ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/07 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අප්‍රියෙල් 9න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 16න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 23න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 30න් පටන්ගන්නා සතිය
  • මැයි 7න් පටන්ගන්නා සතිය
2007 අපගේ රාජ්‍ය සේවාව
km 4/07 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

අප්‍රියෙල් 9න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 201

විනා. 10: සභා නිවේදන. ඊළඟ සේවා රැස්වීමේදී සාකච්ඡා කරන කොටසක් පදනම් වන්නේ යෞවනයෙනි ඔබේ ඉලක්ක මොනවාද නමැති DVD පටයේ තිබෙන නාට්‍යය මතයි. මේ කොටසට සූදානම් වීම සඳහා මේ DVD පටය නැරඹීමට සියලුදෙනාවම දිරිගන්වන්න. මෙම පටයේ “Main Menu” භාවිත කරන ආකාරය පෙන්වා දෙන්න. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන මාර්තු පිබිදෙව්! සහ අප්‍රියෙල් 1 මුරටැඹ ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. එක් නිරූපණයකදී ප්‍රචාරකයා නැවත බැලීමේදී උත්තර දීමේ අරමුණින් ප්‍රශ්නයක් අසයි.

විනා. 15: “නවකයන්ට උපකාර කරන්න අපි හැමෝටම පුළුවන්”a හතරවන ඡේදය සාකච්ඡා කරන විට තමන් බව්තීස්ම වීමට කලින් සභාවේ අය තමන්ව දිරිමත් කළ ආකාරය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. මේ සඳහා කලින් එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව සූදානම් කරන්න පුළුවන්.

විනා. 20: “‘යේසුස්ව ආදර්ශයට ගනිමු යන තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළුව ලොව වටා ප්‍රචාරය කිරීමේ ව්‍යාපෘතිය.’”b තුන්වන ඡේදය සලකා බලන විට පසුගිය අවුරුද්දේ දිස්ත්‍රික් සමුළුවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 43 සහ අවසාන යාච්ඤාව

අප්‍රියෙල් 16න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 161

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.

විනා. 15: “‘දෙවිගේ වචනය භය නැතිව කතා කරන්න’”c කාලය තිබෙනවා නම් සඳහන් කර තිබෙන බයිබල් පද යොදාගනිමින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 20: “ඔබේ ජීවිතයේ ඉලක්ක මොනවාද?”d—(1වන කොටස 1-4 ඡේද) පළමු වන හා දෙවන ඡේද පදනම් කරගෙන කෙටියෙන් අදහස් දැක්වීමෙන් පසු, 3වන හා 4වන ඡේදවල තිබෙන ප්‍රශ්න කෙළින්ම සාකච්ඡා කරන්න. තුන්වන ඡේදයේ තිබෙන 4වන ප්‍රශ්නය සාකච්ඡා කරන විට එහි සඳහන් බයිබල් පද දෙක කියවන්න. අවසානයේදී DVD පටයේ තිබෙන “Main Menu” කොටස සලකා බලන්න. ලබන සතියේ සේවා රැස්වීමේ පවත්වන කොටසට සූදානම් වීමක් හැටියට මෙහි තිබෙන “සම්මුඛ සාකච්ඡා” හා “අමතර තොරතුරු” නමැති කොටස් බැලීමට සියලුදෙනාවම දිරිගන්වන්න.

ගීතිකා අංක 207 සහ අවසාන යාච්ඤාව

අප්‍රියෙල් 23න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 215

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සභාව කළ සම්මාදම්වලට ස්තුති කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා හෝ ඔබේ බල ප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් යොදාගනිමින් අප්‍රියෙල් 15 මුරටැඹ හා අප්‍රියෙල් පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 10: විස්මයජනක ආලෝකයක්! 2007 මාර්තු 15 මුරටැඹ සඟරාවේ 12-14 දක්වා පිටුවල පළ වූ මෙම ලිපිය මත පදනම් කතාවක්.

විනා. 25: “ඔබේ ජීවිතයේ ඉලක්ක මොනවාද?”e—(2වන කොටස 5-7 ඡේද) ඡේද 5-7 දක්වා තිබෙන ප්‍රශ්න කෙළින්ම සාකච්ඡා කරන්න. අටවන ඡේදයේ ප්‍රේමණීය ලෙස උනන්දු කර තිබෙන දෙය කාවද්දමින් අවසන් කරන්න.

ගීතිකා 172 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 30න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 186

විනා. 10:සභා නිවේදන. අප්‍රියෙල් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ප්‍රශ්න පෙට්ටිය සාකච්ඡා කරන්න.

විනා. 10: සභා අවශ්‍යතා.

විනා. 25: “වසර 2007 ‘යේසුස්ව ආදර්ශයට ගනිමු’ නමැති දිස්ත්‍රික් සමුළුව”f සභා ලේකම් විසින් මෙහෙයවයි. අතිරේකයේ 6වන ඡේදය සලකා බලන විට කල්වේලා ඇතිව තමන්ගේ නවාතැන් සූදානම් කරගැනීමට ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. නවාතැන් සපයාගැනීමට උපකාර අවශ්‍ය නම් සභා ලේකම් මාර්ගයෙන් නවාතැන් ඉල්ලුම් කරන විට අවශ්‍ය උපකාර සපයන්න කාමර අංශයට හැකියි. සමුළුව සඳහා හැකි විගස සූදානම් වීමේ ප්‍රයෝජන ගැන සලකා බලන්න.

ගීතිකා අංක 44 සහ අවසන් යාච්ඤාව.

මැයි 7න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 164

විනා. 10:සභා නිවේදන.

විනා. 15:නමස්කාරය සඳහා යොදාගන්න ස්ථාන. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධාන වීම පොතේ 11වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (අතිරේකය බලන්න.)

විනා. 20: “නිවෙස්වල නැති අයව අමතක කරන්න එපා”g සේවා අවේක්ෂක විසින් මෙහෙයවිය යුතුයි.

ගීතිකා අංක 178 සහ අවසන් යාච්ඤාව.

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

g හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න