නිවේදන
◼ ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් අවස්ථාවේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිවැසියන් ළඟ මෙම ප්‍රකාශනය තිබේ නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය ගැන තේරුම්ගැනීම සඳහා බයිබල් පාඩමක් කරන ආකාරය කෙටි වේලාවකින් පෙන්වන්න. ඔක්තෝබර්: ඉඳ හිට සේවයේ යෙදෙන බලප්‍රදේශවල තිබෙන සභාවන්ට සහයෝගයක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ උත්තර දෙති යන පත්‍රිකාව යොදාගත හැකියි. ඒ සමඟම මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් ඉදිරිපත් කළ හැකියි. උනන්දුවක් දක්වන්නේ නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව දී, බයිබල් පාඩමක් ඇරඹීමේ අදහස ඇතුව සංවාදයක යෙදෙන්න. නොවැම්බර්: ඉදිරිපත් කරන්නේ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතයි. තමන්ට දරුවන් නැහැ කියා පවසන අයට සෝදිසියෙන් සිටින්න! නම් වූ විවරණිකාව දෙන්න.
◼ සැප්තැම්බර් මාසයේ සම්පූර්ණ සතිඅන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න එය කදිම මාසයක් වේවි.
◼ සැප්තැම්බර්වල සිට චාරිකා අවේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “බයිබලයේ සත්‍යතාව තහවුරු කරන සාක්ෂි” යන්නයි
◼ කෙනෙක් ස්ථාවර පුරෝගාමි සේවය අරඹනවා නම්, අඩුම තරමින් ඊට දින 30කටවත් කලින් අයදුම්පත ශාඛා කාර්යාලයට එවිය යුතුයි. ඊට පෙර සභා ලේකම් විසින් ඒවා නිසි ලෙස පුරවා ඇද්දැයි බැලිය යුතුයි. අයදුම්කරුට තම බව්තීස්ම දිනය අමතක වී ඇත්නම් ඊට කිට්ටු දවසක්වත් මතක් කර එය ලියා තබාගත යුතුයි. ලේකම් විසින් එම දිනය සභා ප්‍රචාරක කාඩ්පතෙහි (S-21) සටහන් කළ යුතුයි.
◼ සභාව සතු සියලුම පොත් පත්වල හා සඟරාවල වාර්ෂික තොග ගණන් ගැනීම 2007 අගෝස්තු 31වන දින හෝ එදිනට ආසන්න දිනයකදී කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකාරක සහෝදරයා විසින් මාසිකව කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතුව පොත් පත් තොග ලේඛන පෝරමයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව සඟරා සේවක(යන්)ගෙන් දැනගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොගය අධීක්ෂණය කළ යුතුයි. සම්බන්ධීකරණ සභාවේ මුලසුන භාර අවේක්ෂක සහ ලේකම් මෙම පෝරමයට අත්සන් තැබිය යුතුයි. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝරම තුනක් ලැබෙනු ඇත. කරුණාකර, සැප්තැම්බර් 6වනදාට කලින්, මුල් පිටපත ශාඛා කාර්යාලයට තැපැල් කරන්න. පිටපතක් ඔබේ සභාවේ ලිපි ගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගණන් කරන විට සටහන් කිරීමට යොදාගත හැකියි.