභාව තුළින් වීඩියෝ පටි ඉල්ලුම් කළ යුතුයි.
◼ වර්ෂ 2008 සිහි කිරීමේ සමයේදී ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රසිද්ධ කථාව, 2008 මාර්තු 31න් පටන්ගන්නා සතිය තුළ පැවැත්වෙයි. තේමාව පසුව දැනුම් දෙනු ලැබේ. එම සති අන්තයේදී චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ එක් රැස්වීමක් තිබෙන සභාවන්වල මෙම විශේෂ කතාව දෙනු ලබන්නේ ඊළඟ සතියේදියි. කිසිම සභාවක්, 2008 මාර්තු 31ට පෙර මෙම කතාව ඉදිරිපත් නොකළ යුතුයි.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙක් ජූනි, ජූලි හා අගෝස්තු මාස සඳහා සභා ගිණුම් විගණනය කළ යුතුයි. ඉන්පසු, සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.—Instructions for Congregation Accounting (S-27) බලන්න.
◼ සභාවට අයත් දේපළ ලිපි ලේඛන පිළිබඳ වාර්ෂික පුනරීක්ෂණ වාර්තාව (TO-33) යන පෝරමය සෑම සැප්තැම්බර් මාසයකම පිරවිය යුතුයි. යම් රාජ්‍ය ශාලාවක රැස්වීම් පැවැත්වෙන සෑම සභාවකම වැඩිමහල් මණ්ඩලවලටද ශාඛා කාර්යාලයටද පුරවන ලද එම පෝරමයේ පිටපතක් දිය යුතුයි. ශාලාවේ අනතුරක් සිදු විය හැකි යම් තත්වයන් තිබේ නම් ඒවා සකස් කිරීමට වැඩිමහල්ලන් සැලකිලිමත් විය යුතුයි. චාරිකා අවේක්ෂක සභාව බැහැදකින විට, ඔහු එම පෝරමය විමසා බලනවා ඇති.
◼ නොවැම්බර් මස 3වන සේවා රැස්වීමේ නිවේදන කොටසේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය ශාලා භාරකරුවන්ගේ වාර්ෂික රැස්වීම සඳහා සියලු කටයුතු සූදානම් බවට මුලසුන අවේක්ෂක වගබලා ගත යුතුයි. මෙය අදාළ වන්නේ පත් කරන ලද භාරකරුවන් සිටින සභාවන්ට පමණයි.
◼ දේපළ භාරකාර ඔප්පුවක් සතු සෑම සභාවකම ලේකම් 2006 සැප්තැම්බර් 1දා “රාජ්‍ය ශාලාවේ හිමිකම පිළිබඳ තොරතුරු” (T-36) යන ලිපිය පරීක්ෂා කර බැලිය යුතුයි. වරිපණම් ගාස්තු ගෙවීමට තිබේදැයි ඔබේ ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසා බලන්න. ගෙවිය යුතු සියල්ල නියමිත කාලයේදී ගෙවිය යුතුයි. යම් ගෙවීමක් ගැන ප්‍රශ්න කෙරේ නම්, ඒ ගැන හොඳින් සොයා බලා, අනවශ්‍ය නම් එය ඉවත් කළ හැකියි. ගෙවිය යුතු නම් නියමිත කාලය ඇතුළත ගෙවා දමන්න.