ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/06 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අගෝස්තු 14න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 21න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 28න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 4න් පටන්ගන්නා සතිය
2006 අපගේ රාජ්‍ය සේවාව
km 8/06 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිය යුතුයි: “ගැලවීම අත ළඟයි!” දිස්ත්‍රික් සමුළුව සම්බන්ධයෙන් යම් තොරතුරු සාකච්ඡා කිරීමට අගෝස්තු මාසයේ සේවයේ එක් සතියක සේවා රැස්වීම් වැඩසටහනේ වෙනසක් කිරීමට සිදු වේ. මේ සඳහා විනාඩි 15ක් වෙන් කරන්න. සුදුසු නම්, සමුළුවට සහභාගි වීමට පෙර පැවැත්වෙන අන්තිම සේවා රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරන්න. මේ සඳහා ජූලි මාසයේ අතිරේකයේ සඳහන් සමුළුව පිළිබඳ උපදෙස් සහ සිහිගැන්වීම් නැවත සාකච්ඡා කළ හැකියි. ඔබේ සමුළුවෙන් මාසයකට හෝ දෙකකට පසුව, සමුළුවේ විශේෂ කරුණු සලකා බැලීම සඳහා විනාඩි 15ක් හෝ 20ක් සේවා රැස්වීමේදී වෙන් කරන්න. (සමහරවිට සභා අවශ්‍යතා කොටස මේ සඳහා යොදාගත හැකියි.) මෙහිදී මුළු සමුළුවේම සම්පූර්ණ පුනරීක්ෂණයක් කළ යුතු නැහැ. ක්ෂේත්‍ර සේවයට සම්බන්ධ තොරතුරු පමණක් හුවා දක්වන්න. දේවසේවයේදී මේ තොරතුරු අදාළ කරගැනීමට යන ආකාරය ගැන සබයෙන් විමසන්න.

අගෝස්තු 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 163

විනා. 15: සභා නිවේදන. “නව විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන” සාකච්ඡා කරන්න. විශේෂ එක්දින එක්රැස්වීම පැවැත්වෙන දිනය දන්නවා නම් නිවේදනය කරන්න. මෙහි 4වන පිටුවේ සඳහන් හෝ ගැළපෙන වෙනත් ක්‍රමයක් යොදාගෙන, ජූලි පිබිදෙව්! කලාපය සහ අගෝස්තු 1 මුරටැඹ කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, “මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කැමති නැහැ” යයි කියන කෙනෙකුට උත්තර දෙන ආකාරය පෙන්වන්න.

විනා. 15: “සැප්තැම්බර් මාසයේදී බෙදා දෙන විශේෂ පිබිදෙව්! කලාපය.”a මෙහි 4වන ඡේදය සලකා බලද්දී, පාසැල් දරුවෙක් තමාගේ ගුරුවරයෙකුට සැප්තැම්බර් පිබිදෙව්! කලාපය බෙදා දෙන අන්දම කෙටියෙන් නිරූපණය කරන්න.

විනා. 15: ඉස්කෝලේ මිතුරන්ව ළඟින් ඇසුරු කරන්න බැරිද? වර්ෂ 2006 අප්‍රියෙල් පිබිදෙව්! කලාපයේ 17-19 දක්වා පිටු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ හැදුණු යෞවනයන්ව අමතා පාසැලේදී ඇති වන ගැටලු හා අභියෝගවලට මුහුණ දීමට දෙමාපියන් තමන්ව පුහුණු කළ ආකාරය ගැන අදහස් විමසන්න. මේ අදහසක් හෝ දෙකක් කලින් සූදානම් කළ හැකියි.

ගීතිකා අංක 164 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 62

විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. “නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන” සාකච්ඡා කරන්න. එම දින දැනුම් දී තිබේ නම්, නිවේදනය කරන්න.

විනා.15: මුරටැඹ පාඩමෙන් සහ ප්‍රසිද්ධ කථාවෙන් ප්‍රයෝජන ගැනීම. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 59වන පිටුවේ සිට 64වන පිටුවේ උපමාතෘකා දක්වා තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්.

