2007 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
මඟ පෙන්වීම්
වර්ෂ 2007දී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීම සඳහා අනුගමනය කරන විධිවිධානය මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍ර: ශුද්ධ බයිබලය [bi], මුරටැඹ [w], දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු [be], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi06-SN; bsi07-SN] සහ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා [gt].
නියමිත වේලාවට පාසැල ඇරඹිය යුතුය. මුලින්ම ගීතිකාව ගායනා කර යාච්ඤා කළායින් පසු, සියලුදෙනාවම පාසැලට පිළිගෙන මතු දැක්වෙන ආකාරයට පාසැල පැවැත්විය යුතුය.
පාසැල් අවේක්ෂකයා සෑම කොටසක්ම හඳුන්වා දිය යුතුයි. කථික ගුණාංගය: විනාඩි 5යි. සේවා පාසැල් පාඩම් පොත පදනම් කරගත් කථික ගුණාංගයක් පාසැල් අවේක්ෂක, අමතර උපදේශක හෝ වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු විසින් සාකච්ඡා කෙරේ. (වැඩිමහල්ලන් සීමිත සංඛ්‍යාවක් සිටින සභාවල සුදුසුකම් ලත් සභා සේවකයෙකුව යොදාගත හැක.)
පැවරුම් අංක 1: විනාඩි 10යි. මෙම කොටස හසුරුවනු ලබන්නේ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසිනි. එය මුරටැඹ, දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු හෝ “මුළු ලියවිල්ල “—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය නමැති මූලාශ්‍ර මත පදනම් විය යුතුය. මෙම කොටස ඉදිරිපත් කළ යුත්තේ විනාඩි දහයකට සීමා වූ උපදෙස් කතාවක් ලෙසය. පුනරීක්ෂණයක් වශයෙන් සබයෙන් පිළිතුරු ලබාගන්නේ නැත. මෙහි පරමාර්ථය විය යුත්තේ දක්වා ඇති තොරතුරු පියවීමත් සාකච්ඡා කරනු ලබන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකමට අවධානය දීමත්ය. මෙහිදී සභාවේ සාමාජිකයන්ට විශේෂයෙන්ම උපකාරවත් වන කරුණු උලුප්පා දැක්විය යුතුය. භාවිත කළ යුත්තේ වැඩසටහනේ සඳහන්ව ඇති තේමාවයි. මෙම කතාව දීමේ පැවරුම ලබන සහෝදරයන් නියමිත කාලය තුළ එය ඉදිරිපත් කර අවසන් කිරීම බලාපොරොත්තු වේ. අවශ්‍යතාව පැනනඟින විට පෞද්ගලිකව උපදෙස් දිය හැකිය.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 10යි. මුල් විනාඩි පහේදී සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සාකච්ඡා කෙරෙන තොරතුරු සභා අවශ්‍යතාවලට අනුව අදාළ කළ යුතුය. සතියට නියමිත බයිබල් කියවීමේ ඕනෑම කොටසක් ගැන අදහස් දැක්වීමට පුළුවන. මෙය නියමිත කියවීමේ සාරාංශයක් විතරක්ම නොවේ. මෙහිදී කථිකයාගේ පරමාර්ථය වන්නේ සලකා බලන තොරතුරු වටින්නේ ඇයි සහ කෙසේද යන්න තේරුම්ගැනීමට සබයට උපකාර කිරීමය. එම මූලික කොටස සඳහා වැය කළ යුතු විනාඩි පහ ඉක්මවා නොයෑමට කථිකයා වගබලා ගත යුතුය. එමෙන්ම සබයේ සහභාගිත්වය සඳහා විනාඩි පහක් වෙන් කිරීමටද ඔහු වගබලා ගත යුතුය. බයිබල් කියවීමේදී තමන්ගේ සිත්ගත් දේවල් සහ ඒවායින් නෙළාගත් ප්‍රයෝජන පදනම් කරගෙන කෙටි අදහස් දැක්වීම සඳහා (තත්පර 30කට හෝ ඊට අඩුවෙන්) සබයට අවස්ථාව ලබා දිය යුතුය. අනතුරුව පාසැල් අවේක්ෂක වෙනත් පන්ති කාමරවල පැවරුම් ලැබ සිටින ශිෂ්‍යයන්ට එම පාසැල්වලට සහභාගි වන ලෙස ආරාධනා කරයි.
පැවරුම් අංක 2: විනාඩි 4ක් හෝ ඊට වඩා අඩුවෙන්. මෙය පවරන්නේ සහෝදරයෙකුටයි. ශිෂ්‍යයා විසින් නියමිත කොටස හැඳින්වීමක් හෝ අවසානයක් නොමැතිව කියවිය යුතු වේ. පාසැල් අවේක්ෂකගේ ඉලක්කය වන්නේ අර්ථවත් ලෙස, චතුර ලෙස, නිසි ලෙස අර්ථය කාවද්දමින්, හඬ පාලනය කරමින්, යෝග්‍ය විරාම යොදමින් සහ ස්වාභාවික ගතියකින් කියවීමට ශිෂ්‍යයාට උපකාර කිරීමය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙම පැවරුම ලබන්නේ සහෝදරියෙකි. සේවා පාසැල් පාඩම් පොතේ 82වන පිටුවෙහි දක්නට ලැබෙන ලැයිස්තුවෙන් පසුබිමක් අවේක්ෂක විසින් තෝරා දීමට ඉඩ තිබේ. එසේ නැතහොත් එය පෞද්ගලිකව තෝරාගැනීමට ශිෂ්‍යාවට හැකි වෙයි. ශිෂ්‍යාව තමාට පවරා ඇති තේමාව භාවිත කළ යුතු අතර, බලප්‍රදේශයට අනුව ප්‍රායෝගික මෙන්ම ස්වාභාවික ආකාරයකින් එය ඉදිරිපත් කළ යුතුය. මූලාශ්‍රයක් දක්වා නැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යාව විසින් එක්රැස් කරගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. නවක ශිෂ්‍යයන්ට යොමු සටහන් සපයා ඇති කොටස් පැවරිය යුතුය. ශිෂ්‍යාව තොරතුරු ගොඩනඟන ආකාරයටත්, ශුද්ධ ලියවිලි ගැන තර්කානුකූලව සිතා බැලීමට හා ඉදිරිපත් කිරීමේ ප්‍රධාන කරුණු තේරුම්ගැනීමට නිවැසියාට උපකාර කරන ආකාරයටත් පාසැල් අවේක්ෂකගේ වැඩි අවධානය යොමු වේ. පාසැල් අවේක්ෂක එක සහයකයෙකු නම් කරයි.
