ළඟ තබාගන්න
විවරණිකා ඉදිරිපත් කිරීමට යෝජනා
විවරණිකා ඉදිරිපත් කරන ආකාරය සූදානම් වීමට මෙම අතිරේකයෙහි ඔබට විවිධ යෝජනා සපයා තිබෙනවා. ඔබේ ප්‍රදේශයට ගැළපෙන ආකාරයට මේවා සකස් කරගත හැකියි. වෙනත් ඉදිරිපත් කිරීම් වුවද යොදාගන්න පුළුවන්. මෙම අතිරේකයේ සඳහන් නොවන විවරණිකා ඉදිරිපත් කිරීම සඳහා මෙහි සඳහන් වන යෝජනා ආදර්ශයට ගෙන, ඉදිරිපත් කිරීම් සකසාගත හැකියි.—වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.
මෙම පිටුවේ ඇති සෑම යෝජනාවකටම (1) සංවාදයක් ඇරඹීම සඳහා කල්පනා කිරීමට සලස්වන ප්‍රශ්නයක්, (2) කතා කරන විෂයට අදාළ වන පිටු සහ ඡේද මෙන්ම (3) සංවාදය අතරතුර කියවිය හැකි යෝග්‍ය ශුද්ධ ලියවිලි පදයක් සඳහන් කර තිබෙනවා. සංවාදයේ ඉතිරි කොටස පුද්ගලයාගේ ප්‍රතිචාරය අනුව ඔබට සකසාගත හැකියි.
සියලුම ජනයා සඳහා පොතක්
(ඉංග්‍රීසි, සිංහල සහ ද්‍රවිඩ භාෂාවෙන් ලබාගත හැකියි)
“අපේ කාලයට බයිබලයේ තිබෙන උපදෙස් ප්‍රායෝගිකයි කියලා ඔබ හිතනවාද?”—22 පි. මාතෘකාවට යටින් ඇති කොටස; 23 පි. කොටුවේ 3 ඡේ.; හිතෝ. 25:11.
සතුටින් පිරි ජීවිතයකට මඟ
(ඉංග්‍රීසි සහ සිංහලෙන් ලබාගත හැකියි)
“ලොව වටා මිනිසුන් සතුටින් පිරි ජීවිතයක් ලබාගන්න සෑහෙන වෙහෙසක් දරනවා. ඒ වගේ ජීවිතයක් කවදාහරි ලබාගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?”—29 පි., 6 ඡේ.; 2 පේතෘ. 3:13.
පොළොව මත සදහටම ජීවත් වන්න!
(ඉංග්‍රීසියෙන් පමණක් ලබාගත හැකියි)
“සදාකාල ජීවනය ලබන්න නම් අනිවාර්යයෙන්ම ස්වර්ගයට යන්න ඕන කියලා හුඟදෙනෙක් හිතනවා. ඒත් පොළොව මත සදහටම ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ”—කවරයේ පින්තූරය; එළි. 21:4.
ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද?
(ඉංග්‍රීසියෙන් පමණක් ලබාගත හැකියි)
“ඇත්තටම දෙවි මොන වගේ කෙනෙක්ද කියන එක ගැන මිනිසුන් විවිධ අදහස් දරනවා. අපි විශ්වාස කරන දේ වැදගත් කියලා ඔබ හිතනවාද?”—3 පි., 3, 7-8 ඡේ.; යොහ. 17:3.
සදහටම පවතින දිව්‍ය නාමය
(ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාවෙන් ලබාගත හැකියි)
“‘ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා’ කියලා අපි කරන ස්වාමීන්ගේ යාච්ඤාව හුඟදෙනෙක් දන්නවා. (මතෙ. 6:9) ඒත් අපි ගැලවීම ලබන්න නම් ස්වාමීන්ගේ නම දැනගත යුතුයි කියලා ඔබ දන්නවාද?”—28 පි., 1 ඡේ.; රෝම 10:13.
පාරාදීසය ගෙන එන ආණ්ඩුව
(ඉංග්‍රීසියෙන් පමණක් ලබාගත හැකියි)
“ගොඩක් අය ආසාවෙන් බලාගෙන ඉන්නේ අද අපි මූණ දෙන ගැටලුවලට විසඳුමක් ලැබෙන තුරුයි. මේ ගැටලු විසඳන්න පුළුවන් ආණ්ඩුවක් කවදාහරි එයි කියලා ඔබ හිතනවාද?”—3 පි., 1 ඡේ.; මතෙ. 6:9, 10.
