යෞවනයෙනි, ඔබේ පාසැල් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න!
1 ඔබේ පාසැලේ වැඩ කටයුතු ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? පාසැල් අධ්‍යාපනය ලබන සෑම වසරකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබ උනන්දු වන්නෙහිද? පාසැල් සමයේදී ඔබ අත් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඉලක්ක මොනවාද? පාසැලේදී ඔබට ඔබේ පාසැල් මිතුරන් සමඟ හා ගුරුවරුන් සමඟ සත්‍යය බෙදා ගැනීමට ප්‍රස්තාවන් පෑදෙන විට ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබ සූදානම්ද? පාසැලේදී ඔබේ උපරිමය කිරීමට ඔබට වුවමනා බව අපට විශ්වාසයි.
2 හොඳින් ඉගෙන ගන්න: ඔබේ පංතියේ වැඩ කටයුතුවලට හොඳින් සූදානම් වී උගන්වන දේවලට හොඳින් සවන් දීමෙන් ඔබට දිගුකාලීන ප්‍රයෝජන නෙළා ගත හැකියි. ඔබට දෙන ගෙදර වැඩ හොඳින් කරන්න. එසේ නමුත් ඔබේ නමස්කාරය සම්බන්ධ ක්‍රියාකාරකම්වලට බාධා කිරීමට පාසැලේ වැඩ කටයුතුවලට ඉඩ දෙන්න එපා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාලය විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට වැඩ බහුල කාලයක්. මේ නිසා පාසැලෙන් ගෙදර වැඩ බොහොමයක් දෙන්න පුළුවන්. නමුත් ඒවා නිසා ඔබේ ක්‍රිස්තියානි රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවයට බාධා වීමට ඉඩ හරින්න එපා. අධ්‍යාපනය නිසා අපට දෙවිගෙන් ශක්තිය ලැබෙන මාර්ග අවහිර වී ගියොත් අපේ ඇදහිල්ලට සම්බන්ධ ඉලක්ක අත් කරගැනීම ලෙහෙසි පහසු වෙන්නේ නැහැ. —ෆිලි. 1:10.
3 යෙහෝවාග් සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය නමැති විවරණිකාව කියවීමට අපි සියලු පාසැල් ශිෂ්‍යයන්ට දිරිගන්වන්නෙමු. ඉන්පසුව ඔබ හෝ ඔබේ දෙමාපියන් එයින් පිටපතක් ඔබේ ගුරුවරුන්ට දිය යුතුයි. ඔවුන්ට තිබිය හැකි ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකි බව ඔවුන්ට කියන්න. මේ මගින් ඔබේ ප්‍රතිපත්ති ගැන හා විශ්වාසයන් ගැන පැහැදිලි අවබෝධයක් ලැබීමට ඔවුන්ට හැකි වේවි. ඒ වගේම ඔබ ඉගෙනගෙන ඇති දේ අදාළ කරගනිද්දී ඔවුන් ඔබව හොඳින් තේරුම් ගනීවි. තවද ඔබද ඔබේ දෙමාපියන්ද ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටින බවත් ඒ මගින් ඔබ වටිනා අධ්‍යාපනයක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මෙම විවරණිකාව කියවන විට ගුරුවරුන් දැනගනීවි.
4 සාධාරණ ඉලක්ක තබාගන්න: මනා මූලික අධ්‍යාපනයක් ලබන ශිෂ්‍යයෙකුට දෙවිගේ සේවය තුළත් හොඳ ප්‍රගතියක් ලැබිය හැකියි. යම් පුද්ගලයෙක් තම ළමා වියේ කරන දේ වැඩිහිටියෙක් වූ පසු ඔහුට කළ හැකි දේට ඉතා තදින් බලපානවා. පාසැල් අධ්‍යාපනය සම්බන්ධයෙන්ද “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” යන ප්‍රතිපත්තිය සත්‍යයක්. (ගලා. 6:7) තම පාසැල් අධ්‍යාපනය හොඳින් හදාරන යෞවනයන්ට නොයෙක් දක්ෂතා අත් කරගත හැකි අතර පසුව යෙහෝවාට සේවය කිරීමේදී ඒවා මහත් සේ ප්‍රයෝජනවත් වෙනවා.
