අවශ්‍යතාව වැඩි තැන්වල සේවය කරන්න ඔබට පුළුවන්ද?
1 ඉතා උද්යෝගයෙන් ශුභාරංචිය දේශනා කළ පාවුල්, සේවය කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන්නේ මොන ප්රදේශවලදැයි සොයා බැලුවා. එෆීස නගරයේ කදිම සේවයක් කළ ඔහු, ‘ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක් තමන්ට විවෘත වී තිබෙනවා’ කියා සෙසු සහෝදරයන්ට ලිව්වා. (1 කොරි. 16:9) පාවුල් දිගටම ඒ ප්‍රදේශයේ සේවය කරමින්, බොහෝදෙනෙකුට කැප වී බව්තීස්ම වීමට උදව් කළා.—ක්‍රියා 19:1-20, 26.
2 අදත්, අපට විශාල දොරක් විවෘත වී තිබෙනවා. වැඩිමහල්ලන් සහ සභා සේවකයන් හැටියට වෙනත් සභාවල වැඩ කරන්න සහෝදරයන් අවශ්‍යයි. තම බලප්‍රදේශ ආවරණය කරන්න තනිවම හැකියාවක් නැති සභාවන්ට පුරෝගාමීන් සහ ප්‍රචාරකයන් අවශ්‍යයි. මේ සඳහා අපි සියලුදෙනා ගන්න උත්සාහය බොහෝ සෙයින් වටිනවා.—2 කොරින්ති 8:13-15 සසඳන්න.
3 ඇදහිල්ල සහ නිසැකකමක් අවශ්‍යයි: දෙවිගේ මඟ පෙන්වීම යටතේ, ආබ්‍රම් තම භාර්යාව, ඥාති පුත්‍රයා සහ වයසක පියා වන තේරාවද කැටුව ඌර් දේශය අත්හැර කිලෝමීටර් 1000ක් පමණ ඈතින් පිහිටි හාරාන් දේශයට ගමන් කළා. (උත්. 11:31, 32; නෙහෙ. 9:7) තේරාගේ මරණයෙන් පසුව, 75 හැවිරිදි ආබ්‍රම්ට හාරාන් දේශය සහ ඔහුගේ නෑදෑයන් අත්හැර දෙවි පෙන්වන රටට යන ලෙස දෙවි අණ කළා. ආබ්‍රම්, සාරයි සහ ලොත් ‘පිටත්ව ගියා.’ (උත්. 12:1, 4, 5) නමුත් ආබ්‍රම් ගියේ වැඩියෙන් දේශනා කිරීමට නොවුණත්, ඔහුගේ ගමන සුවිශේෂයි. කොයි අතින්ද?
4 එවැනි ගමනකට ඇදහිල්ලක් හා නිසැකකමක් අවශ්‍යයි. ඔහුගේ සිතිවිලි සහ ජීවිත රටාව වෙනස් කරන්නටත් නෑදෑයන්ගෙන් දුරස් වීමටත් ඔහුට සිදු වුණා. නමුත් තමාවත් තමාගේ පවුලේ අයවත් යෙහෝවා බලාගනී කියා ලොකු නිසැකකමක් ඔහුට තිබුණා. අදත් බොහෝදෙනෙකුට එවැනි ඇදහිල්ලක් හා නිසැකකමක් තිබෙනවා.
5 අවශ්‍යතාව වැඩි තැන්වල සේවය කිරීමට ඔබට හැකිද? වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කිරීම ගැන යාච්ඤා පූර්වකව හොඳින් සිතා බැලීමට අපි ඔබව දිරිගන්වමු. දැනට තිබෙන ලොකුම අවශ්‍යතාව තමයි, දැනටමත් සභා තිබෙන ප්‍රදේශවල පෙරමුණ ගෙන ක්‍රියා කිරීම සඳහා වැඩිමහල්ලන්ගේ සහ සභා සේවකයන්ගේ අවශ්‍යතාව. කලාතුරකින් ආවරණය කෙරෙන බලප්‍රදේශවල තිබෙන සභාවල සේවය කිරීම සඳහා පුරෝගාමීන් සහ ප්රචාරකයන්ද අවශ්‍යයි. එවැනි ප්‍රදේශවල ලැයිස්තුවක් ශාඛා කාර්යාලයේ තිබෙනවා. මෙම සභාවන් ‘තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස යදිනවා.’ (මතෙ. 9:37, 38) ඔබට හැකිද එවැනි ප්‍රදේශවලට ගොස් සේවය කරන්න?
6 රැකියාව, දරුවන්ගේ අධ්‍යාපනය, පදිංචිය යනාදි දේවල් ගැන සලකා බලන්න. මේ දේවල් සොයාගැනීම අභියෝගයක්ද? එසේනම්, මින් ජයගැනීමට මේ සියලු දේ ගැන පවසමින් යාච්ඤා කරන්න.
7 මෑත දශකවලදී, ක්‍රිස්තියානි පවුල් දහස් ගණනක් මෙම වටිනා සේවය සඳහා වෙනත් පළාත්වලට ගොස් තිබෙනවා. එක් යුවළක් පැවසුවේ මෙහෙමයි. “උපරිම යහපතක් කරන්න පුළුවන් තැනක සේවය කරන්නයි අපි කැමති වුණේ.” මේ රටේ වෙනත් තැනක සේවය කිරීමට ඔබ කැමති නම්, පළමුව ඔබේ සභාවේ වැඩිමහල්ලන් සමඟ මේ ගැන කතා කරන්න.
8 අවශ්‍යතාව තිබෙන්නේ කොහේද කියා ශාඛා කාර්යාලයෙන් දැනගැනීමට ඔබ කැමති නම්, සභාවේ සේවා කමිටුවට ලිපියක් භාර දෙන්න. ඔවුන්ද තම අදහස් දක්වා ශාඛා කාර්යාලයට එය යවනවා ඇති. කොහොම නමුත් අපට මේ කාර්යය කිරීමට තිබෙන තාක් කල්, අපි සියලුදෙනාම යෙහෝවාගේ සේවයේ වෙහෙස මහන්සි වී වැඩ කරමු.—1 කොරි. 15:58.