සේවා රැස්වීම් වැඩසටහන
අප්‍රියෙල් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 49
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ ගැළපෙන වෙනත් යෝජනා යොදාගෙන මාර්තු පිබිදෙව්! සහ අප්‍රියෙල් 1 මුරටැඹ බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. මේ එක නිරූපණයකදී, බයිබලයේ පණිවුඩය කෙරෙහි අතිවිශේෂ උනන්දුවක් දක්වන ගෙවැසියෙකුට ප්‍රචාරකයෙකු විසින් බයිබලයේ ඉගැන්වීම් පොත බෙදා දෙන ආකාරය පෙන්වා දෙන්න.
විනා. 15: “උද්‍යෝගය පවත්වාගන්නා ආකාරය”a වර්ෂ 2002 ජූනි 15 මුරටැඹ 14වන පිටුවේ 13වන ඡේදයේ අදහස්ද ඇතුළත් කරන්න.
විනා. 20: “ඔබේ කාලසටහන සකස් කරගන්න පුළුවන්ද?”b තොරතුරු සබයට අදාළ කරන්න. සභාව විසින් සවස් වරුවේ සාක්ෂි දැරීම සඳහා යොදා ඇති යම් සැලසුම් තිබේ නම්, ඒ ගැන සඳහන් කරන්න.
ගීතිකා අංක 13 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 104
විනා. 15: සභා නිවේදන. විශේෂ ප්‍රසිද්ධ කතාව සඳහා සභාවෙන් කර ඇති සැලැස්ම ගැන කාවද්දන්න. සිහි කිරීමට පැමිණි අයට, බයිබල් ශිෂ්‍යයන්ට හා උනන්දුව දක්වන වෙනත් අයට, අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ අන්තිම පිටුව යොදා ගෙන මීට ආරාධනා කිරීමට සියල්ලන්වම දිරිගන්වන්න. මෙම සඟරාව යොදාගෙන එසේ ආරාධනා කළ යම් අද්දැකීමක් හෝ දෙකක් වේ නම්, සඳහන් කරන්න.
විනා. 12: සභා අවශ්‍යතා.
විනා. 18: “දුරකථනයෙන් හෝ කෙටියෙන් කරන බයිබල් පාඩම් වැඩි දියුණු කරන්න.” c කෙටි බයිබල් පාඩමක් වැඩි කාලයක් කරන පාඩමකට හරවා ගැනීම සඳහා ප්‍රචාරකයෙකුට පැවසිය හැකි දේ පෙන්වීමට කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 162 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 66
විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ යම් සම්මාදම් ලැබී තිබේ නම්, ඒ ගැන සඳහන් කරන්න. මැයි මාසයේදී අපි මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දෙන්නෙමු. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා හෝ ගැළපෙන වෙනත් ක්‍රම යොදාගෙන අප්‍රියෙල් 15 මුරටැඹ සහ අප්‍රියෙල් පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. නිරූපණවලින් පසුව, එම කලාපවල ප්‍රදේශයේ ජනයාගේ සිත් ඇදගන්නාවූ වෙනත් ලිපිවලටද අවධානය යොමු කරවන්න.
විනා. 15: වර්ෂ 2001 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටියේ “විදේශීය රැකියාවක් කිරීමට හෝ වෙනත් රටක පදිංචියට යෑමට කලින් ක්‍රිස්තියානියෙකු සලකා බැලිය යුතු කරුණු මොනවාද? (1 කොටස)” යන ලිපිය මත පදනම් වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 15: “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ‘ගැලවීම අත ළඟයි!’ නමැති 2006 දිස්ත්‍රික් සමුළුව.”d සභා ලේකම් විසින් මෙහෙය විය යුතුයි. ඔබේ සභාව අයත් චාරිකාව සහ එම චාරිකාව සහභාගි විය යුතු සමුළුව කුමක්දැයි පෙන්වන්න. සමුළුවට සහභාගි වීම සඳහා හැකි තරම් ඉක්මනින් සූදානම් වන ලෙස සියල්ලන්ටම දිරිගන්වන්න.
ගීතිකා අංක 191 සහ අවසාන යාච්ඤාව.
මැයි 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 211
විනා. 15: සභා නිවේදන. අප්‍රියෙල් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මෙහි 6වන පිටුවේ “බයිබල් ශිෂ්‍යයන් හඳුනන අය සමඟ පාඩම් පවත්වන්න පුළුවන්ද?” යන කොටුව සාකච්ඡා කරන්න.
විනා. 10: “මුහුණ දෙස බලා කතා කරන්න.” e මහජනයා ගැවසෙන තැනක සිටින කෙනෙකුගේ මුහුණ දෙස බලා කතා කරන ප්‍රචාරකයෙක්, සංවාදයක් ආරම්භ කර, සාක්ෂියක් දරන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 15: යෙහෝවාගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්න. (ගීතා. 77:12) වර්ෂ 2006 වාර්ෂික පොත ගැන කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. පාලක මණ්ඩලයෙන් පැමිණි ලිපියේ දිරිගැන්වෙන කරුණු ගැන සලකා බලන්න. (3-5 පිටු) ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව දන්නා අය සිටී නම්, 2006 වාර්ෂික පොතෙන් පහත සඳහන් තොරතුරු සබය සමඟ බෙදා ගැනීමට ඔවුන්ට පැවරිය හැකියි. “බයිබල් පරිවර්තන” උපමාතෘකාව යටතේ ඇති තොරතුරු (10-11 පිටු) පසුගිය සේවා වසරේ කැපීපෙනෙන අද්දැකීම් සමහරක් විස්තර කරන්න. (6-64 පිටු) වර්ෂ 2006 වාර්ෂික පොත කියවීමෙන් තමා අගය කළ යම් කරුණු වේ නම් ඒ ගැන කතා කිරීමට සබයට ආරාධනා කරන්න. මෙය යොදාගෙන යෙහෝවාගේ සංවිධානය කෙරෙහි අගය කිරීමක් ගොඩනංවා ගැනීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීමටත් සියල්ලන්ටම ආරාධනා කරන්න.
විනා. 15: “ගැලවීම අත ළඟයි!” දිස්ත්‍රික් සමුළුව ප්‍රචාරය කිරීමට ලොව වටා ව්‍යාපෘතියක්.” f නොවරදවාම සියලුම ඡේද කියවන්න.
ගීතිකා අංක 82 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.