පැවරුම් අංක 4: විනාඩි 5යි. ශිෂ්‍යයා විසින් පවරන ලද තේමාව ගොඩනැඟිය යුතුය. මූලාශ්‍රයක් සඳහන් කර නොමැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යයා විසින් එක්රැස් කරගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. මෙය සහෝදරයෙකුට පවරනු ලබන විට, ඔහු රාජ්‍ය ශාලාවේ රැස්ව සිටින සබය මනසෙහි තබාගෙන එය කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. සහෝදරියක මෙම කොටස ඉදිරිපත් කරන විට, එය සෑම විටකම ඉදිරිපත් කළ යුතු වන්නේ පැවරුම් අංක 3හි දක්වා ඇති ආකාරයටය. පාසැල් අවේක්ෂක තමාට යෝග්‍යයයි පෙනෙන අවස්ථාවන්හිදී පැවරුම් අංක 4 සහෝදරයෙකුට දිය හැක. යම් විෂයක් අසල තරුවක් දක්වා ඇත්නම්, ඒවා කතා වශයෙන් ගොඩනැඟීම සඳහා සහෝදරයන්ට පමණක් පැවරිය යුතු බව කරුණාවෙන් සලකන්න.
උපදෙස්: විනාඩියයි. පාසැල් අවේක්ෂකයා ශිෂ්‍යයාට පවරා තිබෙන කථික ගුණාංගය කලින් සඳහන් කරන්නේ නැහැ. පැවරුම් අංක 2, 3 සහ 4 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කතාවේ පැසසිය යුතු යම් අංගයක් ගැන ධනාත්මක නිරීක්ෂණ කිහිපයක් පාසැල් අවේක්ෂක ඉදිරිපත් කරයි. ඔහු නිකම්ම “කතාව හොඳයි” කියා කියනවා වෙනුවට එම ඉදිරිපත් කිරීම සාර්ථක වූයේ මන්දැයි පෙන්වීමට විශේෂිත කරුණු ගෙනහැර දක්වයි. සෑම ශිෂ්‍යයෙකුගේම තත්වය සුවිශේෂ නිසා, එක් එක්කෙනාගේ අවශ්‍යතාවට අනුව රැස්වීමෙන් පසුව හෝ වෙනත් අවස්ථාවක පෞද්ගලිකව ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකි අමතර උපදෙස් දිය හැක.
ගත කළ යුතු වේලාව: කිසිම කතාවක් නියමිත වේලාව ඉක්මවා නොයා යුතුය. උපදේශක ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ. අංක 2 සිට 4 දක්වා පැවරුම් නියමිත කාලය ඉක්මවා යන විට, ඒවා උපායශීලීව නතර කළ යුතු වේ. කථික ගුණාංගය, පැවරුම් අංක 1 හෝ බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔවුන්ට පෞද්ගලිකව උපදෙස් දිය යුතුය. සියලුදෙනාම තමන්ට නියමිත කාල සීමාව ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. ගීතිකාව හා යාච්ඤාව හැර මුළු වැඩසටහනම විනාඩි 45කට සීමා වේ.
උපදෙස් පෝරමය: පාඩම් පොතෙහි ඇත.
අමතර උපදේශක: පාසැල් අවේක්ෂකට අමතරව තවත් දක්ෂ වැඩිමහල්ලෙක් සිටී නම්, අමතර උපදේශක නමැති පැවරුම ඉටු කිරීම සඳහා එවන් කෙනෙකුව වැඩිමහල් මණ්ඩලය විසින් තෝරාගත හැකිය. සභාවේ වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සිටී නම්, සෑම අලුත් වසරකදීම වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුට මෙම පැවරුම භාර දිය හැකිය. පැවරුම් අංක 1 සහ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට පෞද්ගලික උපදෙස් අවශ්‍ය නම්, එය ලබා දීම අමතර උපදේශකගේ වගකීම වේ. සෙසු වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් විසින් දෙනු ලබන මෙවැනි සෑම කතාවකින් අනතුරුව උපදෙස් ලබා දිය යුතුමයි යන්න මින් අදහස් නොකෙරේ.
වාචික පුනරීක්ෂණය: විනාඩි 30යි. සෑම මාස දෙකකට වරක් පාසැල් අවේක්ෂක විසින් වාචික පුනරීක්ෂණයක් මෙහෙයවනු ලැබේ. ඊට පෙරාතුව ඉහත දක්වා ඇති පරිද්දෙන් කථික ගුණාංගය හා බයිබල් කියවීමෙන් විශේෂාංගද ඉදිරිපත් කෙරේ. වාචික පුනරීක්ෂණය පදනම් වන්නේ පුනරීක්ෂණය පවත්වන සතිය ඇතුළු කලින් මාස දෙක තුළදී පාසැලේදී සලකා බැලූ තොරතුරු මතය. වාචික පුනරීක්ෂණය පැවැත්වෙන සතියේ ඔබේ සභාවට චාරිකා එක්රැස්වීම වැටී ඇත්නම් පුනරීක්ෂණය (සහ සතියේ ඉතිරි වැඩසටහන) ඉදිරි සතියට දැමිය හැකි අතර ඉදිරි සතියට නියමිත වැඩසටහන එක්රැස්වීමේ සතිය සඳහා යොදාගත යුතුයි. චාරිකා අවේක්ෂක ඔබේ සභාවට පැමිණෙන සතියේදී වාචික පුනරීක්ෂණය යෙදී ඇත්නම් ගීතිකාව, කථික ගුණාංගය සහ බයිබල් විශේෂාංග, වැඩසටහනේ තිබෙන පරිදි ඉදිරිපත් කළ යුතුයි. උපදෙස් කතාව (කථික ගුණාංග කොටසෙන් පසුව) සඳහා ඊළඟ සතියට නියමිත කොටස යොදාගත යුතුයි. ඊළඟ සතියේ දිව්‍යාණ්ඩු සේවා පාසැල සඳහා ඒ සතියට නියමිත කථික ගුණාංග කොටස සහ බයිබල් විශේෂාංග යොදාගෙන ඉන්පසු වාචික පුනරීක්ෂණය පැවැත්විය හැකියි.