5 ඔබට යම් අධ්‍යයන පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය නම්, ඒ ගැන කල්පනාකාරී වීම ඉතා වැදගත්. එවැනි පාඨමාලාවක් තෝරාගැනීමේදී දෙමාපියන් දරුවන්ට උදව් කළ යුතුයි. මන්ද යෞවනයන් තෝරා ගත යුත්තේ දේවසේවය හා සම්බන්ධ යම් ඉලක්ක අත්කරගැනීමට හේතුවන පාඨමාලාවක්. තමන්ගේ හැකියාවන් දියුණු කරගැනීමෙන් පුරෝගාමී සේවය කරන ගමන්ම තමන්වම නඩත්තු කරගැනීමට යෞවනයන්ට හැකිකම ලැබෙයි. තමන් කොහේ සේවය කළත් එම වෘත්තීමය හැකියාවන් යෙහෝවාට ප්‍රශංසා කරමින් සේවය කිරීමට මහඟු උපකාරයක් බව යෞවනයන් වටහාගත යුතුයි.
6 යෞවනයෙනි, ඔබේ පාසැල් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එසේ කිරීමෙන්, ලෞකික රැකියාවක් කරමින් සමාජයේ ඉහළ තැනකට ඒමට උත්සාහ කරනවා වෙනුවට, දෙවිගේ පරිශුද්ධ සේවයට ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. මෙසේ යෙහෝවාගේ කැමැත්ත කිරීමට ඔබේ මුළු ජීවිතය යොදා ගන්න. මේ මගින් ඔබට සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා පමණක් නොව යෙහෝවාටද ප්‍රශංසාව ලැබෙනවා ඇති. —ගීතා. 1:3.
7 පාසැලේදී හොඳින් සාක්ෂි දරන්න: පාසැලේදී අවිධිමත් සාක්ෂි දැරීමට අවස්ථාවල් පාදා ගන්න ඔබට බැරිද? වසර පුරාම ඔබට සාක්ෂි දැරීමට කදිම අවස්ථාවන් පෑදේවි. බයිබලය ගැන මනා දැනුමක් ඔබ සතුව ඇති. ඔබ ඒවා අන්‍යයන්ටත් කියා දුන්නොත් “ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්නෙහිය.” (1 තිමෝ. 4:16) පාසැලේදී හොඳ ක්‍රිස්තියානියෙකු ලෙස හැසිරීමෙන් සහ හැකි සෑම අවස්ථාවකදීම සාක්ෂි දැරීමෙන් ඔබද අන්‍යයන්ද බොහෝ ප්‍රයෝජන ලබනවා ඇති.
8 එක් තරුණ සහෝදරයෙක් පාසැලේදී වෙනත් සිසුන්ට සාක්ෂි දැරුවා. සත්‍යය පිළිගත් අය අතරින් එක් ශිෂ්‍යයෙක් කතෝලිකයෙක්. තවත් ශිෂ්‍යයෙක් දෙවි කෙනෙක් ගැන විශ්වාස නොකළාවූ, දෙවි කෙරෙහි විශ්වාස කළ අයට උසුළු විසුළු කළාවූ අදේවවාදියෙක්. තවත් කෙනෙක් ඉතා තදින් දුම්බීමට හා මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි ශිෂ්‍යයෙක්. මේ අන්දමින් මේ අය ත්ම පාසැලේ සිසුන් 15දෙනෙකුට කැපවීම හා බව්තීස්මය කරා එන්නට මේ තරුණ සහෝදරයා උදව් කළා.
9 ඉතින් යෞවනයෙනි, පාසැලේදී හොඳින් ඉගෙන ගන්න. ඒ වගේම පාසැලේදී සාක්ෂි දැරීමට ඔබට ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම හොඳ ප්‍රයෝජන ගන්න. එසේ කිරීමෙන් ඔබ ඔබේ පාසැල් දිවියෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගන්නවා නොඅනුමානයි.