ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අගෝස්තු 8න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 15න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 22න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 29න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 5න් පටන්ගන්නා සතිය
2005 අපගේ රාජ්‍ය සේවාව
km 8/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිල්ලට ගන්න: “දෙවිට කීකරු සේවකයෝ” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමේදී, ඔබේ සභාවේ ප්‍රචාරකයන් ක්ෂේත්‍ර සේවයේ යොදාගත හැකි බවට ඔවුන්ට පෙනී ගිය යම් යම් කරුණු සටහන් කරගෙන ඇති. එම තොරතුරු පුනරීක්ෂණය කිරීම සඳහා, සමුළුව පවත්වා මාසයක් හෝ දෙකක් ගත වූ පසුව එන සේවා රැස්වීමකදී විනාඩි 15ක් හෝ 20ක් වෙන් කරන්න. (සමහරවිට සභා අවශ්‍යතා කොටස මේ සඳහා යොදාගත හැකියි.) අප සමුළුවේදී ඉගෙනගත් දේවල් දේවසේවයේදී යොදාගන්නා ආකාරය පැහැදිලි කිරීමටත් එමගින් දේවසේවය වඩාත් ඵලදායී වී ඇති ආකාරය පැහැදිලි කිරීමටත් මෙම සේවා රැස්වීම් කොටස මගින් අපට අවස්ථාවන් සලසා දෙනවා ඇති.—2005 ජූලි අපගේ රාජ්‍ය සේවාවේ 2වන පිටුව බලන්න.

අගෝස්තු 8න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 125

නා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ඔබ දන්නවා නම්, 2006 සඳහා චාරිකා එක්රැස්වීම සහ විශේෂ එක් දින රැස්වීම පැවැත්වෙන දිනයන් ප්‍රචාරකයන්ට මතක් කරන්න.

විනා. 10: “ඔබ අත්පත්‍රිකාවලින් ප්‍රයෝජන ගන්නවාද?” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. අත්පත්‍රිකා බෙදා දීම නිසා ලබාගත් හොඳ ප්‍රතිඵල ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. අත්පත්‍රිකාවක් යොදාගනිමින් ප්‍රචාරකයෙක් උනන්දුව දක්වන පුද්ගලයෙකුට රැස්වීමකට ආරාධනා කරන ආකාරය කෙටි නිරූපණයකින් පෙන්වන්න.

විනා. 25: “දේශනා කිරීමට කාලය දැනුයි!”a පුරෝගාමි සේවය කිරීමට තම ජීවිතය සකස් කරගත් ආකාරය ගැනත් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන් දැන් අද්දකිමින් සිටින ආශීර්වාද ගැනත් පැවසීමට ස්ථාවර පුරෝගාමියෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න.

ගීතිකා අංක 197 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 15න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 11

විනා. 10: සභා නිවේදන. (ඔබේ ප්‍රදේශයට ගැළපේ නම්) මෙහි 8වන පිටුවේ සඳහන් පළමු යෝජනාව යොදාගනිමින් අගෝස්තු 1 මුරටැඹ කලාපය සහ අගෝස්තු 8 පිබිදෙව්! කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මෙහිදී වැඩිමහල්ලෙක් සහ අසනීපයෙන් පසු වන ප්‍රචාරකයෙක් දුරකථනයෙන් සාක්ෂි දරන අන්දම වෙන වෙනම පෙන්වන්න.

විනා. 15: “ඔක්තෝබර් මාසයේදී පවරා නැති ප්‍රදේශයක සේවය කරමු.” යම් පමණකට සබයේ සහය ඇතුව කරන සාකච්ඡාවක්. සේවා අවේක්ෂක විසින් මෙහෙයවිය යුතුයි. මේ ගැන සභාව මගින් දැනටමත් කර ඇති සැලසුම් ගැන සඳහන් කරන්න. “පිබිදෙව්! සඟරාව ගැන අගය පළ කළ ලිපියක් මෙන්න!” සහ “ඔක්තෝබර් මාසයේදී සාක්ෂි දැරීමේ විශේෂ වැඩසටහන” යන කොටුවල අඩංගු තොරතුරුද මීට ඇතුළත් කරන්න.