වැඩසටහන
ජන. 1 බයිබල් කියවීම: යෙසායා 24-28 ගීතිකා අංක 33
කථික ගුණාංගය: කරුණුවල ප්‍රායෝගික අදාළත්වය (be 158 පි. ¶2-4)
අංක 1: පාසැලේදී ශිෂ්‍ය කතා පැවරුම් සූදානම් වීම (be 43 පි. ¶1-44 පි. ¶3)
අංක 2: යෙසායා 26:1-18
අංක 3: ජාතියක් අත්හරිනු ලැබුවද සියල්ලන්වම නොවේ (gt 79 පරි. 1-5 ජේ.)
අංක 4: අපට “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගත” හැක්කේ කෙසේද? (රෝම 13:14)
ජන. 8 බයිබල් කියවීම: යෙසායා 29-33 ගීතිකා අංක 42
කථික ගුණාංගය: සාකච්ඡා කරන කාරණයේ ප්‍රායෝගික වටිනාකම තේරුම්ගැනීමට අන් අයට උපකාර කරන්න (be 158 පි. ¶5-159 පි. ¶3)
අංක 1: විෂයක් සහ පසුබිමක් සකස් කරගන්නා ආකාරය (be 44 පි. ¶4-46 පි. ¶2)
අංක 2: යෙසායා 30:1-14
අංක 3: සබත් දවසේදී සුව කිරීම ගැන විරෝධය පෑ අයට තරවටු කරයි (gt 79 පරි. 6-9 ජේ.)
අංක 4: යෙහෝවා දෙවි දරුවන්ට ආදරේ බව අපි දන්නා අයුරු
ජන. 15 බයිබල් කියවීම: යෙසායා 34-37 ගීතිකා අංක 222
කථික ගුණාංගය: වචන තේරීම (be 160 පි. ¶1-3)
අංක 1: යේසුස් හරි වැරැද්ද දෙස බලන ආකාරයටම බැලීම (w05 1/1, 9-10 පි. ¶11-15)
අංක 2: යෙසායා 34:1-15
අංක 3: සැබෑ ප්‍රේමය වර්ධනය කරගන්නා අයුරු
අංක 4: බැටළු ගාල් සහ එඬේරා (gt 80 පරි.)
ජන. 22 බයිබල් කියවීම: යෙසායා 38-42 ගීතිකා අංක 61
කථික ගුණාංගය: පහසුවෙන් තේරුම්ගත හැකි භාෂා ශෛලියක් (be 161 පි. ¶1-4)
අංක 1: විරුද්ධවාදිකම් බාධාවක් කර නොගන්න (w05 1/1, 15 පි. ¶16-18)
අංක 2: යෙසායා 38:9-22
අංක 3: යේසුස්ව මරා දැමීමට දැරූ වෑයම් (gt 81 පරි.)
අංක 4: අනිත් අයට නරක චේතනා තිබෙනවා කියා තීරණය කිරීමෙන් වැළකීමට හේතුව
ජන. 29 බයිබල් කියවීම: යෙසායා 43-46 ගීතිකා අංක 113
කථික ගුණාංගය: නිවැරදි හා විවිධත්වයකින් යුත් වචන (be 161 පි. ¶5-162 පි. ¶4)
අංක 1: යෙහෝවාගේ විනිශ්චයන් නිවැරදි බවට අප පිළිගත යුත්තේ මන්ද? (w05 2/1, 23-4 පි. ¶4-9)
අංක 2: යෙසායා 45:1-14
අංක 3: ගැලවීම නොලබන්නේ කවුද? (gt 82 පරි. 1-6 ඡේ.)
අංක 4: a ක්‍රිස්තියානීන් තරඟකාරී ලෙස සැසඳීම් කිරීමෙන් වැළකීමට හේතුව
පෙබ. 5 බයිබල් කියවීම: යෙසායා 47-51 ගීතිකා අංක 79
කථික ගුණාංගය: භාෂාවට ජීවයක්, හැඟීම් හා විචිත්‍රවත් බවක් ලබා දෙන වචන (be 163 පි. ¶1-164 පි. ¶2)
අංක 1: යෙහෝවාගේ වචනය අපව පවිත්‍රව තබන අතර විශ්වාසවන්තව සිටීමටත් ආධාරකයකි (w05 4/15, 11-12 පි. ¶5-11)
අංක 2: යෙසායා 50:1-11
අංක 3: යෙරුසලම වෙත ගමන් කරද්දී කළ දේවල් (gt 82 පරි. 7-11 ඡේ.)
අංක 4: බයිබලයේ තෑගි දීම හෙළා දැක තිබෙනවාද?
පෙබ. 12 බයිබල් කියවීම: යෙසායා 52-57 ගීතිකා අංක 139
කථික ගුණාංගය: ව්‍යාකරණ රීතිවලට අනුව කතා කිරීම (be 164 පි. ¶3-7)
අංක 1: යෙහෝවාගේ වචනය අපට ධෛර්යය ලබා දෙයි (w05 4/15, 13 පි. ¶12-14)
අංක 2: යෙසායා 55:1-13
අංක 3: ආත්ම-පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කිරීම හොඳම දෙයයි
අංක 4: දෙවිගේ අනුමැතිය දිනාගත හැකි දේවල් කිරීම (gt 83 පරි.)
පෙබ. 19 බයිබල් කියවීම: යෙසායා 58-62 ගීතිකා අංක 189
කථික ගුණාංගය: දළසටහනක් භාවිත කිරීම (be 166 පි. ¶1-167 පි. ¶1)
අංක 1: යෙසායා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi06 31-2 පි. ¶34-9)
අංක 2: යෙසායා 60:1-14
අංක 3: දෙවිගේ දාසයෙකු වීම සුදුසු දෙයක් වන්නේ මන්ද?
