සේවා රැස්වීම් වැඩසටහන
ජනවාරි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 10
විනා. 10: සභා නිවේදන. මෙහි 8වන පිටුවේ පළමු යෝජනාව හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන වෙනත් යෝජනා යොදාගෙන ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි පිබිදෙව්! කලාපය දී ඇති පළමු යෝජනාව යොදාගෙන ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, ප්‍රචාරකයෙක් ව්‍යාපාරික ප්‍රදේශයක සාක්ෂි දරන අන්දම පෙන්වන්න.
විනා. 15: “බයිබලයේ ඉගැන්වීම් පොත—අපේ මූලික බයිබල් පාඩම් පොතයි.” a නව පොතෙන් බයිබල් පාඩම් ගැනීමට උද්‍යෝගය ඇති කරන්න.
විනා. 20: “බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පාඩම් පටන්ගන්නා අයුරු.” අතිරේකයේ 3වන පිටුව පදනම් කරගෙන සබය සමඟ කරන සාකච්ඡාවක් සහ නිරූපණයක්. උනන්දුව දක්වන අය සමඟ ඉක්මනින්ම බයිබල් පාඩම් පටන්ගැනීමට බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගත හැකියි. මෙම පොතේ (1) 4-5 පිටු, (2) 6වන පිටුව, (3) 7වන පිටුවේ පළමු ඡේදය යොදා ගෙන නැවත බැලීමකදී බයිබල් පාඩමක් පටන්ගන්නා අන්දම නිරූපණ තුනකින් පෙන්වන්න. නිරූපණය කරන්නට යන විදිහ ගැන පෙන්වා නිරූපණයෙන් පසුව එය කළ අන්දම ගැන කතා කරන්න. මෙම නිරූපණවලදී, බයිබලයේ ඉගැන්වීම් පොතේ ඡේද කාලයට අනුව කෙටියෙන් සාකච්ඡා කළ හැකියි. මේ එක් එක් නිරූපණය අවසානයේදී ප්‍රචාරකයා නැවත ඒමට සැලසුම් කරගන්නා සැටිද පෙන්වා දිය යුතුයි.
ගීතිකා අංක 125 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 178
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: යෙහෝවාගේ කැමැත්ත ඉටු කිරීමට සංවිධානය වීම. යෙහෝවාගේ කැමැත්ත ඉටු කිරීමට සංවිධානය වීම (සිංහලෙන් නැත) පොතේ 4-7 දක්වා පිටුවලින් කතාවක්. මෙහි 4වන පිටුව පදනම් කරගෙන විනාඩි තුනකට වඩා අඩු කාලයකදී හැඳින්වීමක් කර, 5වන පිටුවේ සිට 7වන පිටුවේ උපමාතෘකාව දක්වා තොරතුරු සබය සමඟ සාකච්ඡා කරන්න. මෙම කොටසේ සිංහල පරිවර්තනය සැපයෙනවා ඇත. මෙම සංවිධාන වීම පොතේ තවත් කොටස් ඉදිරියේ සේවා රැස්වීම්වලදී සලකා බැලෙනු ඇත.
විනා. 20: “පහන් මෙන් බැබළෙන යෞවනයෝ.” b පාසැලේදී සාක්ෂියක් දැරීමට හැකි වී තිබෙන අන්දම ගැන යෞවනයන්ගෙන් අදහස් විමසන්න. යෞවනයෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කර ගත හැකියි.
ගීතිකා අංක 107 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 60
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ සභාවට ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. මෙහි 8 පිටුවේ දෙවෙනි යෝජනාව හෝ ප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදා ගෙන, ජනවාරි 15 මුරටැඹ කලාපය සහ ජනවාරි පිබිදෙව්! කලාපය දී ඇති දෙවන යෝජනාව යොදාගෙන බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. එක් නිරූපණයක් යෞවනයෙකු ලවා කරවන්න.
විනා. 15: “පෞද්ගලික පාඩම සඳහා ඔබට කාලසටහනක් තිබෙනවාද?” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. පෞද්ගලික පාඩම සඳහා කාලය සොයා ගන්නේ කෙසේදැයි සබයෙන් අසන්න. සේවා පාසැල පොතේ 27-32 පිටුවලින් ප්‍රායෝගික කරුණු ඉස්මතු කර දක්වන්න.
