නිවේදන
◼ පෙබරවාරි මාසයේදී බෙදා දෙන පොත් පත්: යෙහෝවාට ළං වන්න පොත ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අයව ගොස් බලන්න. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! පිටපත් බෙදා දෙන්න. උනන්දුව දක්වන අයව නැවත ගොස් බැලීමේදී සහ සිහිකිරීමට සහ වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි මුත් සභාව සමඟ ඇසුරු නොකරන අයට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත බෙදා දී, බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න.
◼ අප්‍රියෙල් මාසයේ සති අන්ත පහක් තිබෙන බැවින්, එය උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයකි.
◼ වර්ෂ 2006 සිහිකිරීමේ සමයේ ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රසිද්ධ කතාවේ මාතෘකාව “දෙවි තවමත් සැලකිලිමත්ද?” 2005 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ අදාළ නිවේදනය බලන්න.
◼ මෙහි 6වන පිටුවේ “බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත පාඩම් කිරීම” අප්‍රියෙල් 3න් පටන් ගන්නා සතියේ සේවා රැස්වීමේදී සලකා බැලේ. කරුණාකර ලිපිය සහ ඒ සමඟ පළ කර ඇති සටහන පරෙස්සම් කර තබාගන්න.
◼ මුලසුන අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරන ලද කෙනෙක් මාර්තු 1දා හෝ ඊට පසුව හැකි ඉක්මනින් සභා ගිණුම විගණනය කළ යුතුයි. රාජ්‍ය ශාලා නඩත්තු හෝ ඉදි කිරීම් වැනි වෙනත් ගිණුමක් තිබේ නම්, එයද විගණනය කළ යුතුයි. විගණනයෙන් පසුව ඊළඟ ගිණුම් වාර්තාව සමඟ සභාවට නිවේදනය කළ යුතුයි.
◼ ලේකම් සහ සේවා අවේක්ෂක සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ ක්‍රියාකාරකම් පුනරීක්ෂණය කළ යුතුය. යමෙකුට පැය අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට දුෂ්කර නම්, වැඩිමහල්ලන් උපකාර දිය යුතුයි. යම් යෝජනා සඳහා S-201 වාර්ෂික ලිපි බලන්න.