අංක 4: b ගෝලයෙකු වීම හා බැඳි වගකීම (gt 84 පරි.)
පෙබ. 26 බයිබල් කියවීම: යෙසායා 63-66 ගීතිකා අංක 141
කථික ගුණාංගය: ඔබගේ අදහස් පෙළගැස්වීම (be 167 පි. ¶2-168 පි. ¶2)
වාචික පුනරීක්ෂණය
මාර්. 5 බයිබල් කියවීම: යෙරෙමියා 1-4 ගීතිකා අංක 70
කථික ගුණාංගය: ඔබේ දළසටහන සරලව තබාගන්න (be 168 පි. ¶3-169 පි. ¶5)
අංක 1: යෙරෙමියා පොතට හැඳින්වීම (bsi07 3 පි. 1-5 ඡේ.)
අංක 2: යෙරෙමියා 3:1-13
අංක 3: සැබෑ සතුට රැඳෙන්නේ කුමක් මතද?
අංක 4: c තමන්වම ධර්මිෂ්ඨයන් ලෙස සැලකීමෙන් වැළකී යටහත් පහත් වන්න (gt 85 පරි.)
මාර්. 12 බයිබල් කියවීම: යෙරෙමියා 5-7 ගීතිකා අංක 159
කථික ගුණාංගය: තොරතුරු තර්කානුකූලව ගොඩ නැංවීම (be 170 පි. ¶1-171 පි. ¶2)
අංක 1: සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම (be 47 පි. ¶1-49 පි. ¶1)
අංක 2: යෙරෙමියා 5:1-14
අංක 3: නැති වූ පුත්‍රයා සහ ඔහුගේ ප්‍රේමණීය පියා (gt 86 පරි. 1-9 ඡේ.)
අංක 4: නික්මයාම 14:11හි ඇති පාඩම අපේ කාලයට අදාළ කරගැනීම
මාර්. 19 බයිබල් කියවීම: යෙරෙමියා 8-11 ගීතිකා අංක 182
කථික ගුණාංගය: තොරතුරු තර්කානුකූලව ඉදිරිපත් කිරීම (be 171 පි. ¶3-172 පි. ¶6)
අංක 1: සේවා රැස්වීමේ කොටස්වලට හා වෙනත් කතාවලට සූදානම් වීම (be 49 පි. ¶2-51 පි. ¶2)
අංක 2: යෙරෙමියා 10:1-16
අංක 3: ආබ්‍රහම්ට, යෝබ්ට හා දානියෙල්ට නැවත නැඟිටීම කෙරෙහි ඇදහිල්ල තිබුණ බව අපි දන්නේ කොහොමද?
අංක 4: නැති වූ පුත්‍රයා සම්බ වූ විට දැක්වූ ප්රතිචාරයන් (gt 86 පරි. 10-20 ඡේ.)
මාර්. 26 බයිබල් කියවීම: යෙරෙමියා 12-16 ගීතිකා අංක 205
කථික ගුණාංගය: අදාළ තොරතුරු පමණක් භාවිත කිරීම (be 173 පි. ¶1-4)
අංක 1: ජීවිත පූජාව දෙවිගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරයි (w05 11/1, 13-14 පි.)
අංක 2: යෙරෙමියා 12:1-13
අංක 3: ප්‍රායෝගික ප්‍රඥාව ඇතුව අනාගතය සැලසුම් කරන්න (gt 87 පරි.)
අංක 4: ක්‍රිස්තියානියෙකු ආඩම්බර විය යුත්තේ කුමනාකාරයෙන්ද?
අප්‍රි. 2 බයිබල් කියවීම: යෙරෙමියා 17-21 ගීතිකා අංක 30
කථික ගුණාංගය: හිටිවන ඉදිරිපත් කිරීම් (be 174 පි. ¶1-175 පි. ¶5)
අංක 1: ප්‍රසිද්ධ කථා සූදානම් කිරීම (be 52 පි. ¶1-54 පි. ¶1)
අංක 2: යෙරෙමියා 20:1-13
අංක 3: ධනවතා සහ ලාසරුස් (gt 88 පරි. 1-10 ඡේ.)
අංක 4: d අපට ලැබෙන උපදෙස් අප සැලකිය යුත්තේ කෙසේද?
අප්‍රි. 9 බයිබල් කියවීම: යෙරෙමියා 22-24 ගීතිකා අංක 184
කථික ගුණාංගය: හිටිවන කතාවලදී මඟහැරිය යුතු උගුල් (be 176 පි. ¶1-177 පි. ¶2)
අංක 1: කථිකයා ගත යුතු තීරණ (be 54 පි. ¶2-4; 55 පි. කොටුව)
අංක 2: යෙරෙමියා 23:1-14
අංක 3: දේවසේවයේ සහභාගිත්වය අපට ප්‍රීතියක් වීමට හේතුව
අංක 4: ධනවතා හා ලාසරුස්ගේ උපමාවෙන් නියෝජනය වන දේ (gt 88 පරි. 11-21 ඡේ.)
අප්‍රි. 16 බයිබල් කියවීම: යෙරෙමියා 25-28 ගීතිකා අංක 27
කථික ගුණාංගය: අන් අය ඔබෙන් යම් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විටදී (be 177 පි. ¶3-178 පි. ¶2)
අංක 1: ගුරුවරයෙකු ලෙස දියුණු වන්න (be 56 පි. ¶1-57 පි. ¶2)
අංක 2: යෙරෙමියා 26:1-15
අංක 3: දයාන්විත මෙහෙවරක් සඳහා යුදයට (gt 89 පරි.)
අංක 4: භූමිය ශාප ලැබුවේ කෙලෙසද? (උත්. 3:17)
අප්‍රි. 23 බයිබල් කියවීම: යෙරෙමියා 29-31 ගීතිකා අංක 148
කථික ගුණාංගය: සංවාදාත්මක ශෛලියක් (be 179-80 පි.)
