ශාඛා කාර්යාලයෙන් ලැබුණු ලිපිය
ප්‍රිය රාජ්‍ය ප්‍රචාරකයෙනි:
වර්ෂ 2007 සේවා වසරේදී ශ්‍රී ලංකාවේ අප ලැබූ වර්ධනය ගැන ප්‍රීති විය හැකියි. සිහි කිරීමට 11,726දෙනෙක් පැමිණි අතර මෙය පසුගිය අවුරුද්දට වඩා 1,296දෙනෙකුගේ වැඩිවීමක්! අප්‍රියෙල්වලදී ක්ෂේත්‍ර සේවය සඳහා වාර්තා කළ අයගේ ගණන 4,204ක් වන අතර එය සියයට 6ක වර්ධනයක්. සෑම මාසයකම ප්‍රචාරකයන් 4,000කට වැඩිදෙනෙක් වාර්තා කරනවා.
වත්තල පිහිටි බෙතෙල් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිරිපිට තට්ටු හතරක නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට පාලක මණ්ඩලය අනුමත කර තිබෙන බව 2007 මාර්තු 3වනදා කලාපීය අවේක්ෂක විසින් නිවේදනය කළා. හතළිස්දෙනෙකුට නවාතැන් ගත හැකි තවත් කාමර 20කට අමතරව පොත් පත් ගබඩා කර තැබීමට වැඩි ඉඩ කඩක් හා අමතර කාර්යාල පහසුකම් මේ නව ගොඩනැඟිල්ල නිසා ලැබෙනවා. මීට අමතරව දැනට තිබෙන මුළුතැන් ගෙය, භෝජනාගාරය හා ලොන්ඩරිය විශාල කරනු ලබනවා.
අපේ අවශ්‍යතා ගැන සොයා බැලීමට දකුණු අප්‍රිකාවේ ශාඛාවේ සිට ඉංජිනේරුවරුන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් යුත් කණ්ඩායමක් මැයි මාසයේ පැමිණ දළ සැලැස්මක් ඇඳීමේ කටයුතු පටන්ගත්තා. සම්පූර්ණ සැලසුම් සකස් කිරීම සඳහා ඔවුන් දැන් ආපසු ගොස් සිටිනවා. ඒ සැලසුම් සලකා බැලීම සඳහා ඔවුන්ගෙන් සමහරෙක් සැප්තැම්බර් මාසයේදී නැවතත් පැමිණෙනවා. ගොඩනැඟීමේ වැඩ පටන්ගන්නේ ඉන් අවුරුද්දක් පමණ ගත වූ පසුවයි. එහි වැඩ අධීක්ෂණය කරන්නේ විදේශීය සහෝදරයන් වන අතර පුරෝගාමීන්ට හා ප්රචාරකයන්ටද ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ආරාධනා කරනු ලබනවා. ස්වේච්ඡා සේවකයන් බොහෝදෙනෙක් අවශ්‍ය වන්නේ අවුරුද්දක් ගත වූ පසුවයි. ඒ වුණත් 2008 මුල්භාගයේදී පටන්ගන්නාවූ මුළුතැන් ගෙය පුළුල් කිරීමේ වැඩවලට ස්වේච්ඡා සේවකයන් ටිකදෙනෙක් අවශ්‍යයි.
මේ වැඩවලට හවුල් වන්න ඔබත් කැමති ඇති. ඊළඟ අවුරුද්දේ වැඩවලට ස්වේච්ඡාවෙන් හවුල් වීම ගැන දැන් තියාම කල්පනා කර බලන්න. මීට අමතරව ඉදි කිරීමේ වියදම් පියවාගැනීම සඳහා ලෝක ව්‍යාප්ත අරමුදලට සම්මාදම් කිරීමටත් හැකියි. රාජ්‍ය වැඩකටයුතුවල මහත් වර්ධනයක් සිදු වන මේ කාලයේ ඔබ සමඟ සේවය කරන්න ලැබීම ඉමහත් ප්‍රීතියක්.
ඔබගේ සහෝදරයෝ,
ශ්‍රී ලංකා ශාඛා කාර්යාලය