දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2006 පෙබරවාරි 27න් පටන් ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2006 ජනවාරි 2 සිට පෙබරවාරි 27දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. ‘දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම ඔප්පු කිරීමට’ දිව්‍යාණ්ඩු සේවා පාසැල අපට උපකාර කරන්නේ කොයි ආකාරවලින්ද? (හෙබ්‍රෙ. 13:15) [be 5 පි. 3 ඡේ.–6 පි. 1ඡේ.]දෙවි අපට දී ඇති කතා කිරීමේ දීමනාව හොඳින් පාවිච්චි කරන ආකාරය පෙන්වා දෙන්නේ පාසැලෙනි. වටිනා දක්ෂකම් අප තුළ ප්‍රගුණ කරගැනීමට මෙම පුහුණුව උපකාරවත් වේ. ඒවා නම්, සවන්දීම, පාඩම් කිරීම, ගවේෂණය කිරීම, තොරතුරු පෙළගැස්වීම, සංවාද කිරීම, ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සහ තොරතුරු ලියා ගැනීම වැනි දක්ෂකම් වේ. පාසැලේ මූලික ග්‍රන්ථය බයිබලය බැවින්, දෙවි කල්පනා කරන ආකාරයට කල්පනා කරන්න ඔබ ඉගෙන ගනු ඇත.
2. නිවැරදිව ශබ්ද නඟා කියවීමට අප දැඩි උත්සාහයක් දැරිය යුත්තේ ඇයි? [be 83 පි. 1-5 ඡේ.] යමක් නිවැරදිව ශබ්ද නඟා කියවීම බයිබලයේ නිවැරදි දැනුම ජනයාට බෙදාදීමට අතිශයින් වැදගත් වූවකි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි මෙම වගකීම බැරෑරුම් ලෙස සලකමු. (1තිමෝ. 2:4) දෙවිගේ වචනය “ජීවමානය, බලවත්ය.” ඒ නිසා එහි අඩංගු වටිනා දැනුම සදාකාල ජීවනයට මඟ පෙන්වයි. අපගේ ඉලක්කය විය යුත්තේ අපගේ උපරිම හැකියාවෙන් එය හොඳින්ම කියවීමයි. (හෙබ්‍රෙ. 4:12; ගීතා. 119:140; යෙරෙ. 26:2)
3. අප කතා කරන සහ උගන්වන විට, අපේ කතාව එතරම්ම පැහැදිලිව තිබිය යුත්තේ මන්ද? [be 86 පි. 1-6 ඡේ.]අප පැහැදිලිව කතා නොකළොත්, අප කියන බොහෝ දේවල් අපතේ යා හැකියි. එපමණක්ද නොව, අප කියන දේවල් පහසුවෙන් තේරුම්ගත නොහැකි නම්, ඉන් යමක් කිරීමට පෙලඹෙන්නේ නැත. (1කොරි. 14:8,9) අප වේගයෙන් කතා කරනවා නම්, වචන ගිලිනවා නම්, වචනයක ප්‍රධාන අකුර හෝ අග අකුර හරියට ශබ්ද කරන්නේ නැත්නම්, අපේ ඉගැන්වීමේ බලපෑම අඩපණ කිරීමට එය හේතු වනු ඇත.
4. වචන නිවැරදිව උච්චාරණය කිරීම වැදගත් වන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු පැති මොනවාද? [be 89 පි. 1 ඡේ.–90 පි. 2 ඡේ, කොටුව]වචන නිසි ලෙස උච්චාරණය කරන විට අප දේශනා කරන පණිවුඩයේ බැරෑරුම්කම රැකගත හැකියි. වචන හරි හැටි ශබ්ද නොකිරීමෙන් බාධාවට පත් වෙනවා වෙනුවට, අප බයිබලයෙන් ඉදිරිපත් කරන සත්‍යයත් හොඳින් තේරුම් ගැනීමට දායක වෙයි. වචන උච්චාරණය දියුණු කිරීමට (1)වචන ශබ්ද කිරීමට නිවැරදි ශබ්ද භාවිත කිරීම (2)නිවැරදි මාත්‍රා(ව) බර කොට කීම, එනම් වචනයක බර කොට කිව යුතු කොටස හඳුනාගෙන ශබ්ද කිරීම (3)බොහෝ භාෂාවල මෙන් ශබ්ද දක්වන ලකුණුවලට නිසි අවධානයක් දීම.
