ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/07 2 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
2007 අපගේ රාජ්‍ය සේවාව
km 5/07 2 පි.

නිවේදන

◼ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දෙන්න. යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි අයට සහ නැවත බැලීම්වලට, බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ජූනි: මැවුම්කරු පොත හෝ පවුලේ සන්තෝෂය පොත ඉදිරිපත් කළ හැකියි. ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් අවස්ථාවේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිවැසියන් ළඟ මෙම ප්‍රකාශනය තිබේ නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය ගැන තේරුම්ගැනීම සඳහා බයිබල් පාඩමක් කරන විදිහ කෙටි වෙලාවකින් පෙන්වන්න.

◼ ලෝක ව්‍යාප්ත සේවයට, රාජ්‍ය ශාලා අරමුදලට, දිස්ත්‍රික් සමුළුවට ඉදිරිපත් කරන සම්මාදම් චෙක්පත්වලින් එවන්නේ නම් එම චෙක්පත් “Watch Tower Bible and Tract Society of Lanka” යනුවෙන් ලියන්න.

◼ ස්වාභාවික විපතකදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ගැන 2005 අගෝස්තු 1වනදා එවූ ලිපිය වැඩිමහල්ලන් විසින් යළි සලකා බැලිය යුතුයි. හැම ප්‍රචාරකයෙකුම පදිංචි ස්ථානයත්, ඉක්මනින්ම ඔහුව හමු විය හැකි හෝ ඇමතිය හැකි ආකාරය පිළිබඳවත් වැඩිමහල්ලන් දැනුවත්ව සිටිය යුතුයි. පහසුවෙන්ම විපත්ති සිදු විය හැකි ප්‍රදේශවල වෙසෙන ප්‍රචාරකයන්ව ඉක්මනින්ම සොයාගැනීමට හැකිවීම සඳහා ඔවුන්ගෙන් වැඩි විස්තර ලබාගත යුතුයි. මීට අමතරව ප්‍රචාරකයන් ව්‍යාපාර කටයුත්තකට හෝ දිගු කලකට ඈත ප්‍රදේශයකට යනවා නම් නැතහොත් රෝහල් ගත වෙනවා නම් තමන්ගේ පොත් පාඩම් අවේක්ෂකට හෝ වෙනත් වැඩිමහල්ලෙකුට ඒ ගැන දැනුම් දීම සුදුසුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න