ඔක්තෝබර් මාසයේදී පවරා නැති ප්‍රදේශයක සේවය කරමු
1“සෑම වසරකම තමන්ට පවරා ඇති බලප්‍රදේශය ආවරණය කිරීමට සභා ගණනාවකට නොහැකි වී තිබෙනවා. ඒ නිසා එම බලප්‍රදේශයෙන් සුළු කොටසක් ශාඛා කාර්යාලය මගින් තමන්ට පවරාගෙන සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී එය ආවරණය කිරීමට සභාවන්ට ඇරයුම් කරනවා. මෙම බලප්‍රදේශය පවරා නැති ප්‍රදේශයක් විය හැකියි. නැත්නම් කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක් විය හැකියි.
2තමන්ගේ රැකියාවෙන් දවස් කිහිපයක් නිවාඩු ගෙන, නියමිත මෙම බලප්‍රදේශයේ වසරකට වතාවක් වැඩ කිරීමට ඇතැම් ප්‍රචාරකයන් කැමති වේවි. මෙය ඔවුන්ට උපකාරික පුරෝගාමි සේවය කිරීමටද කදිම ප්‍රස්තාවක්. වෙනත් පුරෝගාමීන්ද මීට හවුල් වීමට කැමති වේවි.
3එවන් කණ්ඩායම් සංවිධානය කළ යුත්තේ සභාව මාර්ගයෙනුයි. වැඩි පැය ගණනක් සේවය කිරීමට හැකි වන පරිද්දෙන් එම බලප්‍රදේශයේ සේවය කරන ආකාරය ගැන සොයා බලා ඒ ගැන සැලසුම් යෙදීමට වැඩිමහල්ලන්ගේ මණ්ඩල විසින් වගකීම් දරන සහෝදරයන්ට යම් යම් පැවරුම් දෙනවා ඇති. පවුල් වශයෙන් යෑමට හැකි නම් වඩාත් හොඳයි. නැත්නම් බාල මහලු අය, විවාහක අය සහ තනිකඩ අය වශයෙන් කණ්ඩායමක් හැටියට යෑමද හොඳයි. මෙහිදී මෙම කණ්ඩායම අතර සුහද ගොඩනැංවෙනසුලු වාතාවරණයක් පවත්වාගැනීමට වගබලා ගැනීම වැඩිමහල්ලන්ගේ වගකීමක්.
4ඕනෑම බලප්‍රදේශයක් යම් සභාවකට පවරා තිබෙනවා. නමුත් බොහෝ සභාවන් තම බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන අවස්ථා අඩුයි. මීට පෙර ආවරණය නොකළාවූ යම් ප්‍රදේශයක ඔබ සේවය කිරීමට යනවා නම්, ඔබට වැඩ කිරීමට සිදු වෙන්නේ තවත් සභාවක් සමඟයි. මේ නිසා ඔබ සේවය කරන්නට යන ප්‍රදේශය අයත් සභාව සත්කාර සභාව බවට පත් වෙන අතර, එම සත්කාර සභාවට හැකියි, පිට සභාවකින් ආ එම කණ්ඩායමට අවශ්‍ය නවාතැන් ලබා දීමට. ඒ වගේම එම කණ්ඩායම සමඟ තමන් වැඩ නොකළ ප්‍රදේශයේ වැඩ කිරීමටත් එම සත්කාර සභාවට හැකියි. දවස් දෙකක් පුරා උදේ පටන් සවස් වන තෙක් වැඩ කිරීමට සැලසුම් කරන මෙන් අපි ඔබට යෝජනා කරමු. කාර් වෑන් සහ මෝටර් සයිකල් කණ්ඩායම් වශයෙන් යෑමට ඔබට සැලසුම් කළ හැකියි. මුළු උදේ වරුවේ වැඩ කළායින් පසුව, සමහරවිට එකට එකතු වී දිවා ආහාරය ගැනීමටත් ඇසුරු කිරීමටත් මෙම කණ්ඩායම්වලට හැකියි. අනතුරුව සැන්දෑ කාලයේ වෙනත් පැත්තකට ගොස් වැඩ කිරීමට පුළුවන්.
5ඔබ ඔබේ මව් සභාවෙන් දවස් දෙකක් පිටව සිටින්නේ නම්, එම දවස් දෙක පුරාම ක්ෂේත්‍ර සේවයේ යෙදීම ඉතා ප්‍රයෝජනදායකයි. මෙසේ ඔබ සභාවෙන් පිටව ගොස් ඔබට පවරා ඇති ප්‍රදේශයේ වැඩ කරන විට, ළඟම සභාවේ ප්‍රසිද්ධ කථාවට හෝ මුරටැඹ පාඩමට යෑම ප්‍රායෝගික නොවේ නම්, එසේ යෑම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට මේ දවස් දෙකෙන් එකක නිමාවේදී කණ්ඩායමක් හැටියට එකට එකතු වී යම් තැනක මුරටැඹ සාකච්ඡාව කිරීමට යෝජනා කරමු. මෙහිදී සත්කාර සභාවේ ප්‍රචාරකයන්ට ඔබ එකතු වී සිටිනවා නම්, මෙය ඔවුන්ටත් මහත් දිරිගැන්වීමක් වේවි. මෙම රැස්වීමට සහභාගි වෙන සංඛ්‍යාව එම ප්‍රදේශය අයත් සභාවේ රැස්වීමට පැමිණි සංඛ්‍යාවට ඇතුළත් කළ හැකියි.
