ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/06 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූලි 10න් පටන්ගන්නා සතිය
  • ජූලි 17න් පටන්ගන්නා සතිය
  • ජූලි 24න් පටන්ගන්නා සතිය
  • ජූලි 31න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 7න් පටන්ගන්නා සතිය
2006 අපගේ රාජ්‍ය සේවාව
km 7/06 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජූලි 10න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 4

විනා. 10: සභා නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ වෙනත් ගැළපෙන යෝජනා යොදාගෙන, ජූනි පිබිදෙව්! සහ ජූලි 1 මුරටැඹ කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. එක් නිරූපණයකදී, “අපි බෞද්ධ අය” යනුවෙන් කියන කෙනෙකුට දක්ෂ ලෙස උත්තර දෙන ආකාරය පෙන්වා දෙන්න.

විනා. 15: සභාව සංවිධානය වී පාලනය වන ආකාරය. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 4වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සාකච්ඡාවක්.—සිංහල පරිවර්තනය සඳහා වර්ෂ 2006 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුව බලන්න.

විනා. 20: “යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.”a සභා ලේකම් විසින් මෙහෙයවිය යුතුයි. සමුළුව පැවැත්වෙන ස්ථානය සඳහන් කරන්න. සමුළුව පැවැත්වෙන ප්‍රදේශයේදී සෑම විටකම සමුළු බැජ් කාඩ්පත පැළඳ සිටීම මගින් සාක්ෂියක් දැරීමට මං විවෘත කරන ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. අවිධිමත් ලෙස සාක්ෂි දරන ලෙසත් උනන්දුව දක්වන අයව නැවත හමුවීමට සැලසුම් කිරීම සඳහා නැවත ගොස් බලන්න (S-43) පෝරමය යොදාගන්නා ලෙසත් සබයට දිරිගන්වන්න.

ගීතිකා අංක 88 සහ අවසාන යාච්ඤාව.

ජූලි 17න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 99

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. වර්ෂ 2000 අගෝස්තු 15 මුරටැඹෙහි 32වන පිටුව කෙටියෙන් සලකා බලන්න. කෙටි නිවාඩුවක් ගත කරද්දී හෝ අපගේ සුපුරුදු දින චර්යාවෙන් බැහැරව සිටින ඕනෑම අවස්ථාවකදී නිතිපතා බයිබලය කියවීමේ වටිනාකම කාවද්දන්න.

විනා. 15: ප්‍රේමය සහ යටහත් පහත්කම—දේවසේවයට අතිවැදගත් ගුණාංග දෙකක්. වර්ෂ 2002 අගෝස්තු 15, මුරටැඹෙහි පිටු 18-20හි ඡේද 13-20 මත පදනම් වූ කතාවක්.

විනා. 20: “අපගේ ‘සන්තෝෂවත් දෙවි’ යෙහෝවාව අනුකරණය කරන්න.”b දේවසේවයේ හවුල් වන විට, නිතරම ප්‍රීතියෙන් හා සුබවාදී මනසකින් සිටීමට හේතු වන්නේ කුමක්දැයි යන්න ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 189 සහ අවසාන යාච්ඤාව.

ජූලි 24න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 218

විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවන්න. ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ වෙනත් යෝජනා යොදාගෙන, ජූලි 15 මුරටැඹ සහ ජූලි පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් එක් නිරූපණයෙන් පසුව, ගෙවැසියාගේ උනන්දුව ඇති කිරීම සඳහා මුලින්ම කී වචන නැවත සඳහන් කරන්න.

විනා. 10: “ඔවුන්ගේ ඇදහිල්ල ආදර්ශයට ගන්න.” අපගේ ප්‍රකාශනවල පළ වී ඇති විශේෂ පුරෝගාමීන්ගේ අද්දැකීම් ඇතුළත් කතාවක්. සභාවේ විශේෂ පුරෝගාමීන් සිටී නම්, මෙම කතාවේදී ඔවුන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න.—වොච්ටවර් පබ්ලිකේෂන් ඉන්ඩෙක්ස්හි “Special pioneers” යටතේ බලන්න.