මරණයේදී අපට සිදු වන්නේ කුමක්ද?
(ඉංග්‍රීසියෙන් පමණක් ලබාගත හැකියි)
“අපි ආදරේ කරන අය මිය ගිය විට ඔවුන් ඉන්නේ කොහෙද, ආපහු කවදාහරි ඔවුන්ව දැකගන්න අපිට පුළුවන් වෙයිද කියලා කල්පනා කරන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ ප්‍රශ්න ගැන ඔබ හිතලා තියෙනවාද?”—පිටුපස කවරයේ තිබෙන ප්‍රශ්න; යෝබ් 14:14, 15.
ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට
(ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ලබාගත හැකියි)
“හුඟදෙනෙකුට ඔවුන් ආදරේ කරන අය අහිමි වෙන අවස්ථා තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ විවරණිකාවෙන් මිලියන ගණන්දෙනෙකුට සැනසීමක් සහ බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. අපි මේ විවරණිකාව ඔබටත් දෙන්න කැමතියි. මළවුන්ට බලාපොරොත්තුවක් තිබෙනවාද කියලා ඔබ කවදාහරි කල්පනා කරලා තියෙනවාද?”—27 පි., 3 ඡේ.; යොහ. 5:28, 29.
“තමන් ආදරේ කළ කෙනෙකු මිය ගිය නිසාවෙන් වේදනා විඳින කෙනෙකුව සනසන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරලා තියෙනවාද?”—20 පි., 1 ඡේ.; හිතෝ. 17:17.
ඉදිරිපත් කිරීම් සඳහා යෝජනා ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?
(ඉංග්‍රීසි හා ද්‍රවිඩ භාෂාවලින් ලබාගත හැකියි)
කම්පනයට පත් කරවන සිද්ධියක් පිළිබඳ ආරංචියක් ගැන පැවසීමෙන් පසු ඔබට මෙසේ පැවසිය හැකියි:
“දෙවි ඇත්තටම අප ගැන සලකනවා නම් මිනිසුන්ට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා ඔබ කල්පනා කරලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න.] මේ විවරණිකාවේ ඒ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් දීලා තියෙනවා. ඒ වගේම දෙවි ළඟදීම කරන්න බලාපොරොත්තු වන දේ ගැනත් එහි සඳහන් කරලා තියෙනවා. [27වන පිටුවේ පින්තූර පෙන්වා 22වන ඡේදයෙහි ඇති ගීතාවලිය 145:16 කියවන්න.] මිනිස්සු අද්දකින සියලුම දුක් වේදනා දෙවි නැති කර දමන්නේ කොහොමද? ඊළඟ වතාවේ ආවහම ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මං කැමතියි.” විවරණිකාව ඉදිරිපත් කර, නැවත බැලීමට සැලසුම් යොදන්න.
නැවත බැලීම සඳහා ගිය විට ඔබට මෙසේ පැවසිය හැකියි:
“ගිය වතාවේ ආව වෙලාවේ මම මේ පදය කියෙව්වා. [ගීතාවලිය 145:16 කියවන්න නැතහොත් සඳහන් කරන්න.] ඊට පස්සේ මම මේ ප්‍රශ්නේ ඇහැව්වා: මිනිස්සු අද්දකින සියලුම දුක් වේදනා දෙවි නැති කර දමන්නේ කොහොමද?” ඔහුගේ විවරණිකාව ගේන්න කියලා ඔහුට කියන්න. ඉන්පසු 27-8 පිටුවලට පෙරළා 23-5 ඡේද සලකා බලන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා අසන්න. නැතහොත් ඊළඟ වතාවේ 26-7 ඡේද සලකා බැලීමට සැලසුම් යොදන්න.
**********
නහඹර ප්‍රචාරකයෙකුට හැකියි මෙසේ පවසන්න:
“තව අවුරුදු 10කින් හෝ 15කින් ලෝකය මොන වගේ එකක් වෙයිද කියලා මගේ වයසේ ඉන්න හුඟදෙනෙක් කල්පනා කරනවා. එතකොට අපේ ජීවිත මොන වගේ වෙයි කියලද ඔබ හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] අද තියෙන ගැටලුවලින් පෙනී යන්නේ අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල බවයි. [2 තිමෝති 3:1-3 කියවන්න.] මේ විවරණිකාව මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. [කවරයේ තිබෙන ප්‍රශ්න කියවා, විවරණිකාව ඉදිරිපත් කරන්න.] මම ආසයි ආපහු ඇවිල්ලා ඔබට වෙලාව තියෙනවා නම් අසනීප සහ මහලු වයස නැති වෙන්නේ කොහොමද කියලා කියන්න. ඒකෙන් ඔබට දිරිගැන්වීමක් ලැබෙයි.” නැවත බැලීමකට සැලසුම් යොදන්න.
