බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත පාඩම් කිරීම
1 පසුගිය “දෙවිට කීකරු සේවකයෝ” දිස්ත්‍රික් සමුළුවෙන් අපිට ලැබුණු කදිම ත්‍යාගයක් තමයි, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත. මේ පොත අප ඉතාම ඉක්මනින් ක්ෂේත්‍ර සේවයේ භාවිත කරමින් බයිබල් පාඩම් පටන්ගැනීමට සූදානම් වෙමු. මේ පොතට අප හුරුවිය යුතුයි. මේ නිසා, 2006 අප්‍රියෙල් 17දා පටන් සභා පොත් පාඩමේදී අප සාකච්ඡා කරන්නේ මේ පොතයි.
2 පොත් පාඩම් අවේක්ෂක මේ පොතේ සෑම පරිච්ඡේදයක ආරම්භයේදී දක්නට ලැබෙන ප්‍රශ්නවලට අවධානය යොමු කරාවි. ඉන්පසුව පිටුවල පහත ඇති ප්‍රශ්න යොදාගෙන පාඩම පවත්වාවි. මූලික බයිබල් පද කියවා සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම සෑම පරිච්ඡේදයක අවසානයේදී “බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට” යන කොටුවද සාකච්ඡා කරනවා. මන්ද පරිච්ඡේදයක් ආරම්භයේදී අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු මේ කොටුව තුළින් සොයා ගන්න පුළුවන්. මේ පොතේ හැම පරිච්ඡේදයක්ම ඉතා සරල, පැහැදිලි සිත් ගන්නාසුලු භාෂා ශෛලියකින් ලියා ඇති නිසා ඔබට ඉතා පහසුවෙන් අදහස් දක්වන්න පුළුවන් වේවි.
3 මේ පොතේ උපග්රන්ථයේද විවිධ විෂයන් ගැන සාකච්ඡා කර තිබෙනවා. බයිබල් ශිෂ්‍යයන්ට යම් විෂයක් ගැන වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම්, අපට මේ තොරතුරු යොදාගත හැකියි. සමහරක් අවස්ථාවලදී උපග්‍රන්ථයේ යම් යම් කොටස් පොත් පාඩමේදී සාකච්ඡා කෙරෙනවා. උපග්‍රන්ථයේ යම් විෂයක් සම්බන්ධ තොරතුරු ඡේද කියවන්නා විසින් කියවනු ලබන අතර, වඩාත් දීර්ඝ ලිපි කොටස් වශයෙන් සාකච්ඡා කළ හැකියි. උපග්‍රන්ථයේ ප්‍රශ්න සඳහන් වෙන්නේ නැහැ. නමුත් මූලික කරුණු ආවරණය වන විදිහට යම් ප්‍රශ්න ඇසීමට පාඩම පවත්වන අවේක්ෂකට හැකියි.
4 බයිබලයේ ඉගැන්වීම් පොත සභා පොත් පාඩමේදී සාකච්ඡා කර ඉක්මනින් අවසන් වේවි. අප පාඩම් කරන අයට බයිබලය ගැන කිසිදු දැනුමක් නැත්නම්, මෙම පොත වේගයෙන් ඔවුන් සමඟ පාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. (ක්‍රියා 26:28, 29) නිවාස බයිබල් පාඩම්වලදී අප බයිබල් පද හොඳින් සාකච්ඡා කිරීම, උදාහරණ පැහැදිලි කිරීම වැනි දේවල් කිරීම සුදුසුයි. එමනිසා, මෙම පොත පොත් පාඩමේදී පාඩම් කරන විට සෑම පාඩමකට නොවරදවාම සහභාගි වීමට ඉලක්ක කරගන්නා මෙන් අපි ඔබෙන් ඉල්ලමු.