ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/05 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 9/05 7 පි.

නිවේදන

◼ සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඇතැම් අය මේ පොත ලබාගන්නේ නැත්නම්, සෝදිසියෙන් සිටින්න! විවරණිකාව බෙදා දිය හැකියි. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! කලාප සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? යන විවරණිකාව බෙදා දෙන්න. සභා බොහොමයක මෙම විවරණිකාවේ පිටපත් ඇති තරම් තිබේ. උනන්දුව දක්වන ඕනෑම අයෙකුට ප්‍රයෝජන ගත හැකි පරිද්දෙන් මෙම විවරණිකාවේ පිටපත් බෙදාහැරීමට උත්සාහ කළ යුතුයි. සැලකිල්ලට ගන්න: ඔක්තෝබර් 1වන සෙනසුරාදා සහ ඔක්තෝබර් 2වන ඉරිදා, විශේෂ සඟරා දවස් ලෙස නම් කර ඇත. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සමඟින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති යන පත්‍රිකාව බෙදාහැරීමට නියමිතය. නොවැම්බර්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත බෙදාහැරේ. තමාට දරුවන් නැතැයි කියා ගෙවැසියා පවසන්නේ නම්, දැනුම පොත හෝ බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව බෙදා දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත බෙදා දෙනු ලැබේ. සුදුසු අවස්ථාවලදී, ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය අඩංගු සිංහල බයිබලය බෙදා දෙන්න.

◼ ප්‍රචාරකයන්ට පොත් පත් ලබා දීම ශාඛා කාර්යාලයෙන් සිදු කරන්නේ නැත. සභාව මාසික පොත් පත් ඉල්ලුම ශාඛා කාර්යාලය වෙත එවීමට පෙර, ඒ ගැන නිවේදනයක් කිරීමට මුලසුන භාර අවේක්ෂක කටයුතු කළ යුතු අතර, එවිට තමන්ගේ පොත් පත් ඇණවුම පොත් අංශයට භාර දීමට කැමති අයට හැකියි. විශේෂයෙන් ඇණවුම් කළ යුතු පොත් පත් මොනවාද කියා මතකයේ තබාගන්න.

◼ ඔබේ සභා බලප්‍රදේශයේ සභා ඇසුරෙන් කපාහැරිය හෝ සභා ඇසුරෙන් ඉවත් වූ යම් කෙනෙක් සිටී නම්, ඔවුන්ව බැහැදැකීම වැඩිමහල්ලන් සතු වගකීමකි. මේ පිළිබඳව 1991 ජූලි 1 මුරටැඹ කලාපයේ 21-23 පිටුවල දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

◼ වර්ෂ 2006 සිහි කිරීමේ කාලය තුළ විශේෂ කතාව ඉදිරිපත් කරන්නේ අප්‍රියෙල් 30වන ඉරිදාය. මෙම කතාවේ මාතෘකාව පසුව නිවේදනය කරනු ලැබේ. එම සති අන්තයේ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ එක්රැස්වීමක් තිබෙන සභාවන් මෙය ඊළඟ සති අන්තයේදී ඉදිරිපත් කළ යුතුයි. කිසිම සභාවක් 2006 අප්‍රියෙල් 30වන ඉරිදාට පෙර මෙම විශේෂ කතාව ඉදිරිපත් නොකළ යුතුයි.

◼ ඔක්තෝබර් මාසයේදී සති අන්ත පහක් තිබෙන බැවින්, එය උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයකි.

◼ වර්ෂ 2005 සඳහා මුරටැඹ සහ පිබිදෙව්! වෙළුම් සහ සංයුක්ත තැටිවල තිබෙන මුරටැඹ පුස්තකාලය (Watchtower Library—2005 CD-ROM) සභාවන් විසින් ඊළඟ පොත් පත් ඉල්ලුමේ ඉල්ලුම් කළ යුතුයි. මේවා ලබා ගත හැකි භාෂා පිළිබඳ ලැයිස්තුවක් සෑම මාසයකම සභාවන්ට එවන “Announcement to All Congregations” යන ලිපියේ දක්නට තිබේ. මෙම Watchtower Library—2005 යන තැටිය බව්තීස්ම ලත් සාමාජිකයන්ට පමණක් සභාවන් මගින් ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න