විනා. 20: උපකාරික පුරෝගාමි සේවයට දැන්ම සැලසුම් කරන්න! කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. නව සේවා වර්ෂයේ අඩුම තරමින් එක මාසයකවත් උපකාරික පුරෝගාමි සේවය කිරීමට සබයට දිරිගන්වන්න. (1 කොරි. 9:26) විශේෂ ක්‍රියාකාරකම් සහිත මාසයක් හෝ නිවාඩු හෝ අමතර සති අන්ත ඇති මාස තෝරාගැනීමට සමහරු කැමති වෙන්නට පුළුවන. සබයෙන් මෙසේ අසන්න. “ඔබ උපකාරික පුරෝගාමි සේවය කිරීමට පෙර තිබූ අභියෝග ජයගෙන තිබෙන්නේ කෙසේද? මේ නිසා ඔබ ලබා ඇති ආශීර්වාද මොනවාද? ඔබට යම් ආශාවක් තිබුණත්, එය කරන්න ඔබට හැකි වෙයිද කියා සිතමින් කනස්සලු වෙනවා නම් ඔබ ඒ ගැන යාච්ඤා කළ යුත්තේ ඇයි? (ක්‍රියා 4:29; 2 කොරි. 4:7; යාකො. 1:5) ඔබේ පවුලේ අය සහ සභාවේ අය සමඟ සාකච්ඡා කිරීම හොඳ දෙයක් වන්නේ ඇයි? විශේෂයෙන්ම ඔබේ තත්වයන්ට සමාන තත්වයන්හි සිටින අය සමඟ කතා කළ යුත්තේ ඇයි? (හිතෝ. 15:22) ඔබ පුරෝගාමි සේවය කරන්නට යන්නේ කොයි මාසයේද?”

ගීතිකා අංක 216 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 17

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. අගෝස්තු මස සේවා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මෙහි 4වන පිටුවේ සඳහන් හෝ වෙනත් ගැළපෙන ක්‍රම යොදාගෙන, සඟරා මාර්ගයකදී අගෝස්තු 15 මුරටැඹ හෝ අගෝස්තු පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: අනුන්ව දිරිගන්වන පුද්ගලයෙකු වන්න. (රෝම 1:11, 12) කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සභාවේ සිටින ස්ථාවර පුරෝගාමීන්ගේ සංඛ්‍යාව සඳහන් කරන්න. ඔවුන්ගේ සේවය ගැන ප්‍රශංසා කිරීම, පුරෝගාමි සේවය ගැන ශුභාවාදීව කතා කිරීම, ඔවුන් සමඟ සේවයේ හවුල් වීම, එකට කෑම වේලක් ගැනීම සහ ඔවුන්ගේ ප්‍රවාහන වියදම්වලට උදව් කිරීම වැනි ක්‍රමවලින් ඔවුන්ව දිරිගැන්විය හැකි ආකාරය ගැන කතා කරන්න. අන් අය තමන්ව දිරිගැන්වූ අන්දම ගැන කීමට ස්ථාවර පුරෝගාමීන්ට ආරාධනා කරන්න. සභාවේ ස්ථාවර පුරෝගාමීන් නැත්නම්, උපකාරික පුරෝගාමි සේවය කරන අයව දිරිගැන්විය හැකි අන්දම ගැන සාකච්ඡා කරන්න.

විනා. 20: සැප්තැම්බර් මාසයේදී ඔබට බයිබල් පාඩමක් පටන්ගත හැකිද? කතාවක් සහ නිරූපණ. සැප්තැම්බර් මාසයේදී බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගනිමින් බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ ප්‍රයත්නයක් දැරිය යුතුයි. මින් අදහස් කරන්නේ අප මෙම පොත බෙදා දෙන අවස්ථාවේදී ගෙවැසියා සමඟ එම පොතෙන් ඡේද කිහිපයක් සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවයි. ප්‍රදේශයට ගැළපෙන විෂයන් යොදාගනිමින් නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එක් නිරූපණයකදී, නිශ්චිත දිනයක් හා වේලාවක් කතා කරගෙන නැවත ගොස් සාකච්ඡා කිරීමට සැලසුම් කරන ආකාරය පෙන්වන්න.

ගීතිකා අංක 37 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 90

විනා. 10: සභා නිවේදන.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: “තරාතිරම් නොබලා හැමෝටම ශුභාරංචිය ගැන කතා කරන්න!”b මෙහි 3වන ඡේදය සාකච්ඡා කළායින් පසුව, සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි පොත් පිංචයේ 2වන පිටුවේ සඳහන් පියවර තුන පුනරීක්ෂණය කරන්න. වෙනත් භාෂාවක් කතා කරන අයට ශුභාරංචිය බෙදා දීමට මෙම පොත් පිංචය යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න.

ගීතිකා අංක 225 සහ අවසාන යාච්ඤාව.

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න