5. චතුර ලෙස කතා කිරීමට කිනම් යෝජනා අදාළ කරගත හැකිද? [be 94 පි. 4-5 ඡේ. කොටුව]අප වඩාත් චතුර කථිකයන් වීමට නම්, නුහුරු නුපුරුදු වචන ශබ්ද කෝෂයකින් පරීක්ෂා කරමින් අපේ වාග්මාලාව පුළුල් කරගැනීමට වෑයම් කළ යුතුයි. චතුරභාවය පැමිණෙන්නේ කතා කිරීමට පෙර සිතා බැලීමෙනි. ඉන්පසු අතරමඟ නවත්වන්නේ නැතිව සම්පූර්ණ වාක්‍යවලින් කතා කිරීමට ඉගෙනගන්න.
පැවරුම් අංක 1
6. දෙවෙනි ලේකම් 36:17-23, බයිබල් අනාවැකියේ විශ්වසනීයත්වය තහවුරු කරන්නේ කෙසේද? [si 84 පි. 35 ඡේ.]දෙවෙනි ලේකම් 36:21හි සඳහන් එස්රාගේ වචනවලින් තහවුරු වූයේ යෙරෙමියා 25:12 සහ 29:10හි යෙරෙමියා පුරෝකථනය කළ දේ ඉෂ්ට වූ බවයි. එපමණක්ද නොව, එස්රාගේ වචනවලින් පෙන්වන්නේ පාළුව තිබූ වසර 70 ගණන් කෙරෙන්නේ, ‘කඩුවෙන් බේරුණු ඉතිරි අය බබිලෝනියට’ ගෙනෙනු ලැබූ ක්‍රි.පූ. 607, “හත්වෙනි මාසයේ ” සිට, යුදෙව්වන් තම මව් බිම කරා නැවත ගිය ක්‍රි.පූ. 537 “හත්වෙනි මාසය” දක්වා බවයි. (2 රාජා. 25:25, 26; එස්රා 3:1)
7. යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනැඟීම පිණිස ක්‍රි.පූ. 537දී යුදෙව්වන්ට තම මව්බිම කරා යෑමට හේතු පාදක වූ සිද්ධීන් මාලාව කුමක්ද? [bsi01-SN (එස්රා) 1-3 ඡේ.]ක්‍රිස්තු පූර්ව 539දී පර්සියාවේ සයිරස් (නොහොත් කෝරෙෂ්) හෙවත් යෙහෝවාගේ “එඬේරා” සහ “අභිෂේක ලත් තැනැත්තා” විසින් බබිලෝනිය පෙරළා දමන ලදි. (යෙසා. 44:28; 45:1) තම වහලුන්ව නිදහස් කිරීම බබිලෝනියේ ප්‍රතිපත්තියක් නොවේ. නමුත් එයට එරෙහිව යමින් සයිරස් යුදෙව්වන්ට යෙරුසලමට නැවත යෑමට නියෝග කළේය.
