ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/06 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • නොවැම්බර් 13න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 20න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 27න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 4න් පටන්ගන්නා සතිය
2006 අපගේ රාජ්‍ය සේවාව
km 11/06 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

නොවැම්බර් 13න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 152

විනා. 10: සභා නිවේදන සහ වාර්ෂික රැස්වීම. සැලකිය යුතුයි: වාර්ෂික රැස්වීම පැවැත්විය යුත්තේ රාජ්‍ය ශාලාවකට භාරකරුවන් සිටින සභාවන් විසින් පමණයි. පහත සඳහන් ලෙස මෙම රැස්වීම විනා. 8කට පවත්වන්න:   භාරකරුවන්ගේ සභාපති විසින් පැවැත්විය යුතු වාර්ෂික රැස්වීම. පසුගිය රැස්වීමේදී සාකච්ඡා කළ මූලික කරුණු කියවන්න. නඩත්තු ගිණුම සහ විගණන වාර්තාව කියවන්න. සභාපතිගේ වාර්තාව කියවා විගණනය කරන අයව සහ ගිණුම තිබිය යුතු බැංකුව තෝරා ගන්න. අනෙකුත් සියලු සභා පහත කොටස පියවයි: මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ වෙනත් යෝජනා යොදාගෙන ඔක්තෝබර් පිබිදෙව්! සහ නොවැම්බර් 1 මුරටැඹ කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, ‘ඔයගොල්ලෝ කරන වැඩේ මොකක්ද කියලා මම හොඳින්ම දන්නවා’ යනුවෙන් පවසන කෙනෙකුට පිළිතුරු දෙන ආකාරය පෙන්වා දෙන්න.—බයිබල් සාකච්ඡා ආරම්භ කර දිගටම කරගෙන යා හැකි අයුරු පොත් පිංචයේ 12 පිටුව බලන්න.

විනා. 20: ශුභාරංචියේ දේවසේවකයෝ. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 77 පිටුවේ සිට 83 පිටුවේ උපමාතෘකාව දක්වා තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (අතිරේකය බලන්න.)

විනා. 15: “නිර්භීත නමුත් සාමකාමීව.”aඅපගේ දේවසේවය පොතේ පිටු 252-253 දක්වා, “නම්‍යශීලී විය යුතු අවස්ථාව” යන උපමාතෘකාව යටතේ ඇති අදහස්ද ඇතුළත් කරන්න.

ගීතිකා අංක 39 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 20න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 132

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: දෙසැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කිරීම. සබය සමඟ සාකච්ඡාවක්. ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොතේ තමා අගය කරන දේවල් සහ පසුගිය කාලයේදී එය බෙදා දීමෙන් තමන් ලද අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ සඳහන් ඉදිරිපත් කිරීම් නැවත සලකා බලන්න. මෙහි සඳහන් ඉදිරිපත් කිරීමක් හෝ ප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීමක් යොදා ගෙන මෙම පොත බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න.

ගීතිකා අංක 203 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 27න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 111

විනා. 5: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබුණු වෙනත් සම්මාදම් කියවන්න.

විනා. 10: එකමුතුව ගොඩනැඟීමෙන් දෙවිට ප්‍රශංසා කිරීම. වර්ෂ 2006 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ පිටු 17-21 මත වැඩිමහල්ලෙකු විසින් කතාවක්.

විනා. 15: “සඟරාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආකාරය.”bමෙහිදී 10වන පිටුවේ සඳහන් යෝජනාවක් යොදාගෙන, ප්‍රචාරකයන් දෙදෙනෙකු විසින්, සමහරවිට විවාහක යුවළක් විසින් නොවැම්බර් පිබිදෙව්! හෝ නොවැම්බර් 15 මුරටැඹ කලාපය තමන්ගේම වචනවලින් ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරවන්න. මෙය විනාඩි තුනකට සීමා කරන්න. ඉන්පසු, මේ ලිපියේ දී ඇති යෝජනා යොදා ගෙන, තමන්ගේ ප්‍රදේශයට ගැළපෙන කාලෝචිත තවත් ලිපියක් බෙදා දෙන ආකාරය ගැනද ඔවුහු නිරූපණය කරති.

විනා. 15: “රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් සහ නිරූපණයක්. මෙම කොටස මෙහෙයවන වැඩිමහල්ලා ශාඛා කාර්යාලය විසින් දී ඇති දළසටහන ඉතා කිට්ටුවෙන් අනුගමනය කළ යුතුයි.

ගීතිකා අංක 120 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 155

විනා. 10: සභා නිවේදන. නොවැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න.

විනා. 15: “එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි!”cමෙම පොතේ විශේෂාංග, එනම් කොටු සහ පින්තූරු හොඳින් භාවිත කරන ලෙස සභාවට දිරිගන්වන්න. සෑම පාඩමක්ම අවසානයේදී, එම පාඩමට අදාළ සෑම බයිබල් පදයක්ම කියවා කෙටි පුනරීක්ෂණයක් කළ යුතුයි.

විනා. 20: පිළිතුරක් දෙන විට බයිබලය යොදා ගන්න. වර්ෂ 2002 අගෝස්තු 15, මුරටැඹ කලාපයේ 17-18 පිටුවල සඳහන් “අප උගන්වන සත්‍යතා සඳහා ඇල්මක් පෙන්නුම් කිරීම” යන උප මාතෘකාව යටතේ තොරතුරු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. එක් එක් ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙස සබයට ආරාධනා කරන්න. “ඔයාලා ඇයි නත්තල් පවත්වන්නේ නැත්තේ?” කියා අසන රැකියා ස්ථානයේ එකට වැඩ කරන කෙනෙකුට යම් ප්‍රචාරකයෙක් බයිබලයෙන් පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න.

ගීතිකා අංක 168 සහ අවසාන යාච්ඤාව.

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න