විනා. 20: “ගෙවැසියාගෙන් ප්‍රශ්න අසා ඔහු කියන දේට සවන් දෙන්න.” c මෙහි 2වන ඡේදය සාකච්ඡා කිරීමේදී, ගෙවැසියා සමඟ සංවාදයක් පටන්ගැනීමට වඩාත් ප්‍රයෝජනවත් වී ඇත්තේ කිනම් ප්‍රශ්නදැයි සබයෙන් අසන්න. කාරුණික ප්‍රශ්න ඇසීමෙන් සහ උනන්දුවෙන් සවන් දීමෙන් ගෙවැසියාගේ අදහස් දැනගන්නා අන්දම නිරූපණය කර පෙන්වන්න.
ගීතිකා අංක 205 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 197
විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසය සඳහා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. පෙබරවාරි මාසයේ බෙදා දෙන පොත් පත් සඳහන් කර, එක් ඉදිරිපත් කිරීමක් නිරූපණය කරවන්න.
විනා. 15: අපගේ ප්‍රයෝජනය උදෙසා දී තිබෙන මහඟු සැපයුම්. වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කරන කතාවක්. රෝහල් සබඳතා කමිටුවේ (HLC) සහ රෝගීන් බැහැදැකීමේ කණ්ඩායමේ (PVG) ක්‍රියාකාරකම්වලින් අපට ගත හැකි ප්‍රයෝජන පිළිබඳව සියලු සභාවන් වෙත ශාඛා කාර්යාලයෙන් එවන ලද 2006 ජනවාරි 3 ලිපිය සාකච්ඡා කරන්න.
විනා. 20: “රුධිර ප්‍රවේශනය නම් වූ අභියෝගයට මුහුණ දීමට සූදානම් වීම.” දී ඇති දළ සටහන යොදා ගනිමින් වැඩිමහල්ලෙකු විසින් කරන කතාවක්. ශල්‍ය කර්මයකට මුහුණ දීමට සිදු වූවොත්, ඇති විය හැකි ගැටලු අවම කරගැනීම පිණිස නිසි පෝෂ්‍යදායී ආහාර ගැනීමේ අවශ්‍යතාව ගැන කෙටියෙන් අවධාරණය කරන්න.
ගීතිකා අංක 45 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 74
විනා. 10: සභා නිවේදන.
විනා. 25: අපේ අලුත් ප්‍රකාශනයට හුරුවීම. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. බයිබලයේ ඉගැන්වීම් පොතේ ප්‍රධාන අංග ලක්ෂණ ගැන තමන් අගය කරන දේවල් පැවසීමට සබයට ආරාධනා කරන්න. සෑම පරිච්ඡේදයකම මූලික කරුණු හුවා දක්වන හැඳින්වීමේ ප්‍රශ්න සහ පුනරීක්ෂණ කොටුව (106, 114 පිටු); අලංකාර පින්තූරු (122-3, 147, 198 පිටු); සහ උප ග්‍රන්ථය (197 පි. 1-2 ඡේ.). මෙම පොත ලියා ඇත්තේ ප්‍රේමණීය හා සිත් ඇදගන්නාසුලු භාෂා ශෛලියකිනුයි. (12 පි. 12 ඡේ.) පැහැදිලි සරල විස්තර දී තිබෙනවා. (58 පි. 5 ඡේ.) ඉතා ප්‍රබල උපහැරණ යොදා ගෙන තිබෙනවා. (159 පි. 12 ඡේ.) මේ පොතේ ආරම්භයේදීම පොත සකස් කර තිබෙන්නේ බයිබල් පාඩම් පටන්ගැනීමට හැකිවන පරිදියි. (3-7 පි.) මෙහි 7 පිටුවේ කොටුව යොදා ගෙන අලුත් බයිබල් පාඩමක් පටන්ගන්නා අන්දම නිරූපණය කරන්න. මේ අලුත් පොත යොදාගැනීම නිසා ලබා ඇති අද්දැකීම් වේ නම්, ඒවා සඳහන් කරන්න.
විනා. 10: උපකාරික පුරෝගාමි සේවයෙන් ලැබෙන ආශීර්වාද. (හිතෝ. 10:22) පසුගිය මාසයේදී උපකාරික පුරෝගාමි සේවය කළ අයව කැඳවා ඔවුන් ඒ සඳහා සැලසුම් කරගත් අන්දමත් සේවයේදී ලැබූ ප්‍රීතිය හා ආශීර්වාද ගැනත් කතා කිරීමට සලස්වන්න. මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී උපකාරික පුරෝගාමි සේවය කිරීමට හැකිදැයි යාච්ඤාපූර්වකව කල්පනා කරන ලෙස සියල්ලන්ට දිරිගන්වන්න.
ගීතිකා අංක 16 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.