දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2006 අප්‍රියෙල් 24න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2006 මාර්තු 6 සිට අප්‍රියෙල් 24 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. ඉගැන්වීමේදී එක් කරුණකින් තව කරුණකට මාරු වෙන විට විරාමය යෙදිය යුත්තේ මන්ද? එය මඟ හැරෙන්නේ කුමන හේතුවක් නිසාද? [be 98පි. 2-3 ඡේ.]විරාමයක් යෙදීමෙන් ඔබේ සබයට කල්පනා කිරීමට, මානසිකව සකස් වීමට, කතාවේ ගමන වෙනස් වී ඇති ආකාරය හඳුනාගැනීමට හැකි වෙනවා. අප විරාමය යොදන විට ප්‍රධාන අදහස් අවධාරණය කිරීමට, අවබෝධ කරගැනීමට සහ මතකයේ තබාගැනීමට අවස්ථාව සලසනවා. ඇතැම් කථිකයන් එක් අදහසක සිට තවෙකක් දක්වා විරාම නොයොදා වේගයෙන් ඇදී යෑමට එක් හේතුවක් වන්නේ තොරතුරු ඕනෑවට වඩා පියවීමට උත්සාහ කිරීමයි.
2. අන් අයට සාක්ෂි දැරීමේදී විරාමය ඇතුව කතා කිරීම වැදගත් වන්නේ මන්ද? [be 99පි. 4ඡේ.-100පි. 4ඡේ.]විරාමය යෙදීමෙන් අප අන් අය සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීමටත්, ක්ෂේත්රයේදී අප කරන සේවයෙහි ඵලදායිත්වය වැඩි කරගැනීමටත් හැකි වෙයි. තවද නිවැසියාට කල්පනා කර ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාවක් සැලසෙයි. සුදුසු විරාමය යෙදීමෙන් පුද්ගලයෙකුට තම සිතේ ඇති දේ හෙළි කිරීමට හැකි වන නිසා අපට වඩාත් හොඳින් ඔහුට උපකාර කිරීමට හැකියාව ලැබෙනවා. (හිතෝ. 20:5)
3. කතාවකදී අර්ථය නිසි ලෙස කාවැද්දීම වැදගත් වන්නේ මන්ද? එය දියුණු කරගත හැක්කේ කොහොමද? [be 101පි. 1-5 ඡේ., කොටුව]අපි නිසි ලෙස ප්‍රධාන වචන සහ අදහස් අවධාරණය කරන විට එය අපට සබයේ අවධානය ඇද බැඳ තබාගැනීමට හා ඔවුන්ට ඒත්තු ගැන්වීමට හෝ ඔවුන්ව ක්‍රියාවට පෙලඹීම සඳහා පිටුවහලකි. ශබ්ද වැඩි කිරීමෙන්, වඩාත් තීව්ර හැඟීමකින් කතා කිරීමෙන්, හදිසි නොවී කතා කිරීමෙන්, විරාම යෙදීමෙන් සහ අභිනයෙන් හා මුහුණේ ඉරියව්වෙන් අපට එය කළ හැකියි. අර්ථය නිසි ලෙස කාවැද්දීම සඳහා අපි ඉදිරිපත් කරන තොරතුරු පැහැදිලිව තේරුම්ගත යුතු අතර අපගේ සවන් දෙන්නන් මෙම තොරතුරු උරාගෙන එය පිළිපැදීම අපගේ අවංක ආශාව විය යුතුයි. (නෙහෙ. 8:8)
4. ප්‍රසිද්ධියේ කියවන විට අප කියවන කොටසේ ප්‍රධාන අදහස් අවධාරණය කිරීමට අපට හැකි වන්නේ කොහොමද? [be 105පි. 1-6 ඡේ.]කියවීමට පෙරම ඉදිරිපත් කරන තොරතුරු මූලාශ්‍රයේ සමස්තයක් අපගේ මනසේ පැහැදිලිව තිබිය යුතුයි. මෙයින් අපට කිනම් අදහස් උලුප්පා දැක්විය යුතුද කියා තීරණය කිරීමට උපකාරයක් ලැබෙනවා. බයිබල් පාඩමකදී හෝ රැස්වීමකදී යම් පොතකින් හෝ සඟරාවකින් ශබ්ද නඟා කියවන විට පාඩමට අදාළ මුද්‍රිත ප්‍රශ්නවලට උත්තර හා තද අකුරින් දක්වා ඇති උප මාතෘකාවලට අදාළ අදහස්ද අපි අවධාරණය කළ යුතුයි.