ඔබ නැවත ගිය විට මෙසේ පැවසිය හැකියි:
“ගිය වතාවේ අසනීප සහ මහලු වයස නැති වෙන්නේ කොහොමද කියලා ඔබට පැහැදිලි කරන්නම් කියලා මං කිව්වා. ඒ කාරණය ගැන මෙතන සඳහන් කරලා තියෙනවා.” ඔහුගේ විවරණිකාව රැගෙන 23-4 පිටුවල තිබෙන 6-7 ඡේද කියවා සාකච්ඡා කරන්න. ඊළඟ වතාවේදී 8-9 ඡේද සලකා බැලීමට සැලසුම් යොදන්න.
**********
දරුවෙකු සමඟ වැඩ කරන විට වැඩිහිටියෙකුට හැකියි දෙදෙනාව හඳුන්වා දී මෙසේ පවසන්න:
(දරුවාගේ නම) කැමතියි ඔබට ශුද්ධ ලියවිල්ලෙන් පදයක් කියවන්න. [දරුවා ගීතාවලිය 37:29 කියවා කෙටි අදහසක් ඉදිරිපත් කරයි.] දෙවි මිනිසා සහ පොළොව සඳහා අරමුණු කරලා තියෙන දේ ඉටු කරන ආකාරය මේ විවරණිකාවේ පැහැදිලි කරලා තියෙනවා. [24-7වන පිටුවල පින්තූර පෙන්වන්න.] අපි ආපහු ආවහම නැවත නැඟිටීම ගැන බයිබලයේ දීලා තියෙන මවිතාකාර පොරොන්දුව ඔබට පෙන්වන්න මම කැමතියි.” විවරණිකාව ඉදිරිපත් කර නැවත බැලීම සඳහා සැලසුම් යොදන්න.
නැවත ගිය විට වැඩිහිටියාට හැකියි මෙසේ පවසන්න:
“ගිය වතාවේදී අපි ගීතාවලිය 37:29 ඔබට කියෙව්වා. නැවත නැඟිටීමක් ගැන බයිබලයේ දීලා තියෙන මවිතාකාර පොරොන්දුව ගැන කියන්නම් කියලාත් මම කිව්වා. මෙතන සඳහන් කරලා තියෙන දේ බලන්න.” ඔහුගේ විවරණිකාව රැගෙන එන්න කියා, 24-5 පිටුවල 12-14 ඡේද සලකා බලන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිදැයි විමසන්න. නැතහොත් ඊළඟ වතාවේදී 15-16 ඡේද සලකා බැලීමට සැලසුම් යොදන්න.
ඉදිරිපත් කිරීම් සඳහා යෝජනා ජීවිතයේ අරමුණ කුමක්ද—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?
(ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ලබාගත හැකියි)
නිවැසියාට ආචාර කළ පසු, මෙසේ පැවසිය හැකියි:
“අද ප්‍රශ්න ගැටලු හා සිත්තැවුල්වලින් මිනිසුන්ගේ ජීවිත පිරිලා. අපට ජීවිතයක් ලැබිලා තියෙන්නේ මේ විදිහට ගත කරන්නද? [පිළිතුරු දීමට ඉඩ දෙන්න.] මිනිසුන් හා පොළොව සඳහා දෙවිට තිබූ මුල් අරමුණ ඉටු වෙන බව මෙම විවරණිකාවේ පෙන්නුම් කරනවා. [20-21 දක්වා පිටුවල තිබෙන පින්තූරය ගැන සාකච්ඡා කරන්න. ඉන්පසු 9වන ඡේදය කියවා යෙසායා 14:24 සහ 46:11 පැහැදිලි කරන්න.] දෙවි නැවත පොළොව පාරාදීසයක් බවට පත් කරන ආකාරය ගැන බයිබලයේ සඳහන් වන දේ මම ඊළඟ වතාවේදී පෙන්වන්නම්.” විවරණිකාව ඉදිරිපත් කර නැවත බැලීමට සැලසුම් යොදන්න.
