සේවා රැස්වීම් වැඩසටහන
අගෝස්තු 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 20
විනා. 15: සභා නිවේදන. දහවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන ජූලි පිබිදෙව්! සහ අගෝස්තු 1 මුරටැඹ සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. ඉන් එකකදී මෙම රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ 3වන ඡේදයේ තිබෙන යෝජනාවලින් එකක් යොදාගනිමින් නැවත බැලීම කරන විට උත්තර දීමේ අදහසින් ප්‍රශ්නයක් අසයි. කලාතුරකින් සේවය කරන ප්‍රදේශ පියවීමට ඔක්තෝබර් මාසයේදී යොදා තිබෙන සැලසුම් ගැන සාකච්ඡා කරන්න. හත්වන පිටුවේ නිවේදනවලින් අදාළ ඒවා සඳහන් කරන්න. මෙම සේවය සඳහා වෙන් කර තිබෙන දින ප්‍රචාරකයන්ට දන්වන්න. තම සභාවේ ප්‍රචාරකයන් වෙනත් සභාවක් සමඟ සේවය කරන්න යනවාද නැත්නම් වෙනත් සභාවක් තම සභාව සමඟ සේවය කරන්න පැමිණෙනවාද කියා සබයට පවසන්න.—2005 අගෝස්තු අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුව බලන්න.
විනා. 15: මූලිකත්වය පිළිබඳ දෙවිගේ සැලැස්මට යටත් වීමෙන් ප්‍රයෝජන ලබමු. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ, 15වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (මෙහි අතිරේකය බලන්න.)
විනා. 15: “පවුලක් හැටියට දෙවිට නමස්කාර කරමු”a පවුලක් හැටියට දේවසේවයේ හවුල් වීමෙන් තමන් ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. අදහස් දැක්වීම් එකක් හෝ දෙකක් කලින් සූදානම් කළ හැකියි.
ගීතිකා අංක 48 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 100
විනා. 10: සභා නිවේදන. “නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන” නමැති කොටස සාකච්ඡා කර, මෙය පවත්වන දිනය දන්නවා නම් එය නිවේදනය කරන්න.
විනා. 15: සැප්තැම්බර් මාසයේදී මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් පටන්ගන්න. සබය සමඟ සාකච්ඡාවක්. සැප්තැම්බර් මාසයේදී අපි ඉදිරිපත් කරන්නේ බයිබලයේ ඉගැන්වීම් පොතයි. මුල් හමුවීමේදීම ගෙවැසියා සමඟ ඉන් ඡේද දෙක තුනක් සාකච්ඡා කිරීමට වෑයම් කරන්න. මේ සඳහා 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ යෝජනා බලන්න. මුල් හමුවීමේදී බයිබල් පාඩමක් පටන්ගන්න ආකාරය නිරූපණ එකක් හෝ දෙකක් මගින් පෙන්වන්න.
විනා. 20: “සභා පොත් පාඩම මගින් අපිට ලැබෙන උපකාර”b පස්වන ඡේදය සලකා බලන විට සංවිධානය වීම (Organized) නමැති පොතේ 41වන පිටුවේ 2වන ඡේදයේ [සිංහලෙන් 2006 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාව 3වන පිටුවේ 6වන ඡේදයේ] තිබෙන මේ අදහස ඇතුළත් කරන්න.“ගෙයින් ගෙට දේවසේවය හා ඊට සම්බන්ධ වෙනත් කටයුතු සේවා අවේක්ෂකගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. . . . ඔහු එම කණ්ඩායම [එනම් ඔහු බැහැදකින පොත් පාඩම් කණ්ඩායම] සමඟ සේවයේ හවුල් වන අතර ප්‍රචාරකයන් සමඟ ඔවුන්ගේ නැවත බැලීම් හා බයිබල් පාඩම්වලට යයි.”
ගීතිකා අංක 6 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 98
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා, සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න. දහවන පිටුවේ තිබෙන යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් යොදාගනිමින් අගෝස්තු 15 මුරටැඹ හා අගෝස්තු පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: ‘අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න.’ වැඩිමහල්ලෙක් 1994 දෙසැම්බර් 1 මුරටැඹ සඟරාවේ 13-18 දක්වා පිටුවල තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක්.
විනා. 25: “නව සේවා වසර සඳහා කදිම ඉලක්කයක්.”c මෑතකදී උපකාරික පුරෝගාමි සේවය කළ එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. තමන්ගේ කාල සටහනේ ඔවුන් කළ වෙනස්කම් මොනවාද? ඔවුන් ලැබූ ප්‍රයෝජන මොනවාද? ඉන් එක්කෙනෙක් තම පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය නිසා උපකාරික පුරෝගාමි සේවය කළ කෙනෙක් නම් වඩාත් හොඳයි. නවවන ඡේදය සලකා බලන විට, චාරිකා අවේක්ෂක ඊළඟ වතාවේ සභාව බැහැදකින දින දන්නවා නම් ඒ ගැන සඳහන් කරන්න.
ගීතිකා අංක 196 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අගෝස්තු මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: “අපේ වරප්‍රසාද අගය කරමු.”d කාලය තිබේ නම් සඳහන් කර තිබෙන බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: “සඟරා ලබාගත් අය සමඟ බයිබල් පාඩම් පටන්ගන්නා අයුරු”e දෙවන ඡේදයේ තිබෙන යෝජනාවලින් එකක් කෙටියෙන් නිරූපණය කරන්න. පාඩමක් පවත්වන ආකාරය දෙවතාවකදී ගෙවැසියාට පෙන්වා තිබෙනවා නම් හා පාඩම දිගටම පවත්වාගෙන යා හැකියි කියා විශ්වාස කළ හැකි නම් පාඩමක් ලෙස එය වාර්තා කළ හැකි බව ප්‍රචාරකයන්ට සිහිගන්වන්න.
ගීතිකා අංක 2 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.