8. යෙහෝවා සැබෑ දෙවි බවත් ඔහු කෙරෙහි අචල විශ්වාසයක් තැබිය හැකි බවටත් එස්රා පොත තහවුරු කරන්නේ කෙසේද? [bsi01-SN (එස්රා) 8, 12 ඡේ.]යෙරුසලම විනාශ කිරීම හා නැවත ගොඩනැඟීම ගැන යෙරෙමියා මගින් යෙහෝවා දුන් නොවරදිනසුලු නිරවද්‍යතාවකින් යුත් අනාවැකිවල ඉටුවීම එස්රා පොතේ කැපීපෙනෙන්නට සලස්වා තිබේ. (යෙරෙ. 29:10) යෙහෝවා තම වචනය නියම කාලයේදී ඉෂ්ට කළ බව එහි පෙන්වයි. තමන් නැවතත් තම මව්බිම කරා එන බවට යුදෙව්වන් තුළ තිබූ අපේක්ෂාව නිසා යෙහෝවා දාවිත්ගේ පෙළපතින් රජෙක් එවන බවට වූ පොරොන්දුව ගැන ඔවුන් තුළ මහත් උනන්දුවක් ඇති විණි. (2 සාමු. 7:12, 13)
9. ‘අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්ද’ බයිබල් කාලගණිතයට වැදගත් වන්නේ මන්ද? (නෙහෙ. 2:1, 5, 6, 11, 17, 18) [bsi01-SN (නෙහෙමියා) 2, 5 ඡේ.]යෙරුසලම සහ එහි පවුරු නැවත ගොඩනැඟීමට නියමිත මෙම දිනය (ක්‍රි.පූ. 455) මෙසියස්ගේ පැමිණීම හා සම්බන්ධ වැදගත් වසරකි. ක්‍රිස්තු පූර්ව 455 සිට සති 69ක් හෙවත් වර්ෂ 483කට පසුව, එනම් ක්‍රි.ව. 29දී යේසුස්ව අභිෂේක කරනු ලැබිණි. (දානි. 9:24-27; ලූක් 3:1-3, 23)
10. නෙහෙමියා වත්මන් දේවසේවකයන්ට හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද? [bsi01-SN (නෙහෙමියා) 6, 7 ඡේ.]නෙහෙමියාගේ ජීවිතයේ මුල් තැන ගත්තේ දේවභක්තියයි. දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දීම පිණිස ඔහු ලෞකික තත්වයන් පවා අත් හැරීමට කැමති විය. (නෙහෙ. 2:17, 18) ජීවිතය පරදුවේ තබමින් ඔහු ධර්මිෂ්ඨකම වෙනුවෙන් නිර්භීතව සිටියේය. (නෙහෙ. 4:14) ඔහු තම තනතුර පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමට යොදා ගත්තේ නැත. සැප සම්පත් අත් කරගැනීම හෙළා දිටීය. (නෙහෙ. 5:14) ඔහු යෙහෝවාට නමස්කාර කරන අයගේ ඇදහිල්ල ගොඩනැංවීමට උනන්දු වූ අතර, එස්රා හා කැටුව දේවවචනය ජනයාට පැහැදිලි කර දුන්නේය. (නෙහෙ. 8:8, 9)
සතියේ බයිබල් කියවීම
11. යෙහෝවාගෙන් යම් පිළිතුරක් අවශ්‍ය වූ විට, භාවිත කරන ලද ඌරීම් සහ තුම්මීම්, නැවත හැරී ආ වහලුන්ට ලබාගත හැකිව තිබුණාද? (එස්රා 2:61-63)ඒ කාලයේදී හෝ ඊට පසුව හෝ ඌරීම් සහ තුම්මීම් භාවිත වුණ බවට ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී නැත. යුදෙව් ජනප්රවාදයේ කියවෙන හැටියට, ක්‍රි.පූ. 607 යෙරුසලෙම් විනාශයෙන් පසුව ඌරීම් සහ තුම්මීම් අතුරුදහන් විය. [3, w06 1/15 “යෙහෝවාගේ වචනය ජීවමානය—එස්රා පොතෙන් විශේෂාංග”; wSN86 අප්‍රියෙල් 25 පි.]
12. බබිලෝනියේ සිටි බොහෝ යුදෙව්වන් එස්රා සමඟ යෙරුසලමට යෑමට අකමැති වූයේ මන්ද? (එස්රා 7:28–8:20)යෙරුසලමට නැවත ගිය අයට අපහසුතා සහ භයානක තත්වයන් මැද අලුත් ජීවිතයක් ගත කිරීමට සිදු වුණා. එහි සැප සම්පත් තිබුණේ නැත. බබිලෝනියේ ධනය රැස්කරමින් සිටි යුදෙව්වන් නම් මීට කොහෙත්ම කැමති වුණේ නැති වෙන්න පුළුවන්. යෙරුසලමට යන ගමනේදී අන්තරාදායක තත්වයන්ටද මුහුණ දෙන්නට තිබුණි. මෙසේ ආපසු හැරී යන අය තුළ යෙහෝවා කෙරෙහි ඇදහිල්ලක්ද, සත්‍ය නමස්කාරය සඳහා උද්යෝගයක්ද ධෛර්යයක්ද තිබිය යුතු විය. [4, w06 1/15 “යෙහෝවාගේ වචනය ජීවමානය—එස්රා පොතෙන් විශේෂාංග”; it-1 797 පි. 3 ඡේ.]