නැවත ගිය විට, මෙසේ පැවසිය හැකියි:
“දෙවිගේ අරමුණ වන්නේ මිනිසා පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීම කියලා ගිය වතාවේදී මම කිව්වා. [20 සහ 21 පින්තූරය නැවතත් පෙන්වන්න.] යේසුස්, පේතෘස් හා දාවිත් පාරාදීසය ගැන කතා කරලා තියෙනවා.” ඔහුගේ විවරණිකාව ගේන්න කියන්න. ඉන්පසු පිටු 21-22ට හරවා ඡේද 10 සිට 13 දක්වා සලකා බලන්න. බයිබලය පාඩම් කරන්න කැමතිද කියා අසන්න. නැතහොත් ඊළඟ වතාවේදී පිටු 29 සහ 30හි ඇති උපමාතෘකාවක් සලකා බැලීමට සැලසුම් යොදන්න.
**********
නහඹර ප්‍රචාරකයෙකුට හැකියි මෙසේ පවසන්න:
“මගේ වයසේ ඉන්න හුඟදෙනෙක් අනාගතය දිහා බලන්නේ අවිනිශ්චිතවයි. අපෙන් පස්සේ ඉන්න පරම්පාරවේ ජීවිත මීට වඩා හොඳ වෙයි කියලා ඔයා හිතනවාද? [පිළිතුරු දීමට ඉඩ දෙන්න.] සියලුම මිනිසුන්ට දීප්තිමත් අනාගතයක් තිබෙනවා කියලා බයිබලයේ පවසනවා. [විවරණිකාවේ 31වන පිටුවේ පින්තූරය පෙන්වා එහි ලියා තිබෙන දේ කියවන්න. ඉන්පසු 2 පේතෘස් 3:13 කියවන්න.] දෙවි මිනිසා වෙනුවෙන් සූදානම් කර තිබෙන ආශීර්වාද ගැන මෙම විවරණිකාවේ විස්තර කර තිබෙනවා. [29-30 දක්වා පිටුවල තද කලු අකුරින් තිබෙන උපමාතෘකා විස්තර කරන්න. ඉන්පසු විවරණිකාව ඉදිරිපත් කරන්න.] මම කැමතියි නැවත ඇවිල්ලා යුද්ධ සම්පූර්ණයෙන්ම නැවත්වීමට දෙවි දී තිබෙන පොරොන්දුව ගැන ඔයත් එක්ක කතා කරන්න.” නැවත බැලීමකට සැලසුම් යොදන්න.
නැවත ගිය විට මෙසේ කිව හැකියි:
“ගිය වතාවේදී මම පොළොව නැවත පාරාදීසයක් කරන්න යනවා කියන දෙවිගේ අරමුණ ගැන කෙටියෙන් කතා කළා. [නැවත 31වන පිටුවේ පින්තූරය පෙන්වන්න.] යුද්ධ නැවැත්වීමට දෙවි දී තිබෙන පොරොන්දුව ගැන ඔයාට මොනවාද හිතෙන්නේ කියලා දැනගන්න මම කැමතියි.” නිවැසියාගේ විවරණිකාව රැගෙන එන්න කියා 29වන පිටුවේ 3-6 දක්වා ඇති ඡේද කියවා සාකච්ඡා කරන්න. ඊළඟ නැවත බැලීමේදී 7 සහ 8 ඡේද සාකච්ඡා කිරීමට සැලසුම් කරන්න.
**********
දරුවෙකු සමඟ සේවයේ යෙදෙනවා නම් වැඩිහිටි කෙනාට හැකියි දෙදෙනාව හඳුන්වා දී මෙසේ පවසන්න:
“________ (මේ දරුවා) කැමතියි ඔබට පින්තූරයක් පෙන්වලා බයිබල් පදයක් කියවන්න. [දරුවා 31වන පිටුවේ ඇති පින්තූරය පෙන්වා තද අකුරින් ඇති දේ කියවයි. ඉන්පසු එළිදරව් 21:4 කියවයි.] අද අපි මුහුණ දෙන ප්‍රශ්නවලට දෙවි කරන්න යන්නේ මොනවාද කියලා මෙම විවරණිකාවේ පැහැදිලි කරලා තියෙනවා. [29-30 දක්වා පිටුවල ඇති උපමාතෘකා කෙටියෙන් විස්තර කර විවරණිකාව දෙන්න.] සෑම අසනීප තත්වයක්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. අපි නැවත ආවාම මම ඒ ගැන කියන්නම්.”
