සේවා රැස්වීම් වැඩසටහන
ඔක්තෝබර් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 25
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8 පිටුවේ සඳහන් හෝ වෙනත් යෝජනා යොදාගෙන සැප්තැම්බර් පිබිදෙව්! කලාපය සහ රාජ්‍ය ආරංචි අංක 37 පත්‍රිකාව සමඟින් ඔක්තෝබර් 1 මුරටැඹ කලාපය බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: “දෙවිගේ මිතුරන් වීමට අන් අයට උපකාර කරන්න.”a වෙනත් අයගේ ආදර්ශය මගින්ද හෘදයාංගම යාච්ඤා කිරීමෙන්ද බව්තීස්මය දක්වා දියුණු වීමට උපකාර ලැබුණු ආකාරය ගැන සබයෙන් අදහස් විමසන්න.
විනා. 20: රාජ්‍ය ආරංචි අංක 37 බෙදාහැරීමට සූදානම් වෙන්න. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සැප්තැම්බර් මස අපගේ රාජ්‍ය සේවාවේ මෙම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කර තිබූ තොරුතුරු නැවත පුනරීක්ෂණය කරන්න. උපරිමයෙන් සහභාගි වීමට සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්න. තම බයිබල් ශිෂ්‍යයන් බව්තීස්ම ලත් ප්‍රචාරකයන් වීමට සුදුසුදැයි බලන ලෙස බයිබල් පාඩම් පවත්වන අයට දිරිගන්වන්න. එසේනම් එම ශිෂ්‍යයන්ටත් මේ ව්‍යාපෘතියට සහභාගි විය හැකියි. දරුවන් ගැනත් සලකා බැලීමට දෙමාපියන්ට හැකියි. අපගේ දේවසේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම පොතේ 97-99 පිටුවල සඳහන් සුදුසුකම් කෙටියෙන් සඳහන් කරන්න.
ගීතිකා අංක 221 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 84
විනා. 10: සභා නිවේදන.
විනා. 20: සභා පොත් පාඩමෙන් ප්‍රයෝජන ගැනීම. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. මේ සමඟ එවා ඇති අතිරේකයේ සඳහන් යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 7වන පරිච්ඡේදයේ “සභා පොත් පාඩම” යන කොටස මත පදනම්ව.
විනා. 15: “ඔබේ ජීවිතයේ මුල් තැන කුමකටද?”b ප්‍රචාරකයන් කිහිපදෙනෙකුව කලින් සූදානම් කරගෙන රාජ්‍යය වැඩ කටයුතුවලට මුල් තැන දීම සඳහා තම ජීවිතයේ කාරණා කටයුතු සකස් කරගත්තේ කෙසේදැයි අසන්න. ඒ නිසා ඔවුන් ලැබූ ආශීර්වාද ගැනද විමසන්න.
ගීතිකා අංක 172 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 58
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබූ සම්මාදම් සඳහන් කරන්න. මෙහි 8 පිටුවේ සඳහන් හෝ වෙනත් යෝජනා යොදාගෙන ඔක්තෝබර් 15 මුරටැඹ හෝ ඔක්තෝබර් පිබිදෙව්! කලාපය බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, “ඔයාලා ඇයි නිතර නිතර එන්නේ?” කියා අසන කෙනෙකුට පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න.—බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු පොත් පිංචයේ 12 පිටුව බලන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “ක්ෂේත්‍ර සේවා රැස්වීමෙන් පූර්ණ ප්‍රයෝජන ගන්න.”c මෙහි 3වන ඡේදය සාකච්ඡා කරන විට, 2001 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටියේ 4වන ඡේදයේ සඳහන් තොරතුරු යොදාගෙන මෙම රැස්වීම පැවැත්වීමට සුදුසුකම් ලත් සහෝදරයන් නැති විට කුමක් කළ යුතුදැයි යන්න සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 143 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 207
විනා. 10: සභා නිවේදන. සේවා වාර්තාව දමන ලෙසත්, බෙදා දුන් රාජ්‍ය ආරංචි අංක 37 පිටපත් ගණන එහි අනෙක් පැත්තේ සඳහන් කරන ලෙසත් මතක් කරන්න.
විනා. 15: මගේ පාසැලේ මිතුරන්ට දේශනා කළ හැක්කේ කෙසේද? වර්ෂ 2002 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ 10-12 පිටු පදනම්ව කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. පාසැල් මිතුරන්ට දේශනා කිරීමෙන් ලැබූ කදිම අද්දැකීම් පවසන ලෙස සබයට දිරිගන්වන්න.
විනා. 20: රාජ්‍ය ආරංචි අංක 37 බෙදා දීම පිළිබඳ අද්දැකීම්. මෙම පත්‍රිකාව බෙදා දීමේදී තමා ලැබූ දිරිගැන්වෙන අද්දැකීම් ගැන පවසන ලෙස ප්‍රචාරකයන්ට පවසන්න. තම බල ප්‍රදේශයෙන් කොතරම් ප්‍රමාණයක් ආවරණය කර තිබෙනවාද, නොවැම්බර් 12දා වන විට තවත් කොතරම් ප්‍රමාණයක් බෙදා දිය යුතුද යන කාරණා විස්තර කරන්න. බයිබලයේ ඉගැන්වීම් පොත පාවිච්චි කරමින් නැවත බැලීම් කරන අන්දම නිරූපණය කරන්න. තමන්ට බෙදා දිය නොහැකි පත්‍රිකා තමන් ළඟ තිබේ නම්, ඒවා පොත් පත් අංශයට යළිත් භාර දෙන ලෙස පවසන්න. එවිට වෙනත් අයට හැකියි, ඒවා බෙදා දීමට.
ගීතිකා අංක 136 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 146
විනා. 10: සභා නිවේදන. වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ සඳහන් හෝ වෙනත් යෝජනා යොදාගෙන, නොවැම්බර් මස ඉතිරි භාගයේදී උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. කාලය තිබේ නම්, ක්ෂේත්‍රයේදී හෝ තමන්ගේ පවුලේ අය සමඟ මේ පොත පරිහරණය කිරීමෙන් ලැබූ යම් හොඳ ප්‍රතිඵල ගැන පවසන මෙන් සබයට ආරාධනා කරන්න.
විනා. 15: ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු. වර්ෂ 2006 ඔක්තෝබර් 15දා මුරටැඹ කලාපයේ 28-31 දක්වා පිටු මත පදනම් කතාවක්, වැඩිමහල්ලෙකු විසින්.
විනා. 20: වචනය දේශනා කිරීම අපට ඉමහත් ප්‍රබෝධයකි. වර්ෂ 2002 ජනවාරි 15 මුරටැඹ කලාපයේ 8-9 පිටු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දේවසේවය තුළින් තමන්ට ලැබෙන ප්‍රබෝධය සහ ප්‍රාණවත්භාවය ගැන කතා කිරීමට සබයට ආරාධනා කරන්න. අදහසක් හෝ දෙකක් කලින් සූදානම් කළ හැකියි.
ගීතිකා අංක 8 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.