6සභාවක් හැටියට මෙවැනි පැවරුමක් ලැබීමට ඔබ කැමතිද? එසේනම්, මේ හා සම්බන්ධව ශාඛා කාර්යාලයෙන් සැලසුම් කර ඇති බලප්‍රදේශ පිළිබඳ ලැයිස්තුව එවන මෙන් ශාඛා කාර්යාලයට ලිවීමට සභා ලේකම්ට හැකියි. මෙම ලැයිස්තුව සමඟ පවරා නැති/කලාතුරකින් වැඩ කෙරෙන බලප්‍රදේශ සඳහා අයදුම්පත අපි එවන්නෙමු. මෙම අයදුම්පත පුරවා එය ශාඛා කාර්යාලයට එවන්න. එවිට ඔබට යම් බලප්‍රදේශයක් පැවරෙන අතර, ඔබේ සත්කාර සභාව කුමක්දැයි ඔබට දැනුම් දෙනවා ඇති. කරුණාකර ඔබ කැමති විදිහට යම් සභාවක් සමඟ පෞද්ගලිකව වැඩ කිරීමට සැලසුම් යොදන්නට එපා. මේ සියලු සැලසුම් පිළිවෙළකට ක්‍රියාත්මක කිරීම සඳහා ශාඛා කාර්යාලය මගින් ඒවා සියල්ල හැසිරවීමට අපි කැමැත්තෙමු.—1 කොරි. 14:40.
[Box on page 5]
ඔක්තෝබර් මාසයේදී සාක්ෂි දැරීමේ විශේෂ වැඩසටහන
ඉදිරිපත් කරන දෑ: මුරටැඹ සහ පිබිදෙව්! කලාප සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති යන පත්‍රිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? යන විවරණිකාව.
බලප්‍රදේශ: a) කලාතුරකින් වැඩ කරන බලප්‍රදේශ ඔබට තිබේ නම්, ඔක්තෝබර් මාසයේදී ඒවා ආවරණය කරන්න. නැත්නම්, ළඟපාත සභාවක් සමඟ සම්බන්ධ වී ඔවුන් සතුව තිබෙන කලාතුරකින් වැඩ කරන බලප්‍රදේශ ආවරණය කළ හැකියි.
බලප්‍රදේශ: b) පිට පළාතකට ගමන් කර මීට පෙර වැඩ නොකළ ප්‍රදේශවල සාක්ෂි දැරීමට ඔබට ඇරයුම් කෙරේ. ප්‍රචාරකයන් කණ්ඩායමක් පිට පළාතකට ගොස් පුරා දවස් දෙකක් වැඩ කිරීම සඳහා සැලසුම් කිරීමට සභාවන්ට හැකියි. සමහරවිට පුද්ගලයන් 10ත් 15ත් අතර කණ්ඩායමකට වාහනයක් කුලියට ගෙන යෑමට හැකියි.
විශේෂ සඟරා දවස්: ඔක්තෝබර් 1වෙනිදා සහ 2වෙනිදා විශේෂ සඟරා දවස්ය. ඔබ පිට පළාතකට යනවා නම් ඔබගේ විශේෂ සඟරා දිනය සඳහා ඔබට පහසු වෙනත් දවසක් යොදාගත හැකියි.
[Box on page 5]
පිබිදෙව්! සඟරාව ගැන අගය පළ කළ ලිපියක් මෙන්න!
“මම නිතිපතා පිබිදෙව්! සඟරාව කියවන ශිෂ්‍යයාවක්. පසුගිය වසර දෙක පුරා මම මෙය කියවනවා. එහි පළ කර ඇති ලිපි අපේ ජීවිතවලට ඉතා ප්‍රයෝජනදායකයි. ලොව පුරා සිදු වන දේවල් ගැන මෙම ලිපිවල තොරතුරු අඩංගු වෙනවා පමණක් නෙවෙයි ඒවා අපේ රටට අදාළ වන ආකාරය ගැනත් ප්‍රායෝගිකව පෙන්වා දෙනවා. ඒ වගේම ඒ ලිපි තේරුම්ගන්න හරිම පහසුයි. මම මේ සඟරාව කියවනකොට මට හිතෙන්නේ මුළු ලෝකෙම මට දකින්න පුළුවන් වගේ. මේ ලිපිවලින් නිකම්ම දැනුම ලැබෙනවා විතරක් නෙවෙයි ඒවා අපේ ජීවිතවලටත් හරිම ප්‍රයෝජනවත්.
“පිබිදෙව්! සඟරාව මගේ පාසැල් අධ්‍යාපනයටත් බොහෝ උපකාරයක් වෙලා තියෙනවා. මගේ වයස අවුරුදු 18යි. මම උසස් පෙළ සිසුවියක්. මෑතකදී අපේ පාසැලේ “ඒඩ්ස්” රෝගය පිළිබඳව රචනා තරඟයක් පැවැත්වුණා. මේ සඳහා මම ජනවාරි 8 පිබිදෙව්! (g04 11/22) කලාපයේ (දමිළ බසින්) පළ වී තිබූ “ඒඩ්ස් රෝගය නිමා වන කාලය” යන ලිපියෙන් කරුණු රැගෙන රචනාවක් ලිව්වා. ඒ සඳහා මට “A” සාමාර්ථයක් ලැබුණා. ඒ ගැන මට හරි සතුටුයි!
“මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් නෙවෙයි. නමුත් මම ඉතා ආශාවෙන් පිබිදෙව්! සඟරාව කියවන ශිෂ්‍යයාවක්. මේ සඟරාව තව තවත් දියුණු වේවායි මගේ අවංක පැතුමයි.” M.R. ශ්‍රී ලංකාව.