නිවේදන
◼ ජූලි සහ අගෝස්තු මාසවල බෙදා දෙන පොත් පත්: මූලිකව ඉදිරිපත් කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති (T-76) යන පත්‍රිකාවයි. නැත්නම්, පහත සඳහන් පිටු 32කින් යුත් විවරණිකා යොදාගත හැකියි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සෝදිසියෙන් සිටින්න!, සියලු ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට උපකාර කරනු ඇත්තේ කවුද? සහ සතුටින් පිරි ජීවිතයකට මඟ සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මුල් අවස්ථාවේදීම බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. පොත් පත් බෙදා දුන් හැම කෙනෙකුවම නැවත ගොස් බලා බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව් සඟරා. උනන්දුවක් දක්වන කෙනෙකුට, සෝදිසියෙන් සිටින්න! විවරණිකාව හඳුන්වා දී බයිබලය කෙරෙහි උනන්දුව ඇති කරන්න. [ඔක්තෝබර් මාසයේදී වෙනත් සභාවකට අයත් කලාතුරකින් වැඩ කරන ප්‍රදේශයක සේවය කිරීමේ ප්‍රස්තාව ඔබට තිබේ.] නොවැම්බර්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත බෙදා දෙනු ලැබේ. තමාට දරුවන් නැතැයි කියා ගෙහිමියා කියයි නම්, බයිබලය ගැන තවත් දැනගන්න කැමතිද? හෝ වෙනත් සුදුසු පත්‍රිකාවක් බෙදා දෙන්න.
◼ ඔබේ පොත් පත් නියමිත වේලාවට ලබාගැනීමට නම්, අපගේ රාජ්‍ය සේවාවේ මෙම පිටපත ලැබුණු විගසම පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) පුරවා එවන්න. ශාඛා කාර්යාලයට ලැබිය යුතු නියමිත දිනය දැනගැනීමට කරුණාකර 2006 පොත් පත් ඉල්ලුම් පෝරමයේ 1වන පිටුවේ අනෙක් පැත්ත බලන්න.
◼ සැප්තැම්බර් මාසයේ සිට චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව, “දෙවි ඔබව දකින්නේ කෙබඳු පුද්ගලයෙක් ලෙසද?” යන්නයි.
◼ වර්ෂ 2007 ජනවාරි 8න් ආරම්භ වන සතියේ සිට සභා පොත් පාඩම්වලදී අධ්‍යයනය කරන්නේ එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! යන පොතයි. පොත් පාඩම් සඳහා ඇති තරම් පොත් කලින් ඉල්ලුම් කරන්න.
◼ ස්ථාවර පුරෝගාමි සේවය සඳහා එවන අයැදුම් පත්, ආරම්භ කිරීමට නියමිත දිනට දවස් 30කටවත් පෙර ශාඛා කාර්යාලයට එවන මෙන් දන්වා සිටිමු. සභා ලේකම් ඒවා එවීමට පෙර නිසි ලෙස පුරවා ඇද්දැයි පරීක්ෂා කළ යුතුයි. බව්තීස්ම වූ දවස අයැදුම්කරුට මතක නැත්නම්, දළ වශයෙන් යම් දිනයක් නිර්ණය කර, එය වාර්තා කරගත යුතුයි. ලේකම් මෙම දිනය සභා ප්‍රචාරක කාඩ් පතේ (S-21) ලකුණු කළ යුතුයි.
◼ සභාවේ සෑම ස්ථාවර පුරෝගාමියෙකු සඳහාම පුරෝගාමි සේවය සඳහා පත්වීමේ ලිපිය (S-202) සභා ලිපි ගොනුවේ තිබෙන බවට සභා ලේකම් වගබලා ගත යුතුයි. නැත්නම්, ශාඛා කාර්යාලයෙන් විමසිය යුතුයි.
◼ සභාව සතු සියලුම පොත් පත්වල හා සඟරාවල වාර්ෂික තොග ගණන් ගැනීම 2006 අගෝස්තු 31වන දින හෝ එදිනට ආසන්න දිනයකදී කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකාරක සේවක විසින් මාසිකව කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතුව පොත් පත් තොග ලේඛන පෝරමයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව සඟරා සේවක(යන්)ගෙන් දැනගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොගය අධීක්ෂණය කළ යුතුයි. සම්බන්ධීකරණ සභාවේ මුලසුන භාර අවේක්ෂක සහ ලේකම් මෙම පෝරමයට අත්සන් තැබිය යුතුයි. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝරම තුනක් ඉදිරියේදී ලැබෙනු ඇත. කරුණාකර, සැප්තැම්බර් 6වනදාට කලින්, මුල් පිටපත ශාඛා කාර්යාලයට තැපැල් කරන්න. පිටපතක් ඔබේ සභාවේ ලිපි ගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගණන් කරන විට සටහන් කිරීමට යොදා ගත හැකියි.
◼ දිනදර්ශනය 2007; දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2007; වාර්ෂික පොත 2007. කරුණාකර මෙම අයිතමවල ඉල්ලුම 2006 ජූලි 25ට පෙර එවන්න.