අංක 1: ‘වෙනස’ හඳුනාගන්න (be 57 පි. ¶3-58 පි. ¶2)
අංක 2: යෙරෙමියා 31:1-14
අංක 3: යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වයට සීමාවක් නැත්තේ ඇයි?
අංක 4: යේසුස් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන පවසයි (gt 90 පරි.)
අප්‍රි. 30 බයිබල් කියවීම: යෙරෙමියා 32-34 ගීතිකා අංක 100
කථික ගුණාංගය: කටහඬේ ගුණය (be 181 පි. ¶1-4)
වාචික පුනරීක්ෂණය
මැයි 7 බයිබල් කියවීම: යෙරෙමියා 35-38 ගීතිකා අංක 165
කථික ගුණාංගය: ඔබේ හුස්මගැනීම නිසි ලෙස පාලනය කිරීම (be 181 පි. ¶5-184 පි. ¶1; 182 පි. කොටුව)
අංක 1: සවන්දෙන්නන්ට කල්පනා කිරීමට දිරිගන්වන්න (be 58 පි. ¶3-59 පි. ¶3)
අංක 2: යෙරෙමියා 36:1-13
අංක 3: යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි (gt 91 පරි.)
අංක 4: ක්‍රිස්තියානීන් ජීවිතයේ අස්ථිරභාවයට මුහුණ දෙන්නේ කෙසේද?
මැයි 14 බයිබල් කියවීම: යෙරෙමියා 39-43 ගීතිකා අංක 56
කථික ගුණාංගය: තද කරගත් පේශීන් සැහැල්ලුවෙන් තබාගන්න (be 184 පි. ¶2-185 පි. ¶3; 184 පි. කොටුව)
අංක 1: අදාළ වීම් පැහැදිලි කරමින් හොඳ ආදර්ශයක් තබන්න (be 60 පි. ¶1-61 පි. ¶3)
අංක 2: යෙරෙමියා 39:1-14
අංක 3: දෙවිගේ යහපත්කමට කෘතගුණ දැක්වීම (gt 92 පරි.)
අංක 4: e සැබෑ ක්‍රිස්තියානීන් පූර්ව විවාහ ඇසුරේදී පවිත්රත්වය රැකගන්නේ ඇයි?
මැයි 21 බයිබල් කියවීම: යෙරෙමියා 44-48 ගීතිකා අංක 122
කථික ගුණාංගය: අනික් පුද්ගලයා කෙරෙහි දක්වන උනන්දුව (be 186 පි. ¶1-4)
අංක 1: සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු (be 62 පි. ¶1-64 පි. ¶1)
අංක 2: යෙරෙමියා 46:1-17
අංක 3: තමාවම රවටාගැනීමට ඇතුළත් වන්නේ කුමක්ද? ඉන් ආරක්ෂා වන්නේ කෙසේද?
අංක 4: මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වන විට (gt 93 පරි.)
මැයි 28 බයිබල් කියවීම: යෙරෙමියා 49-50 ගීතිකා අංක 95
කථික ගුණාංගය: හොඳින් සවන් දීම (be 186 පි. ¶5-187 පි. ¶4)
අංක 1: දිගටම සංවාදයක නිරත වන අන්දම (be 64 පි. ¶2-65 පි. ¶4)
අංක 2: යෙරෙමියා 49:14-27
අංක 3: යාච්ඤාවේ සහ යටහත්කමේ අවශ්‍යතාව (gt 94 පරි.)
අංක 4: දෙමාපියන් දරුවන්ට ඇහෙන්න කියවිය යුතු හේතුව
ජූනි 4 බයිබල් කියවීම: යෙරෙමියා 51-52 ගීතිකා අංක 166
කථික ගුණාංගය: ප්‍රගතියක් ලබන්නට අන් අයට උපකාර කිරීම (be 187 පි. ¶5-188 පි. ¶3)
අංක 1: යෙරෙමියා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 3-4 පි. 36-9 ඡේ.)
අංක 2: යෙරෙමියා 52:1-16
අංක 3: දෙවිගෙන් ඈත් වී ස්වාධීන වීම අනුවණකමකි
අංක 4: දික්කසාදය සහ දරුවන්ට දක්වන ප්‍රේමය පිළිබඳ පාඩම් (gt 95 පරි.)
ජූනි11 බයිබල් කියවීම: විලාප ගී 1-2 ගීතිකා අංක 129
කථික ගුණාංගය: ප්‍රායෝගික උපකාර ලබා දීම (be 188 පි. ¶4-189 පි. ¶4)
අංක 1: විලාප ගී පොතට හැඳින්වීම (bsi07 4-5 පි. 1-7 ඡේ.)
අංක 2: විලාප ගී 2:1-10
අංක 3: යේසුස් සහ ධනවත් තරුණ මුලාදෑනියෙක් (gt 96 පරි.)
අංක 4: සැබෑ කරුණාව දුර්වලකමක් නොවන්නේ මන්ද?
ජූනි18 බයිබල් කියවීම: විලාප ගී 3-5 ගීතිකා අංක 140
කථික ගුණාංගය: අන් අයට ගෞරවය දැක්වීම (be 190 පි. ¶1-191 පි. ¶1)
අංක 1: විලාප ගී—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 5-6 පි. 13-15 ඡේ.)
අංක 2: විලාප ගී 4:1-13
අංක 3: මිදිවත්ත පිළිබඳ යේසුස්ගේ උපමාව (gt 97 පරි.)
අංක 4: f සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනයට හවුල් නොවීමට හේතු
ජූනි 25 බයිබල් කියවීම: එසකියෙල් 1-5 ගීතිකා අංක 1
කථික ගුණාංගය: ගෞරවාන්විත පිළිගැනීමක් (be 191 පි. ¶2-192 පි. ¶1)
වාචික පුනරීක්ෂණය
ජූලි 2 බයිබල් කියවීම: එසකියෙල් 6-10 ගීතිකා අංක 26
කථික ගුණාංගය: ගෞරවාන්විත ඉදිරිපත් කිරීමක් (be 192 පි. ¶2-193 පි. ¶2)
අංක 1: එසකියෙල් පොතට හැඳින්වීම (bsi07 6-7 පි. 1-6 ඡේ.)