13. නැවත ගොඩනැඟීමේ කාර්යය එක අතකින් ඉෂ්ට කළ හැක්කේ කොහොමද? (නෙහෙ. 4:17, 18)බර උසුලන්නන්ට තම හිස මතින් හෝ උරහිස මතින් පහසුවෙන්ම එක් බරක් දරා සිටියදී “අනික් අතින් ආයුධය රැගෙන සිටියෝය.” තම කාර්යය කිරීමට දෑතම යොදා ගත් ගොඩනඟන්නෝ “තමන් පැත්තකින් කඩුව බැඳගෙන ගොඩනැඟුවෝය.” යම් සතුරු ප්‍රහාරයකට මුහුණ දීමට ඔවුහු ඕනෑම මොහොතක සැරසී සිටියෝය. [5, w06 2/1 “යෙහෝවාගේ වචනය ජීවමානය—නෙහෙමියා පොතෙන් විශේෂාංග”; wSN 86 මැයි 13 පි.]
14. රහසිගත ලියුම් සාමාන්‍යයෙන් දමනු ලැබුවේ මුද්‍රා කරන ලද මල්ලකයි. සන්බලාට් නෙහෙමියාට “නොබැන්ද ලියුමක්” යැව්වේ මන්ද? (නෙහෙ. 6:5)සන්බලාට් මෙසේ කළේ විවෘත ලිපියක් මගින් නෙහෙමියාට බොරු චෝදනාවක් කිරීමට විය හැකියි. මේ මගින් නෙහෙමියාව ව්‍යාකූලත්වයට පත් කර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු තමාගේ චෝදනාවට පිළිතුරු දෙනු පිණිස ගොඩනැඟීමේ වැඩ අත්හරීවියයයි සන්බලාට් අපේක්ෂා කළා විය හැකියි. නැත්නම්, ලිපියේ සඳහන් දේවල් යුදෙව්වන් තුළ කැලඹීමක් ඇති කර ඔවුන් සම්පූර්ණයෙන්ම ගොඩනැඟීමේ වැඩ නවත්වාවිය කියා ඔහු සිතුවා විය හැකියි. මේ කිසිවකින් නෙහෙමියා භය නොවූ අතර දෙවි දුන් කාර්යය දිගටම කරගෙන ගියේය. [6, w06 2/1 “යෙහෝවාගේ වචනය ජීවමානය—නෙහෙමියා පොතෙන් විශේෂාංග”; it-2, 239 පි. 6 ඡේ.]
15. නෙහෙමියා මීට කළින් අධිපතීන්ට හා නායකයන්ට ‘තරවටු’ කළාක් මෙන්, තම පොරොන්දු කඩ කළ යුදෙව්වන්ට තරවටු කරනවාට අමතරව, ජනයාට තරවටු කිරීමට ඔහු ගත් වෙනත් ක්‍රියා මාර්ග මොනවාද? (නෙහෙ. 13:25, 28)නෙහෙමියා ‘ඔවුන්ට ශාප කළා’ කීමෙන් අදහස් කරන්නේ, දෙවිගේ නීතියේ සඳහන් විනිශ්චයන් ඔවුන්ට යළිත් ප්‍රකාශ කළාය යන්නයි. ඔහු ‘සමහරෙකුට ගසා’ කීමෙන් අදහස් කළේ ඔවුන්ට රාජකීය විනිශ්චමය තීන්දුවක් නියෝග කිරීම විය හැකියි. ඔහු විසින් ‘ඔවුන්ගේ කෙස් උපුටා’ දැමීම ඔහුගේ ධර්මිෂ්ඨ කෝපයේ සංකේතයක් විය හැකියි. තවද හොරොනිය සන්බලාට්ගේ බෑණා වූ, උත්තම පූජක එලියාෂීබ්ගේ මුණුපුරාවද ඔහු පිටමං කළේය. [8, w06 2/1 “යෙහෝවාගේ වචනය ජීවමානය—නෙහෙමියා පොතෙන් විශේෂාංග”; it-2, 487 පි. 5 ඡේ.]