5. ඉගැන්වීමේදී සුදුසු ශබ්දය වැදගත් වන්නේ මන්ද? එමෙන්ම සුදුසු ශබ්දය කුමක්දැයි තීරණය කරන්නේ කෙසේද? [be 107-108පි.]අන් අයට පැහැදිලිව අපේ කටහඬ නොඇසේ නම් ඔවුන්ගේ සිත් එහෙ මෙහෙ දිව යා හැකි අතර අප ඉදිරිපත් කරන තොරතුරු පැහැදිලිව තේරුම්ගැනීමට ඔවුන් අසමත් වෙයි. එවිට සවන් දුන් දේට එකඟව ක්‍රියා කරන්න අපේ සබය පොලඹවන්න අපට නොහැකි වෙයි. අපි සුදුසු ශබ්දයකින් කතා කරනවාද කියා තීරණය කිරීමට හොඳම දේ වන්නේ සබයේ ප්‍රතික්‍රියාවට සාවධානව සිටීමයි. සබයේ ඇතැම් අය සවන් දීමට දැඩි වෙහෙසක් දරන බව ඔවුන්ගේ ඉරියව්වලින් පෙනේ නම් අපේ ශබ්දය වැඩිය කළ යුතුයි. අපේ සබයේ ප්‍රමාණය හා බාධා ඇති කළ හැකි වෙනත් ශබ්ද අනුව අප කොතරම් හඬකින් කතා කළ යුතුද කියා තීරණය කළ යුතුයි.
පැවරුම් අංක 1
6. අද සිටින ක්‍රිස්තියානීන්ගේ තත්වය එස්තර් හා මොර්දෙකයි සිටි තත්වයට සමාන වන්නේ කොහොමද? ඔවුන්ගේ ආදර්ශ අපට අනුගමනය කළ හැක්කේ කොහොමද? [bsi06, 8ඡේ.]අද අප ජීවත් වන්නෙත් “උසස් බලධාරීන්” ආණ්ඩු කරන එදිරිවාදී ලෝකයකයි. ලෝකයේ කොතැනක ජීවත් වුවත් අප වෑයම් කරන්නේ, ජීවත් වන රටේ නීතියට කීකරු වීමටයි. කීකරු පුරවැසියන් ලෙස අප සීසර්ගේ දේ සීසර්ට දෙන අතර දෙව්ගේ දේවල් අප නොවරදවා දෙව්ට දිය යුතුයි. (රෝම 13:1; ලූක් 20:25; එස්තර් 1:1; 2:5, 7, 8 21-23) කෙසේවෙතත් ගෞරවය ලබන්න නොවටිනා කෙනෙකු වූ අගාගිය හාමාන් ඉදිරියෙහි හිස නැමීමට දුන් රාජ නියෝගයට කීකරු වීම මොර්දෙකයි නිර්භීතව ප්‍රතික්ෂේප කළා වගේ ක්‍රිස්තියානීන් උසස් බලධාරීන්ට කීකරු වන්නේ දෙවිගේ නීතිවලට පටහැනි නොවන අවස්ථාවලදී පමණයි. (එස්තර් 3:1-4; 5:9) ඒ විතරක් නොව ක්‍රිස්තියානීන්, අවශ්‍ය අවස්ථාවල නීතියේ පිහිට පැතීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. (එස්තර් 4:6-8; ක්‍රියා 25:11)
7. “සියල්ල නිෂ්ඵලය; හුළඟ ලුහුබැඳ යන්ට උත්සාහ කිරීමක්ය” කියා සලමොන් කී විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? (දේශ. 2:11) [w04 10/15, 4පි. 2-3 ඡේ.]සලමොන් මේ අවස්ථාවේදී යොමු දක්වන්නේ විනෝදය හා මේ ලෝකයේ තිබෙන සියලු සැපසම්පත් අත් කරගැනීම වෙනුවෙන්ම ගත කරන ජීවිතයක් ගැනයි. ඔහු ගෙවල් හැදුවා. උද්‍යාන, මල් වතු, සේවකයෝ, ගොවි පොළවල්, ඉඩකඩම් සහ ධන සම්පත් යන හැම දෙයක්ම ඔහුට තිබුණා. ඔහු ලලිත කලා ශිල්පයද ප්‍රගුණ කළා. එහෙත් මේ කිසිවකින් ඔහුට සැබෑ සන්තෝෂය ලැබුණේ නැහැ. (දේශ. 2:1-11) සැබෑ සන්තෝෂය ලැබෙන්නේ අධ්‍යාත්මික සාරධර්මවලින් පිරි ජීවිතයකින් බව ඔහු තේරුම්ගත්තා. (දේශ. 12:13)