අංක 2: එසකියෙල් 7:1-13
අංක 3: යෙහෝවාට ළංවීමට අවශ්‍ය දේ (යාකො. 4:8)
අංක 4: මතු සිදු වන දේවල් සඳහා යේසුස් ගෝලයන්ව සූදානම් කරයි (gt 98 පරි.)
ජූලි 9 බයිබල් කියවීම: එසකියෙල් 11-14 ගීතිකා අංක 112
කථික ගුණාංගය: ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීම (be 194 පි. ¶1-195 පි. ¶2)
අංක 1: යහපත කිරීම අත් නොහරින්න (w05 6/1, 29-30 පි.)
අංක 2: එසකියෙල් 11:1-13
අංක 3: යේසුස් ආබ්‍රහම්ගේ නැති වූ පුත්‍රයෙකුව ප්‍රකෘතිමත් කරයි (gt 99 පරි.)
අංක 4: එළිදරව් 17:9-11 තේරුම්ගත හැක්කේ කෙසේද?
ජූලි 16 බයිබල් කියවීම: එසකියෙල් 15-17 ගීතිකා අංක 29
කථික ගුණාංගය: විශ්වාසය පළ කරන අන්දම (be 195 පි. ¶3-196 පි. ¶4)
අංක 1: වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා! (w05 9/15, 26-8 පි.)
අංක 2: එසකියෙල් 16:1-13
අංක 3: බුද්ධිමත්ව සිටීම යන්නෙන් අදහස් වන දේ (හිතෝ. 13:16)
අංක 4: මීනා කාසි පිළිබඳ උපමාව (gt 100 පරි.)
ජූලි 23 බයිබල් කියවීම: එසකියෙල් 18-20 ගීතිකා අංක 193
කථික ගුණාංගය: උපායශීලී නමුත් ස්ථිරව (be 197 පි. ¶1-3)
අංක 1: ප්‍රශ්න අසන්නාගේ දෘෂ්ටිය තේරුම්ගන්න (be 66 පි. ¶1-68 පි. ¶1)
අංක 2: එසකියෙල් 18:19-29
අංක 3: මරියාගේ යහපත් ක්‍රියාව වෙනුවෙන් යේසුස් කතා කරයි (gt 101 පරි.)
අංක 4: දේවරාජ්‍යය යථාර්ථයක් වන බවට සාක්ෂි
ජූලි 30 බයිබල් කියවීම: එසකියෙල් 21-23 ගීතිකා අංක 35
කථික ගුණාංගය: උපායශීලී සාක්ෂි දැරීම (be 197 පි. ¶4-198 පි. ¶4)
අංක 1: පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්න (be 68 පි. ¶2-70 පි. ¶4)
අංක 2: එසකියෙල් 23:1-17
අංක 3: ක්‍රිස්තුස් යෙරුසලමට ජයග්‍රාහී අන්දමින් ඇතුල් වෙයි (gt 102 පරි.)
අංක 4: උතුම්කම පිළිබඳ කුමන අදහසක් දැරීමද සුදුසු?
අගෝ. 6 බයිබල් කියවීම: එසකියෙල් 24-27 ගීතිකා අංක 37
කථික ගුණාංගය: අවස්ථාවට සුදුසු වචන (be 199 පි. ¶1-4)
අංක 1: ලිපි මාර්ගයෙන් අදහස් හුවමාරුව (be 71-3 පි.)
අංක 2: එසකියෙල් 24:1-14
අංක 3: මෝසෙස් ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක් වුණේ කුමනාකාරවලින්ද?
අංක 4: දේවමාලිගාව කෙලෙසන අයව යේසුස් හෙළා දකියි (gt 103 පරි.)
අගෝ. 13 බයිබල් කියවීම: එසකියෙල් 28-31 ගීතිකා අංක 123
කථික ගුණාංගය: පවුලේ සාමාජිකයන් හා වෙනත් අය සමඟ උපායශීලී වීම (be 200 පි. ¶1-4)
අංක 1: ප්රගතිශීලී වන්න—දියුණුවක් ලබන්න (be 74 පි. ¶1-75 පි. ¶3)
අංක 2: එසකියෙල් 28:1-16
අංක 3: තෙවන වතාවටත් දෙවිගේ හඬ ඇසේ (gt 104 පරි.)
අංක 4: ශුද්ධ ලියවිල්ලේ සඳහන් “ද්වේෂ” යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද?
අගෝ. 20 බයිබල් කියවීම: එසකියෙල් 32-34 ගීතිකා අංක 215
කථික ගුණාංගය: ගොඩනංවනසුලු ඒකාන්ත එලඹීමක් (be 202 පි. ¶1-203 පි. ¶2)
අංක 1: ඔබ සතු දීමනාව භාවිත කරන්න (be 75 පි. ¶4-77 පි. ¶2)
අංක 2: එසකියෙල් 34:1-14
අංක 3: දෙවිගේ බලය අපට උපකාර කරන්නේ කෙසේද?
අංක 4: ශාප කළ අත්තික්කා ගසෙන් නියෝජනය වන්නේ කුමක්ද? (gt 105 පරි.)
අගෝ. 27 බයිබල් කියවීම: එසකියෙල් 35-38 ගීතිකා අංක 94
කථික ගුණාංගය: ඒකාන්ත ස්වරයකින් කතා කරන්න (be 203 පි. ¶3-204 පි. ¶1)
වාචික පුනරීක්ෂණය
සැප්. 3 බයිබල් කියවීම: එසකියෙල් 39-41 ගීතිකා අංක 194
කථික ගුණාංගය: සෙසු ඇදහිලිවන්තයන් සමඟ අදහස් හුවමාරු කරන විටදී (be 204 පි. ¶2-205 පි. ¶4)
අංක 1: දෙවිගේ වචනයට ඇලුම් කළ යුත්තේ මන්ද? (w05 4/15, 15-16 පි. 3-6 ඡේ.)
අංක 2: එසකියෙල් 40:1-15
අංක 3: මිනිසුන්ට පුළුවන්ද දෙවිව ප්‍රීතිමත් කරන්න?