නැවත බැලීමට ගිය විට වැඩිහිටි කෙනාට මෙසේ පැවසිය හැකියි:
“මම පසුගිය වතාවේදී කිව්වා සෑම අසනීප තත්වයක්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා, ඒ ගැන බයිබලයේ සඳහන් වෙන දේ පෙන්වන්නම් කියලා. මෙහි කියන දේ ගැන බලන්න.” ඔහුගේ පිටපත රැගෙන එන්න කියන්න. ඉන්පසු 29වන පිටුවේ 9-14 දක්වා ඡේද සලකා බලන්න. බයිබල් පාඩමක් ඉදිරිපත් කරන්න. නැතහොත් ඊළඟ වතාවේදී 15-17 දක්වා ඡේද සලකා බැලීමට කටයුතු සැලසුම් කරන්න.
ක්‍රිස්තියානීන් නොවන අයට සුදුසු විවරණිකා සදාකාල සාමය හා සන්තෝෂය—සොයාගන්නා අයුරු
(ඉංග්‍රීසියෙන් පමණයි තිබෙන්නේ)
චීන ජාතික ශිෂ්‍යයෙකුට සාක්ෂි දරද්දී ඔබට මෙසේ පැවසිය හැකියි:
“හැම ශිෂ්‍යයෙක්ම කැමතියි සාමය සහ සන්තෝෂය ලැබෙනවා නම්. මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔයා හිතනවාද? [පිළිතුරු දීමට ඉඩහරින්න.] පුරාණයේ ලියා තිබෙන මේ වචන ඉටු වෙනවා දකින්න ලැබෙනවා නම් මොනතරම් සතුටක්ද?” ගීතාවලිය 37:11 කියවන්න. විවරණිකාව ඉදිරිපත් කරන්න.—km 2/98 4 පි
“බලව මම සියල්ල අලුත් කරමි” (ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාවෙන් ලබාගත හැකියි)
බෞද්ධ වැඩිහිටියෙකුට මෙසේ පැවසීමට ඔබට හැකියි:
“අද බහුලව තිබෙන පහත් අදහස් උදහස් අපේ දරුවන්ට මොන වගේ බලපෑමක් ඇති කරනවාද කියා මම වගේම ඔබත් සැලකිලිමත් වෙනවා ඇති. අද යෞවනයන්ගේ සදාචාරය එන්න එන්නම පිරිහෙන්නේ ඇයි? [පිළිතුරු දීමට ඉඩහරින්න.] මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු ආගම් බිහි වෙන්නත් කලින් ලියපු පොතක මේ ගැන පුරෝකථනය කරලා තිබුණ බව ඔබ දැනගෙන හිටියාද? [2 තිමෝති 3:1-3 කියවන්න.] මොන තරම් දැනුමක් මිනිස්සු ලබාගෙන තිබුණත් තවමත් මේ වගේ තත්වයන් පවතිනවා. [7වන පදය කියවන්න.] හුඟදෙනෙකු කවදාවත් ඉගෙනගන්නේ නැති සත්‍යයක් ඉගෙනගන්න මට මේ පොත උපකාර කළා. ඔබ කැමතිද මේක කියවලා බලන්න?”—km 8/99 8 පි
අපේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද? (ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාවෙන් ලබාගත හැකියි)
යෞවන හින්දු භක්තිකයෙකුට මෙසේ පවසන්න ඔබට හැකියි:
“ඔයා දෙවිව විශ්වාස කරන බවට කිසි සැකයක් නැහැ. අපි ගැන දෙවිට තියෙන්නේ මොන වගේ අරමුණක් කියලාද ඔයා හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු උත්පත්ති 1:28 කියවන්න.] හුඟක් ස්ථානවල ජනගහනය අධික වෙලා තියෙනවා විතරක් නෙවෙයි ප්‍රශ්න ගැටලුවලිනුත් පිරිලා තියෙනවා. ඔයා හිතනවාද මැවුම්කරු අපේ ප්‍රශ්න විසඳගන්න අපට උපකාර කරන්න කැමති වෙයි කියලා?” ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු විවරණිකාව ඉදිරිපත් කරන්න.—km 9/99 8 පි
