ගෙයි දොරකොඩ සිට සහ දුරකථනයෙන් බයිබල් පාඩම් පටන්ගැනීම
1, 2. කාර්යබහුලව සිටින අයට බයිබල් පාඩම් පැවැත්වීම සඳහා අපට කෙසේ සකස් විය හැකිද?
1 අද දින ජනයා බොහෝ කාර්ය බහුලයි. එහෙත්, බොහෝදෙනෙකුට දෙවි ගැන දැනගන්න ආශාවක්ද තිබෙනවා. මේ සඳහා ඔවුන්ට උපකාර කිරීමට අපට පුළුවන් කොහොමද? (මතෙ. 5:3) මිනිසුන්ගේ නිවෙස්වල දොරකොඩ සිට හෝ දුරකථනය මගින් බයිබල් පාඩම් පැවැත්වීමට ප්‍රචාරකයන් බොහෝදෙනෙකුට හැකි වෙලා තියෙනවා. මේ විදිහට ඔබේ සේවය පුළුල් කරගන්න ඔබටත් හැකිද?
2 බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා, අපට උදා වන ඕනෑම අවස්ථාවකදී බයිබල් පාඩමක් කරන ආකාරය ගැන ගෙවැසියාට පෙන්වීමට අප සූදානම්ව සිටීම අවශ්‍යයි. මෙය කළ හැක්කේ කොහොමද?
3. මුල් වතාවේදීම බයිබල් පාඩමක් කරන සැටි පෙන්වා දිය යුත්තේ ඇයි? මෙය කළ හැක්කේ කොහොමද?
3 ගෙයි දොරකොඩදී: බයිබලය ගැන කතා කිරීමට කැමති පුද්ගලයෙකුව ඔබට මුණගැසුණොත්, ඔහුට ඉදිරිපත් කරන පොතේ ඔබ කලින් සූදානම් වූ ඡේදයකට පෙරළා පෙන්වන්න. නිදසුනක් වශයෙන් ඕනෑ කරන්නේ විවරණිකාවේ 1වන පාඩමේ පළමුවෙනි ඡේදය ඔබට පෙන්විය හැකියි. එය කියවන්න. ප්රශ්නය සලකා බලන්න. ඊළඟට සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් කියවන්න. බොහෝදුරට මෙය ගෙයි දොරකොඩදීම විනාඩි පහක හෝ දහයක කාලයක් ඇතුළත කළ හැකියි. පුද්ගලයා මේ සාකච්ඡාවට ආසාවක් දක්වයි නම්, ඊළඟ වතාවේ තවත් ඡේදයක් හෝ දෙකක් සාකච්ඡා කළ හැකි බව කියන්න. මේ අයුරින් කෙළින්ම බයිබල් පාඩම් පැවැත්විය හැකි ආකාරය ගැන 2002 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ සඳහන් වී තිබෙනවා.
4. නැවත බැලීම් කිරීමේදී දොරකොඩ ළඟ සිට බයිබල් පාඩමක් ආරම්භ කිරීමට අපට හැක්කේ කෙසේද?
4 නැවත බැලීම් කිරීමේදී බයිබල් පාඩම් ආරම්භ කිරීමටද මේ ක්රමයම යොදාගත හැකියි. නිදසුනක් වශයෙන්, ඕනෑ කරන්නේ විවරණිකාවේ 2වන පාඩමේ ඡේද 1-2 යොදාගනිමින් දෙවිගේ නාමය ගැන පහදා දිය හැකියි. ඊළඟ වතාවේදී 3-4 ඡේද සාකච්ඡා කරමින් ඔබට යෙහෝවාගේ ගුණාංග ගැන බයිබලයේ හෙළි කරන දේවල් ගැන කියා දිය හැකියි. ඊටත් පසු වතාවේදී 5-6 ඡේද සහ 5වන පිටුවේ සඳහන් පින්තූරය සලකා බලා යෙහෝවාව දැනගැනීමට බයිබල් පාඩමකින් හැක්කේ කෙසේදැයි පෙන්වා දිය හැකියි. යම් පුද්ගලයෙකුගේ නිවසේ දොරකොඩ ළඟ සිටින විටදී ඔබට මේ සියල්ල කළ හැකියි.
5, 6. (අ) ඇතැම් අය දුරකථනය මාර්ගයෙන් බයිබලය පාඩම් කිරීමට කැමති විය හැක්කේ ඇයි? (ආ) දුරකථනයෙන් පාඩම් කිරීම සඳහා යෝජනා කිරීමට අපට හැක්කේ කෙසේද?
5 දුරකථනයෙන්: සමහරක් අය අපව මුහුණට මුහුණ හමු වෙනවාට වඩා දුරකථනය මාර්ගයෙන් බයිබලය පාඩම් කිරීමට කැමති විය හැකියි. මේ අද්දැකීම ගැන සලකා බලන්න. එක් සහෝදරියකට ගෙයින් ගෙට සේවයේ යෙදෙමින් සිටින අතරේදී එක්තරා කාන්තාවක් හමු වුණා. ඇය කාර්යබහුලව සිටි මවක්. මේ තැනැත්තියව නැවත මුණගැසීමට සහෝදරියට නොහැකි වූ විට, ඇයව දුරකථනයෙන් ඇමතීමට සහෝදරිය තීරණය කළා. තමාට බයිබලය ගැන සාකච්ඡා කිරීමට ඇත්තටම වේලාව නැතැයි මෙම කාන්තාව කියා සිටියා. “ඔයාට පුළුවන් දුරකථනය මාර්ගයෙන් අලුත් දේවල් ඉගෙනගන්න. ඒකට ගත වෙන්නේ විනාඩි 10ක් නැත්නම් 15ක් විතරයි” කියා සහෝදරිය පැවසුවා. “ආ! දුරකථනයෙන් නම් කමක් නැහැ” කාන්තාවගේ පිළිතුර වුණා. වැඩි කල් යන්නට මත්තෙන් මෙම සහෝදරිය ඒ තැනැත්තිය සමඟ දුරකථනය ඔස්සේ බයිබල් පාඩමක් පවත්වන්නට පටන්ගත්තා.
6 ඔබ හමු වන්නට යන අයගෙන් සමහරදෙනෙක් දුරකථනයෙන් පාඩම් කරන්නට කැමති වේවිද? මීට ඉහත ඡේදයේ සඳහන් වූ අන්දමට ඔබට එය යෝජනා කළ හැකියි. නැත්නම් ඔබට මෙසේ කිව හැකියි. “ඔයා වඩාත් කැමති නම්, ඔයාට දුරකථනයෙන් බයිබලයේ තිබෙන දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවනි. ඔයා ඒකට කැමතිද?” මේ විදිහට, යම් යම් පුද්ගලයන්ගේ තත්වයන්ට අනුව අප විසින් බයිබල් පාඩම් පැවැත්වීමෙන් ඔවුන්ට “දෙවි ගැන දැනගැන්ම” ලබාගැනීමට උදව් කළ හැකියි.—හිතෝ. 2:5; 1 කොරි. 9:23.