සේවා රැස්වීම් වැඩසටහන
සලකන්න: ජූලි සහ අගෝස්තු මාස සඳහා අපගේ රාජ්‍ය සේවාවේ රැස්වීම් වැඩසටහන අප දී තිබුණත්, “යේසුස්ව ආදර්ශයට ගනිමු” යන දිස්ත්‍රික් සමුළුවට සහභාගි වන සතියේදී ඔබේ සභාවට ගැළපෙන පරිදි වෙනසක් කළ හැකියි. ඔබ සභාවට නියමිත සමුළුවට කලින් සතියේ සේවා රැස්වීමේදී මෙහි අතිරේකයේ දී ඇති උපදෙස් හා සිහිගැන්වීම් සලකා බැලීමට විනාඩි 15ක් වෙන් කර සභාවට අදාළ වන කරුණු පමණක් සලකා බලන්න. සමුළුවෙන් මාසයක් හෝ දෙකකට පසු සේවා රැස්වීමකදී විනාඩි 15ක හෝ 20ක සමාලෝචනයක් කරන්න. (ඒ සඳහා සභා අවශ්‍යතා කොටස යොදාගත හැකියි) දේවසේවය සඳහා උපකාරවත් වේයයි ප්‍රචාරකයන්ට හැඟුණ කරුණු ගැන විමසන්න. මේ කොටස මෙහෙයවිය යුත්තේ සේවා අවේක්ෂක විසින්. දැනටමත් දේවසේවයේදී එම කරුණු අදාළ කරගන්නා ආකාරය හෝ අදාළ කරගැනීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සබයෙන් අදහස් ගන්න.
ජූලි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 4
විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන ජූනි පිබිදෙව්! සහ ජූලි 1 මුරටැඹ ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: සැබෑ ප්‍රීතිය ලැබෙන්නේ කුමකින්ද? වර්ෂ 2006 මැයි 15 මුරටැඹ 28 සහ 29වන පිටුවල 11 සිට 12 දක්වා ඡේද මත පදනම්ව කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. විනෝදාස්වාදයට හෝ රැකියාවකට මුල් තැන දෙනවා වෙනුවට දේවසේවයට මුල් තැන දුන් කෙනෙකු සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. ඔහු එවැනි තේරීමක් කරන්න හේතුව කුමක්ද? ඉන් ඔහු ප්‍රීතියක් ලැබුවේ කොහොමද?
විනා. 20: “අපි යේසුස්ව ආදර්ශයට ගන්න බව පෙන්වමු.”a සභා ලේකම් විසින් මෙහෙයවිය යුතුයි. සභාවට නියමිත සමුළු දවස් ගැන සඳහන් කරන්න. “දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්” යන කොටුව සලකා බලන්න.
ගීතිකා අංක 91 සහ අවසාන යාච්ඤාව.
ජූලි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 16
විනා. 10: සභා නිවේදන.
විනා. 20: සභාවේ සාමය හා පවිත්‍රතාව රැකගැනීම. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ, 144 සිට 150 උප මාතෘකාව දක්වා පිටු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (මෙහි අතිරේකය බලන්න.)
විනා. 15: “මුරටැඹ සඟරාවේ නව වෙනස්කම්”b
ගීතිකා අංක 189 සහ අවසාන යාච්ඤාව.
ජූලි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 133
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා, සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් යොදාගනිමින් ජූලි 15 මුරටැඹ හා ජූලි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: ප්‍රශ්න පෙට්ටිය. මෙහෙයවිය යුත්තේ වැඩිමහල්ලෙක්. මුළු ලිපියම කියවමින් සාකච්ඡා කරන්න. වර්ෂ 2005 පිබිදෙව්! ජූනි 8 සඟරාවේ 13 සිට 14 දක්වා පිටුවල “මුලා කිරීමේ හා ඇත්ත වසං කිරීමේ ඇති අනතුරු” සහ “මනඃකල්පිත පුද්ගලයෙක් නොව සැබෑ පුද්ගලයෙක් තෝරාගන්න” යන උපමාතෘකා යටතේ ඇති කරුණුවලින්ද අදහස් දක්වන්න.
විනා. 15: සුදුසු හැඳින්වීම් සූදානම් කරගැනීම. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු පොත්පිංචයේ 2වන පිටුවේ 1 සහ 2වන ඡේද මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. අගෝස්තු මාසයේ සඟරා ඉදිරිපත් කිරීම් දක්වන නිරූපණ දෙකක් පෙන්වන්න.
ගීතිකා අංක 61 සහ අවසාන යාච්ඤාව.
ජූලි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 200
විනා. 10: සභා නිවේදන. ජූලි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: ඔබ කරන කැප කිරීම් යෙහෝවා අමතක කරන්නේ නැහැ. වර්ෂ 2005 නොවැම්බර් 15 මුරටැඹ 8 සිට 9 දක්වා පිටු මත පදනම් කතාවක්.
විනා. 20: “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය”c තුන්වෙනි ඡේදයේදී, හදිසි පීඩාකාරි තත්වයකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවේදී සභාවේ සිටින්නන් තුළ තිබූ නොසැලෙන ඇදහිල්ල ඔවුන්ට උපකාරවත් වූ ආකාරය ගැන ඔවුන්ගෙන් විමසන්න. අදහස් දැක්වීමට එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින්ම සූදානම් කළ හැකියි.
ගීතිකා අංක 13 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 106
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “අපි නැවත නැවත යා යුත්තේ ඇයි?”d තමන් මුලින් විරුද්ධ වුවත්, එතරම් උනන්දුවක් නොදැක්වුවත් පසු කලකදී සත්‍යය දැනගැනීමට උනන්දුවක් දැක්වීමට හේතු වූ දේවල් ගැන අදහස් දැක්වීමට පස්වෙනි ඡේදය සාකච්ඡා කරන විට සබයෙන් අදහස් ගන්න.
ගීතිකා අංක 211 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.