දෙවිගේ මඟ පෙන්වීම—පාරාදීසයට අපව ගෙන යන මඟ (ඉංග්‍රීසි හා ද්‍රවිඩ භාෂාවෙන් ලබාගත හැකියි)
මුස්ලිම් භක්තිකයෙකුට කතා කරන විට ඔබට මෙසේ පැවසිය හැකියි:
“මුස්ලිම් භක්තිකයන්ට කතා කරන්න මම විශේෂ වෑයමක් දරනවා. මුස්ලිම් අය එකම සැබෑ දෙවි කෙනෙකු කෙරෙහිත්, ප්‍රොපේතවරුන් සියලුදෙනාම කෙරෙහිත් විශ්වාස කරනවා කියලා මට හිතෙනවා. ඒක ඇත්තද? [පිළිතුරට ඉඩහරින්න.] පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය වෙනවා කියලා පුරෝකථනය කරලා තියෙන පුරාණ අනාවැකියක් ගැන ඔබ එක්ක කතා කරන්න මම කැමතියි. ප්‍රොපේතවරයා ලියපු දේ මං ඔබට කියවන්නද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු යෙසායා 11:6-9 කියවන්න.] කුරානයේ ලියා තිබෙන දෙයක් ගැන හිතන්න මේ අනාවැකිය මාව පොලඹවනවා. ඒ ගැන මේ විවරණිකාවේ සඳහන් වෙනවා.” නවවන පිටුවට පෙරළා තද කලු අකුරින් උපුටා දක්වා තිබෙන කොටස කියවන්න. උනන්දුවක් දක්වනවා නම් අනෙක් පිටුවේ ඇති 7-9 ඡේද සාකච්ඡා කරමින් සංවාදය දිගටම ගෙන යන්න.—km 11/99 8 පි
ප්‍රේමයෙන් හා සත්‍යතාවෙන් අප දෙවිට නමස්කාර කළ යුත්තේ මන්ද? (ඉංග්‍රීසියෙන් පමණයි තිබෙන්නේ)
මෙම ඉදිරිපත් කිරීම දරු පවුලක් සිටින කෙනෙකුගේ උනන්දුවට ලක් විය හැකියි:
“අද දින බොහෝ රටවල සිටින අයගේ පවුල් ජීවිතවලට සිදු වෙලා තියෙන දේ ගැන සැලකිලිමත් වෙන අයව හමු වෙන්න මම කැමතියි. ඔබ හිතන විදිහට, පවුලක එකමුතුකම රැකගන්න මොනවද කරන්න ඕන? [පිළිතුරට ඉඩහරින්න.] පවුල් ජීවිතය ගැන හින්දු ආගමේ ලියවිලිවල තියන දේ සමහර අය දන්නවා. මේ ගැන බයිබලයේ කියන දේ එක්ක ඒක සන්සන්දනය කරන්න ඔවුන්ට කවදාවත් අවස්ථාවක් ලැබිලා නැහැ. මේ කරුණ ගැන ඔබට පෙන්වන්න මම කැමතියි. [කොලොස්සි 3:12-14 කියවන්න.] ඉන්දියාවේ ලියවිලි සහ බයිබලයේ කියන දේවල් ගැන මෙම විවරණිකාවේ පැහැදිලි කර තිබෙනවා.” විවරණිකාව ඉදිරිපත් කර 8-9 සහ 20-21 පිටුවල තිබෙන දේ පෙන්වන්න.—km 9/99 8 පි
යුද්ධ නැති ලොවක් කවදා හෝ උදා වේවිද? (ඉංග්‍රීසියෙන් පමණයි තිබෙන්නේ)
යුද්ධය නිසා පීඩා විඳින කෙනෙකුට සාක්ෂි දරන විට ඔබට මෙසේ පැවසිය හැකියි:
“අපි ආදරය කරන අය මිය යන කොට දැනෙන වේදනාව කොයිතරම්ද කියලා අපි කවුරුත් අද්දැක තිබෙනවා. අපි මැරුණාම අපට මොනවාද වෙන්නේ කියලා ඔබ කල්පනා කර තිබෙනවාද?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විවරණිකාවේ 22වන පිටුවේ ඇති “මරණින් පසු ජීවිතයක් ඇද්ද? යන කොටුව පෙන්වන්න. නැවත නැඟිටීම ගැන 23වන පිටුවේ 17වන ඡේදය කියවන්න. කුලදෙටුවෙකු වූ යෝබ්ට නැවත නැඟිටීම ගැන බලාපොරොත්තුවක් තිබුණ බව සඳහන් කරන්න. විවරණිකාව ඉදිරිපත් කරන්න. දාහත්වන ඡේදයේ අන්තිමට සඳහන් වන බයිබල් පද ගැන සාකච්ඡා කිරීම සඳහා නැවත යෑමට සැලසුම් යොදන්න.