8. අප දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගන්නේ කොහොමද? (මාක් 12:30) [w04 3/1, 19-21පි.]දෙවිගේ වචනය වන බයිබලය හොඳින් අධ්‍යයනය කිරීම තුළින් දෙවි සහ ඔහුගේ අරමුණ ගැනත් දැනුම වැඩි කරගැනීමෙන් දෙවි කෙරෙහි ප්‍රේමයක් අපට වර්ධනය කරගත හැකියි. ඔහුගේ ක්‍රියා මෙනෙහි කිරීමටත්, ඉගෙනගන්නා දේවල වැදගත්කම ගැඹුරින් කල්පනා කිරීමටත් අපට හැකියි. (ගීතා. 77:6, 11, 12) යෙහෝවාට සේවය කරන අතරතුරේ අප ලැබූ අද්දැකීම් මතකයට නඟා ගැනීමෙන්ද, ඔහු කැමති ආකාරයට කටයුතු කිරීමෙන් ලැබෙන හොඳ ප්රතිඵලවලින්ද ඔහු කෙරෙහි අපට ඇති ප්‍රේමය වැඩි වෙයි. (හිතෝ. 3:5, 6)
9. අධ්‍යාත්මික සාරධර්ම හා ද්‍රව්‍යවාදය අතර ඇති වෙනස මොකක්ද? [w04 10/15, 5-7පි.]අධ්‍යාත්මික සාරධර්මවලින් සදාකාල සන්තෝෂ සහ ආශීර්වාද ලැබෙන අතර ද්‍රව්‍යවාදයෙන් ලැබෙන්නේ තාවකාලික තෘප්තියක්. එයින් ජීවනය ලබාගත නොහැකියි. (හිතෝ. 11:4; මතෙ. 5:3; 2 කොරි. 4:18) වස්තුවට ඇලුම් වීම මිනිසුන්ව සටකපට හා වංචනික ක්‍රමවලින් තව තවත් ධනය, තත්වය හා බලය ලබාගැනීමට පොලඹවනවා. ඒත් අධ්‍යාත්මික සාරධර්ම අගයන ජීවිතයක් ගත කිරීමෙන් ගැනීමට වඩා දීමේ ස්වභාවයක් වර්ධනය වෙනවා. (යෙසා. 48:18; 1 තිමෝ. 6:9, 10)
10. එක්රැස්වීම් හා සමුළුවලදී හොඳින් අවධානය දීමට අපට උපකාරවත් වන්නේ මොනවාද? [be 15-16පි.]වැදගත් දෙයක් වන්නේ අප රාත්‍රියේ හොඳ නින්දක් ලබාගැනීමයි. එවිට හොඳින් අවධානය දීමට හැකියි. දවසේ තේමාව මනසේ පැහැදිලිව සටහන් කරගැනීම හා සෑම කතාවකම තේමාව දෙස බලා ඉදිරිපත් කරන්නේ මොන වගේ කරුණුද කියා සොයා බැලීම අපට අවධානය දීමට උපකාරයක් වෙයි. සටහන් ගැනීම මනස වැඩ සටහන වෙතම යොමු කර තබාගැනීමට රුකුලක් වෙයි.
සතිපතා බයිබලය කියවීම
11. හාමාන්ගේ මුහුණ වැසුවේ මන්ද? (එස්තර් 7:8)හාමාන් ලජ්ජාවෙන් හෝ ශෝකයෙන් තම මුහුණ වසාගත්තේ නැහැ. පෙනෙන විදිහට වාසල නිලධාරීන් ලජ්ජාව හෝ විනාශය නියෝජනය කිරීමට ඔහුගේ මුහුණ වසන්න ඇති. මෙය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ මුල් පියවර විය හැකියි. [1, wSN86 ජූනි 10 පි.]