විනා. 20: “ගෙයි දොරකොඩ සිට සහ දුරකථනයෙන් බයිබල් පාඩම් පටන්ගැනීම.”b කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න. මුල් හමුවීමේදී ඕනෑ කරන්නේ විවරණිකාවේ එක් ඡේදයක් හෝ දෙකක් යොදාගෙන බයිබල් පාඩමක් කරන ආකාරය නිරූපණය කරන්න. දුරකථනය මගින් බයිබල් පාඩමක් පටන්ගත් ආකාරය ගැන දිරිගැන්වෙනසුලු අද්දැකීමක් හෝ දෙකක් කෙටියෙන් පවසන්න.

ගීතිකා අංක 30 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 22න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 161

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ යම් සම්මාදම් සභාවට ලැබී ඇත්නම් ඒ ගැනද සඳහන් කරන්න.

විනා. 15: “සභාවේ වගකීම් දැරීමට ඔබ උත්සාහ කරමින් සිටිනවාද?”c මුලසුන භාර අවේක්ෂක විසින් මෙහෙයවිය යුතුයි. ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් අත් කරගෙන, යම් වගකීම් දැරීමට සහෝදරයන්ව දිරිගන්වන්න.

විනා. 20: “දේවරාජ්‍යය දේශනා කිරීම අනගි වරප්‍රසාදයක්.”d මෙහි 4වන ඡේදය සාකච්ඡා කරන විට, මහලු වියේ සිටින හෝ සෞඛ්‍ය ගැටලු තිබෙන ප්‍රචාරකයන්ට විනාඩි 15 බැගින් වාර්තා කිරීමට හැකි බව පෙන්වා දෙන්න.—2002 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ 6වන ඡේදය බලන්න.

ගීතිකා අංක 204 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 29න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 45

විනා. 10: නිවේදන. අගෝස්තු මාසයේ සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. (ප්‍රදේශයට ගැළපේ නම්) 8වන පිටුවේ ඇති දෙවෙනි යෝජනාව යොදාගනිමින්, අගෝස්තු 15 මුරටැඹ සහ අගෝස්තු 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, සඟරා මාර්ගයක් ඔස්සේ නැවත බැලීම් කරන ආකාරය පෙන්වා දෙන්න.

විනා. 15: “වචනයක් නොපවසා සාක්ෂි දැරීම.”e දෙවිගේ ජනයාගේ හැසිරීම නිරීක්ෂණය කිරීම නිසා තමන්ට යෙහෝවාගේ සේවකයන් බවට පත්වීමට හැකි වූ අන්දම ගැන පැවසීමට තෝරාගත් ප්‍රචාරකයන් කිහිපදෙනෙකුට ආරාධනා කරන්න.

විනා. 20: මුල් හමුවීමේදී බයිබලය පාවිච්චි කරන්න. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. වර්ෂ 2004 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ 2වන ඡේදයේ ඇති යෝජනා පුනරීක්ෂණය කරන්න. මෙහිදී බයිබලය යොදාගන්නා ආකාරය ගැන කාවද්දන්න. එම රාජ්‍ය සේවාවේ යෝජනා කර ඇති ක්‍රම එකක් හෝ දෙකක් යොදාගනිමින් සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත පොත් පත් බෙදා දෙන ආකාරය නිරූපණය කරන්න. මේවා ඉදිරිපත් කිරීම සඳහා 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ දී ඇති යෝජනා ගැනද සාකච්ඡා කළ හැකි අතර කාලය තිබේ නම් ඒවා නිරූපණය කළ හැකියි.

ගීතිකා අංක 71 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 5න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 98

විනා. 10: සභා නිවේදන.

විනා. 15: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—12වන කොටස”f බයිබල් පාඩම් පටන්ගැනීමේදී හා පවත්වාගෙන යෑමේදී සාර්ථක වීමට තමන්ට උපකාරවත් වූයේ කුමක්දැයි පැහැදිලි කිරීමට ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න.

විනා. 20: වැඩිහිටි අයට උපකාර කිරීමට සංවිධානය වීම. වර්ෂ 1993 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 28-29 පිටුවල, “සංවිධානය වීම වටී” යන උපමාතෘකාව යටතේ තොරතුරු මත පදනම්ව වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කරන කතාවක්. සභාවේ වයසක අයට හා අසනීපයෙන් සිටින අයට උපකාර කිරීමට සභාව මගින් කර ඇති සැලසුම් ගැන සඳහන් කරන්න.

ගීතිකා අංක 164 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න