ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/06 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • මාර්තු 13න් පටන්ගන්නා සතිය
  • මාර්තු 20න් පටන්ගන්නා සතිය
  • මාර්තු 27න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 3න් පටන්ගන්නා සතිය
2006 අපගේ රාජ්‍ය සේවාව
km 3/06 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

මාර්තු 13න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 41

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 4 පිටුවේ සඳහන් යෝජනා හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීමක් යොදාගෙන මාර්තු 1 මුරටැඹ සහ පෙබරවාරි පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන අන්දම නිරූපණය කරන්න. මේ සෑම ඉදිරිපත් කිරීමක්ම අවසානයේදී, සඟරාවේ අන්තිම පිටුව යොදාගෙන ගෙවැසියාට සිහි කිරීමට ආරාධනා කරන ආකාරය පෙන්වන්න.

විනා. 15: “යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගැනීමට අන්‍යයන්ට උදව් කරන්න.”a මීළඟට සාකච්ඡා කෙරෙන කොටසේදීද බයිබලයේ ඉගැන්වීම් පොතේ 206-208 පිටු යොදාගෙන සිහි කිරීමට ආරාධනා කළ හැකි ආකාරය සාකච්ඡා කරනවා ඇති.

විනා. 20: දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් වන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය. බයිබලයේ ඉගැන්වීම් පොතේ 206-208 පිටු මත පදනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හැඳින්වීම සඳහා විනාඩියකට අඩු කාලයක් ගන්න. ආරම්භක ඡේදය කියවීමෙන් මෙම විෂය ගෙවැසියාට හඳුන්වා දෙන අන්දම පෙන්වන්න. ඡේද කියවීමකින් තොරව පහත ප්‍රශ්න සබයෙන් විමසන්න. (2 ඡේ.) යේසුස් මේ සැමරීම මුලින්ම හඳුන්වා දුන්නේ කවදාද? (3 ඡේ.) මෙය පැවැත්විය යුත්තේ කොපමණ කාලයකට වරක්ද? (4 ඡේ.) මෙම සිහි කිරීම බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද? (5 ඡේ.) යේසුස් රොටි තම මාංසය බවට හෝ වයින් තම රුධිරය බවට හැරවූයේ නැති බව අප දන්නේ කෙසේද? (6 ඡේ.) මුහුන් නුමුසු රොටිවලින් සංකේතවත් කරන්නේ කුමක්ද? (7 ඡේ.) රතු වයින්වලින් නියෝජනය කරන්නේ කුමක්ද? (8 ඡේ.) රොටි සහ වයින්වලට පංගුකාරයන් විය යුත්තේ කවුරුන් පමණක්ද? (9 ඡේ.) සෑම වසරකම සිහි කිරීම පැවැත්වෙන්නේ කවදාද? අප ඊට සහභාගි විය යුත්තේ මන්ද? කාලය තිබෙන හැටියට මූලික ශුද්ධ ලියවිලි පද කැපීපෙනෙන්නට සලස්වන්න. මේ තොරතුරු බයිබල් පාඩම්වලට හා සිහි කිරීමට ආරාධනා කරනු ලබන අයට කියා දීමට දිරිගන්වන්න. මේ සඳහා මෙම කොටසේ ඡේද කියවා ඉහත සඳහන් ප්‍රශ්නද ඇතුළත් කරන ගෙන සාකච්ඡා කළ හැකියි.

ගීතිකා අංක 134 සහ අවසාන යාච්ඤාව.

මාර්තු 20න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 18

විනා. 10: සභා නිවේදන. “සිහි කිරීම ගැන මතක් කිරීම්” යන කොටුවේ මූලික කරුණු පුනරීක්ෂණය කරන්න.

විනා. 23: දෙවිගේ විධිවිධානය තුළ ක්‍රිස්තුස්ගේ කාර්ය භාරය. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම (සිංහලෙන් නැත) පොතේ 10-13 පිටුවල තිබෙන තොරතුරු මත පදනම් කතාවක්. “ක්‍රිස්තුස්ට හිමි කාර්යභාරය” යන උප මාතෘකාව යටතේ ඇති පළමු ඡේද දෙක සාකච්ඡා කරන විට, සිහිකිරීමට කෙනෙකුට ආරාධනා කරන ආකාරය ගැන යම් යෝජනා ඉදිරිපත් කර ඒවා නිරූපණය කිරීමට විනාඩි තුනක් හෝ හතරක් යොදා ගන්න. වර්ෂ 2006 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 3 පිටුවේ 3 ඡේදයේ සඳහන් යෝජනා පුනරීක්ෂණය කරන්න.