අංක 4: ආගමික නායකයන්ව හෙළි කරන අන්දම (gt 106 පරි.)
සැප්. 10 බයිබල් කියවීම: එසකියෙල් 42-45 ගීතිකා අංක 77
කථික ගුණාංගය: අවධාරණය සඳහා නැවත කීම (be 206 පි. ¶1-4)
අංක 1: මහලු විය “ගෞරවයේ ඔටුන්නක්” වන විට (w05 1/15, 8-9 පි.)
අංක 2: එසකියෙල් 43:1-12
අංක 3: විවාහ මංගල්‍ය පිළිබඳ උපමාවේ තේරුම (gt 107 පරි.)
අංක 4: g “නාඳුනන අයගේ හඬ” හඳුනාගත හැක්කේ කෙසේද? (යොහන් 10:5)
සැප්. 17 බයිබල් කියවීම: එසකියෙල් 46-48 ගීතිකා අංක 164
කථික ගුණාංගය: ක්ෂේත්‍ර සේවයේදී හා කතා ඉදිරිපත් කරන විටදී නැවත කීම (be 207 පි. ¶1-208 පි. ¶3)
අංක 1: එසකියෙල්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 7-8 පි. 29-33 ඡේ.)
අංක 2: එසකියෙල් 47:1-14
අංක 3: යේසුස්ව හසු කරගන්නට ඔවුන් අසමත් වෙයි (gt 108 පරි.)
අංක 4: h දෙමාපියන් විසින් දරුවන්ට දිය හැකි හොඳම ත්‍යාගය ආත්මික උරුමය වීමට හේතු
සැප්. 24 බයිබල් කියවීම: දානියෙල් 1-3 ගීතිකා අංක 179
ථික ගුණාංගය: තේමාව ගොඩනැඟීම (be 209 පි. ¶1-3)
අංක 1: දානියෙල් පොතට හැඳින්වීම (bsi07 8-9 පි.1-6 ඡේ.)
අංක 2: දානියෙල් 2:1-16
අංක 3: මෙම 1,44,000 සැබෑ සංඛ්‍යාවක් වීමට හේතුව (එළි. 7:4)
අංක 4: යේසුස් තම විරුද්ධවාදීන්ව හෙළා දකියි (gt 109 පරි.)
ඔක්. 1 බයිබල් කියවීම: දානියෙල් 4-6 ගීතිකා අංක 14
කථික ගුණාංගය: උචිත තේමාවක් භාවිත කිරීම (be 210 පි. ¶1-211 පි. ¶1; 211 පි. කොටුව)
අංක 1: කෙනෙක් ඔබට වරදක් කළොත් . . . ? (w05 8/1, 13-15 පිටු)
අංක 2: දානියෙල් 4:1-17
අංක 3: මෙපිබොෂෙත්ගේ කදිම ගුණාංග අනුකරණය කළ හැක්කේ කෙසේද?
අංක 4: යේසුස් දේවමාලිගාවේ සිදු කරන දේවසේවය අවසන් (gt 110 පරි.)
ඔක්. 8 බයිබල් කියවීම: දානියෙල් 7-9 ගීතිකා අංක 34
කථික ගුණාංගය: මූලික කරුණු කැපී පෙනෙන්නට සැලැස්වීම (be 212 පි. ¶1-213 පි. ¶1)
අංක 1: යෙහෝවාගේ වචන ඔබට ආරක්ෂාවක් වේවා! (w05 9/1, 28-31 පිටු)
අංක 2: දානියෙල් 7:1-12
අංක 3: යේසුස් අන්තිම දවස්වල ලකුණ දෙයි (gt 111 පරි. 1-11 ඡේ.)
අංක 4: නිතිපතා දේවසේවයේ යෙදීමෙන් ලැබෙන්නේ කුමනාකාරයේ ප්‍රීතියක්ද?
ඔක්. 15 බයිබල් කියවීම: දානියෙල් 10-12 ගීතිකා අංක 210
කථික ගුණාංගය: ඕනෑවට වඩා මූලික කරුණු යොදා නොගන්න (be 213 පි. ¶2-214 පි. ¶5)
අංක 1: දානියෙල්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 9-10 පි. 19-23 ඡේ.)
අංක 2: දානියෙල් 11:1-14
අංක 3: වරදවා වටහාගැනීම්වලින් ජයගැනීමට නිහතමානිකම උපකාරවත් වන අයුරු
අංක 4: යේසුස් අන්තිම දවස් ගැන තවත් දේ පවසයි (gt 111 පරි. 12-19 ඡේද)
ඔක්. 22 බයිබල් කියවීම: හොෂෙයා 1-7 ගීතිකා අංක 66
කථික ගුණාංගය: උනන්දුව අවදි කරවන හැඳින්වීමක් (be 215 පි. ¶1-216 පි. ¶5)
අංක 1: හොෂෙයා පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 11-12 පි. 1-8, 14-17 ඡේ.)
අංක 2: හොෂෙයා 5:1-15
අංක 3: නුවණ ඇති හා නුවණ නැති කන්‍යාවෝ (gt 111 පරි. 20-8 ඡේ.)
අංක 4: සැබෑ ක්‍රිස්තියානීන් ඉවසීම පෙන්වන ආකාරයන්
ඔක්. 29 බයිබල් කියවීම: හොෂෙයා 8-14 ගීතිකා අංක 59
කථික ගුණාංගය: ක්ෂේත්‍ර සේවයේදී ජනයාගේ අවධානය ඇදගැනීම (be 217 පි. ¶1-4)
වාචික පුනරීක්ෂණය
නොවැ. 5 බයිබල් කියවීම: යෝවෙල් 1-3 ගීතිකා අංක 166
කථික ගුණාංගය: හැඳින්වීමේදී විෂය පැහැදිලිව හඳුන්වා දෙන්න (be 217 පි. ¶5-219 පි. ¶3)
අංක 1: යෝවෙල් පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 13-4 පි. 1-5, 12-14 ඡේ.)
අංක 2: යෝවෙල් 2:1-14
අංක 3: “පරිපූර්ණ ප්‍රේමය” තිබීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (1 යොහන් 4:18)
අංක 4: තලෙන්ත පිළිබඳ උපමාව (gt 111 පරි. 29-37 ඡේ.)