විනා. 20: “දෙමාපියෙනි, පවුලක් ලෙස නමස්කාරයට මුල් තැන දෙන්න.” හැඳින්වීම ඡේද 1-3 මත පදනම්ව කතාවක් ආකාරයෙන් ඉදිරිපත් කර, 4-13 ඡේද සබය සමඟ සාකච්ඡා කරන්න. කාලය තිබේ නම්, 7, 8, 11 සහ 12 ඡේද කියවන්න. දෙමාපියෙකු හෝ දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා කරමින් පහත ප්‍රශ්න අසන්න. නමස්කාරයට සම්බන්ධ දේවල් පිළිවෙළකට කිරීමට පවුලේ අයට උපකාර වූයේ කුමක්ද? මේ සඳහා ගත් ප්‍රයත්න මොනවාද? ලැබී ඇති ප්‍රයෝජන කවරේද? මෙහි 14වන ඡේදයේ තොරතුරු ගැන කෙටි අදහස් දක්වමින් අවසන් කරන්න.

ගීතිකා අංක 12 සහ අවසාන යාච්ඤාව.

ජූලි 31න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 28

විනා. 10: සභා නිවේදන. ජූලි මාසයේ සේවා වාර්තාව දෙන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. අගෝස්තු මාසයේ බෙදා දෙන පොත් පත් සඳහන් කරන්න.

විනා. 15: ස්ථිර වන්න. නොසැලී සිටින්න. (1 කොරි. 15:58) වසර ගණනාවක් පුරා විශ්වාසවන්තව සේවය කර සිටින ප්‍රචාරකයන් හෝ පුරෝගාමීන් දෙදෙනෙකුව හෝ තුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. ඔවුන් සත්‍යය ඉගෙනගත්තේ කෙසේද? ඔවුන් දේශනා සේවය ආරම්භ කරන කාලයේ එය කොයි වගේද? මුහුණ දුන් අභියෝග මොනවාද? සැබෑ නමස්කාරය තුළ ස්ථිරව සිටීම නිසා අද්දුටු ප්‍රතිඵල මොනවාද?

විනා. 20: “හොඳ පුරුදු ඇති කරගෙන, මහඟු ආශීර්වාද නෙළාගන්න.”c පිළිවෙළකට දේවල් කිරීමට උත්සාහ කර තිබෙන අන්දම හා ඒ නිසා තමන්ට ලැබුණු ආශීර්වාද ගැන කතා කිරීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 130 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 7න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 209

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් යෝජනා සභා බල ප්‍රදේශයට ප්‍රායෝගිකව ගැළපෙන සේ අදාළ කරගත හැකි ආකාරය ගැන කෙටියෙන් පෙන්වා දෙන්න.—වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.

විනා. 15: ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන රැස්වීම්. වර්ෂ 2002 මාර්තු 15 මුරටැඹ කලාපයේ 24-25 පිටු මත පදනම් කතාවක්. ප්‍රචාරකයෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවට කැඳවා ඔහු හෝ ඇය රැස්වීම්වලට නිතිපතා සහභාගි වීමෙන් ප්‍රයෝජන ලබා ඇති ආකාරය ගැන අසන්න.

විනා. 20: “යෙහෝවා දෙවිගේ උදාර ගුණාංග අගය කරමු!”d බයිබලයේ ඉගැන්වීම් පොතේ 1වන පරිච්ඡේදයේ අවසානයේ පුනරීක්ෂණ කොටුවේ තොරතුරු ගැන කල්පනා කිරීමට ප්‍රශ්න යොදාගත හැකි ආකාරය ශිෂ්‍යයෙකුට පෙන්වන නිරූපණයක් ඇතුළත් කරන්න.

ගීතිකා අංක 83 සහ අවසාන යාච්ඤාව.

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න