ස්වො රැස්වීම් වැඩසටහන
සැප්තැම්බර් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 29
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ ප්‍රදේශයට ගැළපේ නම්) යොදාගෙන සැප්තැම්බර් 1 මුරටැඹ සහ සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපවල පළමු යෝජනාව නිරූපණය කරන්න. වෙනත් ප්‍රායෝගික යෝජනාද යොදාගත හැකියි. එක ඉදිරිපත් කිරීමක් වැඩිමහල්ලෙකු විසින්ද අනෙක යෞවනයෙකු විසින්ද ඉදිරිපත් කරවන්න. මේ එක් එක් නිරූපණයෙන් පසුව එම ඉදිරිපත් කිරීම්වල තිබෙන විශේෂ පැති හුවා දක්වන්න.
විනා. 20: “කාලය නාස්ති කරන්න එපා!”a සෑම දවසකම තමන් බයිබලය කියවීමට වේලාවක් වෙන් කරගන්නේ කෙසේද කියා සබයෙන් අදහස් විමසන්න. වර්ෂ 2005 මැයි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ දී ඇති ආදර්ශ කාලසටහන් යොදාගැනීමට සියල්ලන්ටම දිරිගන්වන්න.
විනා. 15: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම.”b මෙහි අතිරේකයේ 1 සහ 2වන කොටස මත පදනම් සාකච්ඡාවක්. වර්ෂ 2004 අගෝස්තු මස අපගේ රාජ්‍ය සේවාවේ 1වන පිටුවේ තිබෙන තොරතුරුද ප්‍රයෝජනයට ගත හැකියි. පාඩමක් පවත්වන සෑම වතාවකදීම ඊට කලින් සූදානම් වීම වැදගත් මන්ද? මීට ඇතුළත් වන දේවල් මොනවාද? දී ඇති යෝජනා අදාළ කරගත හැකි ආකාරය ගැන සබයෙන් අදහස් විමසන්න. මෙම අතිරේකයේ පළමුවන පිටුවේ ඉහළ කෙළවරේ වර්ණ සහිත කොටුවේ තොරතුරු ගැනද අදහස් දක්වමින් මෙය අවසන් කරන්න.
ගීතිකා අංක 110 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 168
විනා. 5: සභා නිවේදන.
විනා. 15: “අවශ්‍යතාව වැඩි තැන්වල සේවය කරන්න ඔබට පුළුවන්ද?”c වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවිය යුතුයි. මෙහි 5-8 දක්වා ඡේද සාකච්ඡා කරන විට, අපගේ දේවසේවය පොතේ 112-13 දක්වා පිටුවල සඳහන් තොරතුරු සාකච්ඡා කරන්න. මේ අන්දමින් සේවය පුළුල් කිරීම ගැන බැරෑරුම් ලෙස කල්පනා කරන මෙන් සහෝදරයන්ව දිරිගන්වන්න.
විනා. 15: පසුගිය සේවා වසරේ අපේ ප්‍රගතිය කෙබඳුද? සේවා අවේක්ෂක, පසුගිය වසරේ සභාව ඉෂ්ට කළ යහපත් සේවය ගැන කතා කරයි. සුදුසු පරිදි සභාවට ප්‍රශංසා කර, ඊළඟ වසරේ ඔබ සභාවේ අවධානය යොමු විය යුතු පැත්තක් හෝ දෙකක් පෙන්වා දෙන්න. පුරෝගාමීන්ගේ ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් ඔවුන් කරන යහපත් සේවය ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න. අක්‍රියාශීලී අයට උදව් කිරීමෙන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැනද සඳහන් කරන්න.
විනා. 10: “එකිනෙකාව ගොඩනංවන්න.”d වෙනත් අයගේ ප්‍රේමණීය සැලකිල්ලෙන් ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන සබයෙන් අදහස් විමසන්න.
ගීතිකා අංක 199 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 122
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවන්න. සභාවට සම්මාදම් ලැබී ඇත්නම් එයද සඳහන් කරන්න. සැප්තැම්බර් මාසය සඳහා සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: සඟරා මගින් ශුභාරංචිය පතළ කරන්න. ඔක්තෝබර් මාසයේදී, අපි මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරමු. මෙම කතාව ආරම්භයේදී, 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ ඇති 3-6 දක්වා ඡේදවල සඳහන් පහත යෝජනා සාකච්ඡා කරන්න. (1) සඟරා දෙකම එකවර ඉදිරිපත් කරන්න. (2) සතියේ එක දවසක හෝ සඟරා බෙදා දීමට සැලසුම් කරන්න. (3) සඟරා යම් නිශ්චිත ප්‍රමාණයක් මාසයක් ඇතුළත බෙදා දෙනවා කියා ඉලක්ක කරගන්න. (4) සඟරා ඉදිරිපත් කිරීමට ලැබෙන සෑම අවස්ථාවකදීම ඒවා බෙදා දෙන්න. (5) පැරණි කලාපද බෙදා දෙන්න. මෙම යෝජනා සභාවට අදාළ වන සැටි පෙන්වන්න. අනතුරුව මෙහි 8වන පිටුවේ සඳහන් දෙවන යෝජනා (ඔබේ ප්‍රදේශයට ගැළපේ නම් පමණක්) යොදාගනිමින් සැප්තැම්බර් 15 මුරටැඹ සහ සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. මීට අමතරව, සභා බලප්‍රදේශයේ ජනයාට ගැළපෙන වෙනත් ලිපිද පෙන්වන්න. එම ලිපියක් පෙන්වමින් සඟරා ඉදිරිපත් කරන සැටිද නිරූපණය කරන්න. මේ එක් එක් නිරූපණයට පසුව එම ඉදිරිපත් කිරීමේ ඇති හොඳ පැති කිහිපයක් හුවා දක්වන්න.
ගීතිකා අංක 3 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 54
විනා. 5: සභා නිවේදන.
විනා. 20: “දෙවිට ‘මුළු සිතින්ම කීකරු වීමට’ අන්‍යයන්ව පෙලඹවීම.”e කාලය තිබෙන පරිදි, සඳහන් කර ඇති බයිබල් පදවල අදහස් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: යෙහෝවාගේ සිත සතුටු කිරීම. (හිතෝ. 27:11) දිගු කාලයක් පුරා යෙහෝවාට සේවය කර ඇති දෙදෙනෙකුව හෝ තුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. යෙහෝවාට දිගටම කීකරුව සිටීමට ඔවුන්ට උපකාර වී ඇති දේවල් එකක් හෝ දෙකක් ගැන සඳහන් කරන ලෙස ඉල්ලා සිටින්න. ඔවුන් සඳහන් කරන දේවල් අතර, පෞද්ගලික බයිබල් පාඩම, නිතිපතා රැස්වීම්වලට පැමිණීම, දෙවිට ලැදි වෙනත් අය සමඟ ඇසුරු කිරීම, දේවසේවයේ මුළු හදින්ම නියැලීම, හෘදයාංගම යාච්ඤාව සහ නුසුදුසු විනෝද වීම්වලින් වැළකී සිටීම වැනි දේවල් තිබිය හැකියි. දෙවිට කීකරු වීමේදී ඔවුන්ට කිනම් පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදු වුණාද? ඒවාට සාර්ථකව මුහුණ දුන්නේ කෙසේද? මේ නිසා ඔවුන්ට ආශීර්වාද ලැබී තිබෙන්නේ කෙසේද?
ගීතිකා අංක 170 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.