නිවේදන
◼ මැයි මාසයේ බෙදා දෙන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! යන කලාප දෙකම බෙදා දෙන්න. සිහි කිරීමට සහ/හෝ සභාවේ වෙනත් විශේෂ අවස්ථාවකට සහභාගි වූ අය ඇතුළුව, උනන්දුව දක්වන අයව නැවත බැලීමේදී, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන අලුත් පොත බෙදා දෙන්න. අරමුණ විය යුත්තේ ඒ පොතෙන් බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත බෙදා දෙන්න. තමන්ට දරුවන් නැතැයි ගෙවැසියා කියයි නම්, පවුලේ සන්තෝෂය පොත බෙදා දෙන්න. ජූලි සහ අගෝස්තු: පහත සඳහන් පිටු 32 ඕනෑම විවරණිකාවක් යොදාගත හැකියි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සෝදිසියෙන් සිටින්න!, සියලු ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳනු ඇත්තේ කවරෙක්ද? සහ සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ ජූලි මාසේ සති අන්ත පහක් තිබෙන නිසා, එය උපකාරික පුරෝගාමී සේවය කිරීමට කදිම මාසයකි.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරන ලද යම් කෙනෙක් ජූනි 1දාට හෝ ඉන්පසුව හැකි ඉක්මනින් සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. රාජ්‍ය ශාලා නඩත්තු හෝ ඉදි කිරීමේ වෙනත් ගිණුමක්ද තිබේ නම්, එයද විගණනය කළ යුතුයි. මෙම විගණනයන් කළ පසුව ඊළඟ ගිණුම් වාර්තාව සමඟ මේවා ගැන සභාවට නිවේදනය කරන්න.
◼ සැලකිය යුතුයි: ලෝක ව්‍යාප්ත සේවයට, රාජ්‍ය ශාලා අරමුදලට, දිස්ත්‍රික් සමුළුවලට, ඉදිරිපත් කරන සම්මාදම් චෙක්පත්වලින් එවන්නේ නම් එම චෙක්පත් “Watch Tower Bible and Tract Society of Lanka” යන නමට ලිවිය කළ යුතුයි.
◼ ස්ථාවර පුරෝගාමී සේවය සඳහා ඉදිරිපත් කරන අයැදුම් පත්, සේවය ආරම්භ කිරීමට අඩු තරමින් දින 30කටවත් පෙර ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමු. සභා ලේකම් එම අයැදුම් පත් නිසි ලෙස පුරවා ඇතිදැයි පරීක්ෂා කළ යුතුයි. තම බව්තීස්ම දිනය අයදුම් කරන අයට මතක නැත්නම්, එම දිනයට ආසන්න දිනයක් ලකුණු කොට, එම දිනය මතකයේ තබාගත යුතුයි. සභා ලේකම් මෙම දිනය සභා ප්‍රචාරක කාඩ් පතේ (S-21) ලකුණු කරගත යුතුයි.