නිවේදන
◼ නොවැම්බර් මාසයේ බෙදා දෙන පොත් පත්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත බෙදා හැරේ. නැත්නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? පත්‍රිකාව හෝ වෙනත් සුදුසු පත්‍රිකාවක් දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. එය නැත්නම්, මගේ බයිබල් කතන්දර පොත, යන පොත සභාවේ තිබේ නම්, ඒවා ඉදිරිපත් කරන්න. ජනවාරි: වර්ෂ 1991ට පෙර මුද්‍රණය කරන ලද කහ පාට හෝ අවර්ණ වී ඇති පිටු 192 ඕනෑම පොතක් බෙදා දිය හැකියි. ඒ සමඟම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති පත්‍රිකාව බෙදා හරින්න. පෙබරවාරි: යෙහෝවාට ළංවන්න පොත බෙදා හැරේ. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත බෙදා දෙන්න. බයිබල් පාඩමක් පටන් ගැනීමට උත්සාහ කරන්න.