ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/07 7 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • රාජ්‍යයේ වැඩකටයුතුවලට මුදල් ලැබෙයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ලොව පුරා අපි කරන වැඩවලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • අපේ දේවසේවයට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 අපගේ රාජ්‍ය සේවාව
km 4/07 7 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ සභාවට ආධාර ලබා ගැනීමේ අරමුණින් යම් දේවල් සැලසුම් කිරීම යෝග්‍යද?

විවිධ ආගමික සංවිධාන ඒවා පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට සල්පිල්, සංදර්ශන හා ටිකට් පොත් විකිණීම වැනි දේවල් සැලසුම් කරනවා. මෙවැනි දේවල් කරන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් කියා සමහරුන් සිතනවා. ඒ වුණත් මේවායින් කෙරෙන්නේ ආධාර ඉල්ලනවා හා සමාන දෙයක්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එලෙස මූල්‍යමය ආධාර ලබා ගන්නේ නැහැ.

ඇතැම් ආගම්වල මෙන් අප ආධාර ලබා ගන්නේ නැති බව 1879 අගෝස්තු මාසයේ පළවූ මුරටැඹ සඟරාවේ දෙවන කලාපයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “අපි විශ්වාස කරන ආකාරයට මේ සඟරාවට අනුග්‍රහය දක්වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා එය පළ කිරීමට කවදාවත් මිනිසුන්ගෙන් ආධාර ඉල්ලන්නේ නැහැ. ‘සියලු රන්ද රිදීද කඳුද මාගේය’ කියා පවසන දෙවි මේ සඳහා අවශ්‍ය මුදල් සපයන්නේ නැති දවසට අප තේරුම්ගන්නේ මේ සඟරාව නතර කිරීමට කාලය පැමිණ තිබෙන බවයි.”

අපි ශුද්ධ ලියවිල්ලේ තිබෙන මේ ප්‍රතිපත්තිය දිගටම අදාළ කර ගන්නවා. “එක් එක්කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරි. 9:7) සෑම රාජ්‍ය ශාලාවකම සම්මාදම් පෙට්ටි තබා තිබෙනවා. තමන් කැමති ආකාරයට සම්මාදම් කිරීමට එහි පැමිණෙන අයට හැකියි. (2 රාජා. 12:9) සම්මාදම් ඉල්ලන්නේවත් ඒ වගේම එය දෙන තැනැත්තා යමක් බලාපොරොත්තුවෙන් එය දෙන්නේවත් නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න