විනා. 12: දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීමෙන් ශක්තිමත් වීම. 2006 දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම පොතේ පෙරවදන මත පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. එක් පවුලක් ලවා අද දිනපදය සාකච්ඡා කරන ආකාරය නිරූපණය කරවන්න.

ගීතිකා අංක 103 සහ අවසාන යාච්ඤාව.

මාර්තු 27න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 44

විනා. 15: සභා නිවේදන. මාර්තු මාසයේ සේවා වාර්තාව ඉදිරිපත් කිරීමට මතක් කරන්න. ගිණුම් වාර්තාව සහ ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. මෙහි 4 පිටුවේ සඳහන් යෝජනා හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන වෙනත් යෝජනා යොදාගෙන මාර්තු 15 මුරටැඹ සහ මාර්තු පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. උනන්දුව දක්වන අයට සිහි කිරීමට ආරාධනා කිරීම සඳහා මුද්‍රිත ආරාධනා පත් භාවිතා කළ හැකි ආකාරය පෙන්වා දෙන්න.

විනා. 10: සියල්ල දෙවිගේ පාලනය යටතේද? 2006 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 32 පිටුව මත පදනම් වූ කතාවක් සහ නිරූපණයක්. විශේෂ කතාවට ජනයාට ආරාධනා කිරීමට සෑම වෑයමක්ම දරන්න. බයිබල් ශිෂ්‍යයන්ට මෙන්ම පාඩමට සහභාගි නොවන ඔවුන්ගේ පවුල්වල අයටද ආරාධනා කිරීමට අමතක කරන්න එපා. උනන්දුව දක්වන සැමටත් අපට ක්ෂේත්‍ර සේවයේදී හමු වන වෙනත් අයටත් මේ විශේෂ ආරාධනය කළ යුතුයි. අප්‍රියෙල් 1 මුරටැඹ කලාපය යොදාගෙන, අක්‍රියාශීලී කෙනෙකුට හෝ රැස්වීම්වලට ඒම නතර කර ඇති කෙනෙකුට විශේෂ කතාවට ආරාධනා කරන අන්දම නිරූපණය කරන්න.

විනා. 20: සභා අද්දැකීම්. මාර්තු මාසයේදී බයිබලයේ ඉගැන්වීම් පොත බෙදා දීමෙන් ලැබූ අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න. බයිබල් පාඩම් පටන්ගෙන තිබේ නම් ඒවා ගැන සඳහන් කරන්න. කැපීපෙනෙන අද්දැකීමක් හෝ දෙකක් තිබේ නම්, ඒවා සිදු වුණු ආකාරය නිරූපණය කර පෙන්වන්න.

ගීතිකා අංක 170 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 3න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 199

විනා. 10: සභා නිවේදන. වර්ෂ 2006 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6 පිටුවේ සඳහන් “බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත පාඩම් කිරීම” යන ලිපිය කෙටියෙන් පුනරීක්ෂණය කරන්න. බයිබලයේ ඉගැන්වීම් පොත පාඩම් කරන පාඩම් සටහනටද අවධානය යොමු කරවන්න. උනන්දුව දක්වන අයට සිහි කිරීමට ආරාධනා කිරීම සඳහා මුද්‍රිත ආරාධනා පත් යොදාගන්නා ආකාරය පෙන්වන්න.

විනා. 10: සභා අවශ්‍යතා.

විනා. 20: “මෘදු ගුණැති අයට දෙවිගේ මාර්ගයේ ගමන් කිරීමට උගන්වන්න.”b වර්ෂ 2004 ජූලි 1 මුරටැඹ සඟරාවේ 16 පිටුවේ 9 ඡේදයේ තොරතුරුද ඇතුළත් කරන්න.

ගීතිකා අංක 93 සහ අවසාන යාච්ඤාව.

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න