12. එලීපස්ගේ සිතුවිලි කෙරෙහි බලපෑමක් ඇති කළේ කාගේ ආත්මය හෙවත් බලයද? (යෝබ් 4:15, 16) [w05 9/15, 26පි. 2ඡේ.]ඔහුගේ වචනවල තිබූ විවේචනාත්මක ස්වරූපයෙන් පැහැදිලි වන්නේ ඔහු එසේ කතා කළේ අනිවාර්යයෙන්ම දේවදූතයෙකුගේ බලපෑමක් යටතේ නොවන බවයි. (යෝබ් 4:17, 18) එලීපස් ලක් වුණේ දුෂ්ට භූතයෙකුගේ බලපෑමටයි. ඔහුගේ කතාවෙන් ඔහුට තිබුණේ වැරදි සිතුවිලි බව පිළිබිඹු වුණා. එසේ නොවුණා නම් එලීපස් හා ඔහුගේ මිත්‍රයන් දෙදෙනා බොරු කියූ බවට දෙවි ඔවුන්ට චෝදනා කරයිද? (යෝබ් 42:7)
13. යෝබ් 7:9, 10 සහ යෝබ් 10:21හි සඳහන් වාර්තාවෙන් යෝබ් නැවත නැඟිටීමක් විශ්වාස නොකළ බව අඟවනවාද?නැහැ. යෝබ් පැවසුවේ ඔහුගේ ජීවිතේ ඉදිරි දවස් ගැනයි. එක් ආකාරයකින් බලන කල යෝබ් මිය ගියා නම් ඔහුගේ සමකාලීනයන්ට ඔහුව දැකගැනීමට නොහැකි වෙනවා. දෙවිගේ නියමිත කාලය එනතුරු යෝබ් නැවත පැමිණෙන්නේවත් දෙවිගෙන් පිළිගැනීමක් ඔහුට ලැබෙන්නේවත් නැහැ. කිසිවෙකුගෙත් උපකාරයක් නොමැතිව මිනී වළෙන් ගොඩ එන්න බැරි බව යෝබ් අදහස් කළා විය හැකියි. යෝබ් අනාගතයේ නැවත නැඟිටීමක් සිදු වෙයි කියා විශ්වාස කළ බව යෝබ් 14:13-15න් පැහැදිලි වෙයි. [3, w06 3/15, “යෙහෝවාගේ වචනය ජීවමානය—යෝබ් පොතෙන් විශේෂාංග” ]
14. “මාගේ දත්වල හම පමණකින් බේරී සිටිමි” කියා කියූ දෙයින් යෝබ් අදහස් කළේ කුමක්ද? (යෝබ් 19:20) විද්‍යාඥයන් මෑතකදී අන්වීක්ෂවලින් සොයාගත් දේවලින් යෝබ් පැවසූ දේ පැහැදිලි කරන්න අපට වුවමනා නැහැ. (it-2 977 පි.) යෝබ් මෙසේ පැවසීමෙන් අදහස් කළේ ඔහුට ඇති සියල්ල නැති වී ගිය බවත් හුස්ම පොද පමණක් ඉතිරි වූ බවත්ය. [5, w06 3/15, “යෙහෝවාගේ වචනය ජීවමානය—යෝබ් පොතෙන් විශේෂාංග”]
15. “මාගේ අවංකකම පහ නොකරන්නෙමි” යන්නෙන් පැවසූ විට යෝබ් අදහස් කළේ කුමක්ද? මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (යෝබ් 27:5) යෝබ් මෙයින් අදහස් කළේ ඔහුට දෙවි කෙරෙහි තිබෙන අවංක විශ්වාසය කිසි දින නැති නොවන බවයි. මන්ද දෙවි කෙරෙහි කෙනෙකු තුළ අවංක විශ්වාසයක් ඇති වන්නේ ඔහු කෙරෙහි ඇති ප්‍රේමය නිසයි. එමනිසා අපත් දෙවි කෙරෙහි ඇති අපගේ අවංක විශ්වාසය රැකගැනීමට දෙවි සඳහා ඇති අපගේ ප්‍රේමය වර්ධනය කරගනිමු. [6, w06 3/15, “යෙහෝවාගේ වචනය ජීවමානය—යෝබ් පොතෙන් විශේෂාංග”]