නොවැ. 12 බයිබල් කියවීම: ආමොස් 1-9 ගීතිකා අංක 211
කථික ගුණාංගය: බලපෑමෙන් යුත් අවසානයක් (be 220 පි. ¶1-3)
අංක 1: ආමොස් පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 14-16 පි. 1-6, 13-17 ඡේ.)
අංක 2: ආමොස් 2:1-16
අංක 3: පාඩමක් ඉගෙනගැනීමට අත පුච්චගන්නම ඕනෙද?
අංක 4: ක්‍රිස්තුස් රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණෙන විට (gt 111 පරි. 38-46 ඡේ.)
නොවැ. 19 බයිබල් කියවීම: ඔබදියා 1–යෝනා 4 ගීතිකා අංක 220
කථික ගුණාංගය: මතක තබාගත යුතු කරුණු (be 220 පි. ¶4-221 පි. ¶4)
අංක 1: ඔබදියා හා යෝනා පොත්වලට හැඳින්වීම හා ඒවා ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 16-17 පි. 1-5, 10-14 ඡේ.; 17-19 පි. 1-4, 9-12 ඡේ.)
අංක 2: යෝනා 1:1-17
අංක 3: i බරපතළ වරදක් වැඩිමහල්ලන්ට හෙළි කළ යුත්තේ මන්ද?
අංක 4: භූමික පාරාදීසයට පෙර ආත්මික පාරාදීසයක් අවශ්‍ය වීමට හේතු
නොවැ. 26 බයිබල් කියවීම: මීකා 1-7 ගීතිකා අංක 18
කථික ගුණාංගය: ක්ෂේත්‍ර සේවයේදී (be 221 පි. ¶5-222 පි. ¶6)
අංක 1: මීකා පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 19-21 පි. 1-8, 16-19 ඡේ.)
අංක 2: මීකා 2:1-13
අංක 3: මෘදු ගුණැති යන්නෙන් අදහස් වන දේ
අංක 4: යේසුස්ගේ අන්තිම පාස්කුව අත ළඟයි (gt 112 පරි.)
දෙසැ. 3 බයිබල් කියවීම: නාහුම් 1–හබක්කුක් 3 ගීතිකා අංක 137
කථික ගුණාංගය: යමක් නිවැරදිව පැවසීම (be 223 පි. ¶1-5)
අංක 1: නාහුම් හා හබක්කුක් පොත්වලට හැඳින්වීම හා ඒවා ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 21-3 පි. 1-7, 11-12 ඡේ.; 23-24 පි. 1-5, 12-14 ඡේ.)
අංක 2: හබක්කුක් 1:1-17
අංක 3: යේසුස් යටහත් පහත්කම පිළිබඳ පාඩමක් උගන්වයි (gt 113 පරි.)
අංක 4: සදාකාල ජීවනය නිරස නොවන්නේ ඇයි?
දෙසැ. 10 බයිබල් කියවීම: ශෙපනියා 1–හග්ගයි 2 ගීතිකා අංක 78
කථික ගුණාංගය: ‘විශ්වාස වූ වචනය තදින් අල්ලාගෙන සිටීම’ (be 224 පි. ¶1-4)
අංක 1: ශෙපනියා හා හග්ගයි පොත්වලට හැඳින්වීම හා ඒවා ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 25-26 පි. 1-6, 10-12 ඡේ.; 27-28 පි. 1-7, 13-16 ඡේ.)
අංක 2: ශෙපනියා 3:1-17
අංක 3: යේසුස් සිහි කිරීම ස්ථාපිත කරයි (gt 114 පරි.)
අංක 4: j ආත්මිකත්වය විවාහයට බලපාන්නේ කෙසේද?
දෙසැ. 17 බයිබල් කියවීම: සෙකරියා 1-8 ගීතිකා අංක 209
කථික ගුණාංගය: තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම (be 225 පි. ¶1-3)
අංක 1: සෙකරියා පොතට හැඳින්වීම (bsi07 28-29 පි. 1-7 ඡේ.)
අංක 2: සෙකරියා 7:1-14
අංක 3: අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනය සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?
අංක 4: යේසුස් ඉවසිලිවන්තව තම ගෝලයන්ට ප්‍රේමය හා යටහත් පහත්කම ගැන උගන්වයි (gt 115 පරි.)
දෙසැ. 24 බයිබල් කියවීම: සෙකරියා 9-14 ගීතිකා අංක 202
කථික ගුණාංගය: අන් අයට තේරුම්ගත හැකිවීම (be 226 පි. ¶1-227 පි. ¶2)
අංක 1: සෙකරියා පොත ප්‍රයෝජනවත් වීමට හේතු මෙන්ම මලාකි පොතට හැඳින්වීම හා එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi07 29-30 පි. 23-27 ඡේ.; 31-32 පි. 1-6, 13-17 ඡේ.)
අංක 2: සෙකරියා 10:1-12
අංක 3: යේසුස් සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම (gt 116 පරි. 1-14 ඡේ.)
අංක 4: පීඩාවලට සූදානම් විය හැක්කේ කෙසේද?
දෙසැ. 31 බයිබල් කියවීම: මලාකි 1-4 ගීතිකා අංක 118
කථික ගුණාංගය: නුහුරු යෙදුම් පැහැදිලි කරන්න (be 227 පි. ¶3-228 පි. ¶1)
වාචික පුනරීක්ෂණය
[Footnotes
a සහෝදරයන්ට පමණක් පවරන්න.
b සහෝදරයන්ට පමණක් පවරන්න.
c සහෝදරයන්ට පමණක් පවරන්න.
d සහෝදරයන්ට පමණක් පවරන්න.
e සහෝදරයන්ට පමණක් පවරන්න.
f සහෝදරයන්ට පමණක් පවරන්න.
g සහෝදරයන්ට පමණක් පවරන්න.
h සහෝදරයන්ට පමණක් පවරන්න.
i සහෝදරයන්ට පමණක් පවරන්න.
j සහෝදරයන්ට පමණක් පවරන්න.